අහිමි | Ahimi by Jithma Kamburugamuwa [2020]

Sinhala song lyrics with music notes illustration

පැතුවාට මේ සසරේ නුඹ මට හිමිවෙන්නේ නෑ
හිතුවට නුඹ ළඟ නැතිව මට දුර යන්න බෑ

අහුලන්න පුළුවන්ද තව කඳුළු ඇස් දෙකට
උහුලන්න බැරි තැන්වලත් හිටියා අපි එකට
අපි අයිති නෑ කියලා දැනගෙනම ලංවුණාට
දවසක හඬයි කියලා මම කිව්වා මතකයිද

හාදුවක් ඉල්ලලා රණ්ඩු වුණු ඒ දවස්
ආයෙමත් එන්නේ නැති හැඩයි
වෙන්වෙන වෙලාවටම මේ හැටි උණුසුමක්
හිතට දැනෙන එක වේදනයි

පැතුවාට මේ සසරේ නුඹ මට හිමිවෙන්නේ නෑ
හිතුවට නුඹ ළඟ නැතිව මට දුර යන්න බෑ

තරු ගැනලා නිම වෙන්නේ නැති බව දැන දැනත්
අහසටම පෙම් කරපු එකනම් මගේ පවක්
අත අල්ලා නවතන්න මට ඔබේ බැරිවුනත්
මුළු හිතම නුඹේ වෙච්ච දවසක් තමයි අදත්

ලං වෙන්න ලං වෙන්න හීන හරි දුරයි
ආදරේ කියන්නේ නොලැබෙන දේම හිත පතුලේ සැඟවෙන එකයි
දවසක සැනසෙන්නේ නුඹ ළඟ තමයි
ආදර කතාවල අවසානය ම දුකයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply