ආයෙත් රැවටෙන්න බෑ | Ayeth Rawatenna Ba by Surendra Perera

Sinhala song lyrics with music notes illustration

ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ
පාළුයි ඉවසන්න බෑ කම්නෑ තවමින් සිතුම්
කොහේදෝ තරහා වී ගියේ නම් මුලා වී
ආයෙත් ඔබ ඕනෑ නෑ
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ

අහසේ තාරුකා තරම් ආදරේයි කියා
මැව්වනේ පෙම් මාළිගාවන්
අහසේ තාරුකා තරම් ආදරේයි කියා
මැව්වනේ පෙම් මාළිගාවන්
පයට පෑගෙන දුහුල්, දුහුල් මීදුමක් ලෙසින්
බිඳ දැම්මේ නුඹමයි සිනා
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ

නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනේ තනි වී එදා මා
නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනේ තනි වී එදා මා
කඳුළු උහුලනා තරම් අතරමං වෙලා නෙතින්
ඇහුණා ද ළඳුනි එදා

ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ
පාළුයි ඉවසන්න බෑ කම්නෑ තවමින් සිතුම්
කොහේදෝ තරහා වී ගියේ නම් මුලා වී
ආයෙත් ඔබ ඕනෑ නෑ
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply