අපේ වෙලා දුර ගමනක් යන්නට
කතා කරනවා ඇහුණා
මගේ වෙලා ළඟ ඉන්න අහද්දී
ආඩම්බර හිත රිදුණා
මං ඇඳි රුවෙ නැති මගේ හිත අරගෙන
ඔයා ඇවිත් ළඟ රැඳුණා
දරාගන්න බැරි ආදරේ හින්දම
ආයෙත් එන්නම හිතුණා
කියාගන්න බැරි ආදරයක් හිත
හැංගිලා තිබුණා අපේ වෙලා
අහස අඬද්දී දුක හිතුනෙම නැති
හිත ඇයි ඔච්චර වෙනස් වෙලා
හුස්ම වැටෙන තුරු ළඟින් ඉන්න තව
හිතත් කියනවා මතක් වෙලා
හිතාගන්න බැරි ආදරයක් ළඟ
ඔයා මගේ හිත වෙනස් කළා