in #GoHomeGota2022, Surendra Perera

අපේ වෙලා | Ape Wela by Surendra Perera

අපේ වෙලා දුර ගමනක් යන්නට
කතා කරනවා ඇහුණා
මගේ වෙලා ළඟ ඉන්න අහද්දී
ආඩම්බර හිත රිදුණා
මං ඇඳි රුවෙ නැති මගේ හිත අරගෙන
ඔයා ඇවිත් ළඟ රැඳුණා
දරාගන්න බැරි ආදරේ හින්දම
ආයෙත් එන්නම හිතුණා

කියාගන්න බැරි ආදරයක් හිත
හැංගිලා තිබුණා අපේ වෙලා
අහස අඬද්දී දුක හිතුනෙම නැති
හිත ඇයි ඔච්චර වෙනස් වෙලා

හුස්ම වැටෙන තුරු ළඟින් ඉන්න තව
හිතත් කියනවා මතක් වෙලා
හිතාගන්න බැරි ආදරයක් ළඟ
ඔයා මගේ හිත වෙනස් කළා

banner

Leave a Reply