in #GoHomeGota2022, Surendra Perera

ඇයි ද මන්දා | Ai Da Manda by Surendra Perera

ඇයි ද මන්දා දෑස් හංගා නිහඩ වී ඔබ ඉන්නවා
හීන කැන්දා දුන්නු හින්දා ඉන්න බැහැ මං ළංවෙලා
නින්ද නැහැ අප වින්ද පෙම ගැන හිතනවා මුළු රැය පුරා
දැනෙනවානම් ඔබට මේ දුක ඉන්නේ නෑ තව සැඟවිලා

හිත රතු කඳුලැලි සඟවා නෙතු අග නුඹේ රුව රැදුනා
අප පෙම් සෙනෙහස බිඳ දාලා නුඹ වෙනතක සුව වින්දා
ඉන්න බෑ මේ දුක දරා වෙනුවුනේ ඇයි කියා කිව්වේ නෑ නුඹ එදා

ඇයි ද මන්දා දෑස් හංගා නිහඩ වී ඔබ ඉන්නවා
හීන කැන්දා දුන්නු හින්දා ඉන්න බැහැ මං ළංවෙලා
නින්ද නැහැ අප වින්ද පෙම ගැන හිතනවා මුළු රැය පුරා
දැනෙනවානම් ඔබට මේ දුක ඉන්නේ නෑ තව සැඟවිලා

සිහින පෙනුනත් ඔය යන එන සුවඳ නෑ රැදිලා
ආදරෙන් මට තුරුළු වී ළඟ තනි කලා පෙරදා
ඉන්න බෑ මේ දුක දරා වෙන්වුනේ ඇයි කියා කිව්වේ නෑ නුඹ එදා

ඇයි ද මන්දා දෑස් හංගා නිහඩ වී ඔබ ඉන්නවා
හීන කැන්දා දුන්නු හින්දා ඉන්න බැහැ මං ළංවෙලා
නින්ද නැහැ අප වින්ද පෙම ගැන හිතනවා මුළු රැය පුරා
දැනෙනවානම් ඔබට මේ දුක ඉන්නේ නෑ තව සැඟවිලා

banner

Leave a Reply