අංගම් කෙළිය | Angam Keliya by Pabalu Wijegoonawardane

Sinhala song lyrics with music notes illustration

දිනකර මණ්ඩල සහස්‍ර චමුඛපති නුබ ගැබ දිරි දිරි පන්නාපං
කමලිත පුෂ්ප පුදම් යකු දිෂටි වරම් ගත සලිත කරන් මාරං
අතට ගතිය අවිය සුවිරු තබන තබන පයට රුදුරු මතුට මතුට මකුට සරිය අවි දල්වම්
බැන්දෙන් රැහැන් පොට ගිල්වා මකර කට බින්න රකින උන මකවාපං

දිවියා කෙළින තැන අංගම් මැඩිල්ලයි නාඩි උලුප්පන පැති පහරයි
තුනඟුල මැන ඇන උරපතු මැද නිල මරු විකලෙට පෙර තුන් වරුවයි
වමට බරව දකුනු පයට රැගෙන විරිය කරව ප්‍රලය නෙතට පහර කනට සුලිය මුෂ්ටි තුනයි
නාග මුවේ රැකි නා මිණි විලසේ පිටට නොදෙවු තද මාරණයයි

යක්ෂ ප්‍රචණ්ඩ මහා බල ත්‍රී මුඛ තුන්බෑ කොන්තය වමත දරවු
ජයසෙන් ගිනි අලගුව මතුලේ තිස් එක් වර විස බැඳ ප්‍රාණ වරං
දියත දිදුල වෙසමුනි වර පැතලි ගිනියමේ නැහැ බල මුෂ්ටි දිෂ්ටි කරවන බල බිඳ බුද්ධ වරං
සත්තයි මෙ මං රකිනා ඉටු දෙයියෝ පල්ලා දොස නැත මා අතනම්

නව නර කාලං නව මහ අංගම් සොලොස් වට පිනුම් අත් හිර පා හිර
තුන් වරු සත් වරු යාම තුනේ මරු දෑලේ බැන්දුම් සැනෙකින් දුරු කර
කෙරුවේ දිවුරුම් දෙන්න ට රැකවල බුද්ධ ධම්ම සඟ පන දෙවැනිව රැක
හතර වරම් දෙවියෝ රකු මා පන හරවා පහරින් එකුන් සියක් නිල

මහසෙන් භූපති රාවන යකුපති සියොලඟ දොස් හැර දෑස් රකින්නේ
සිද්ධ සූනියම් ගම්බර දෙවු සකි නිතින් දිවැස් ලා බාහු රකින්නේ
කඩවර කම්බිලි එසැඩ යකුන්නේ සමා වෙලා මා දෙපා රකින්නේ
අංගං කාලං වෙඩිසැර දුර හැර සත් පියවර ගිය තැන ජය දෙන්නේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply