රළු නෙතු | Ralu Nethu by Iman Fernando ft. DILU Beats

මතකෙක පැටලෙනු පෙර හාද කම්
ඔය රතු තොල් මගෙ වෙනවානම්
ඔබ ළඟ නැලවුනු පෙම ඈත නම්
තව ළං වෙන්නට හිතුවා මං

තෙත වැහි බිඳු හිත හදලා ගියත්
ඔය රළු නෙතු හරි අවදානම්
හමුවුනු තැන ඔය රුව ලඟ ඉඳන්
තව ඉන්නට කළ කුරුමානම්

හිතයට පාරන වේදනා
නිතරම ඈ ළඟ නෑසෙනා
කුමටද මට වාරණා
හඳුනන ආලෙම ගෑවෙනා

ඈ ගෙන් වින්ද ආදරේ
ඔය දෑතින් රැගෙන ඈතට ඇවිදන්
බෑ තනිවෙන්න මේ රැයේ
සොයාන එන්න මේ සැඳෑවේ

දෑසින් කතා කලේ
හැම පාරම ඔය දෙතොල් ලඟ නැවතෙනු
බෑ ඉවසන්න මා ළයේ
සදා රැඳෙන් ලියූ කතාවේ මා

උණුහුම රැඳි තතු මම නෙතු පියන්
හැම රැයකම ළඟ තැබුවා නම්
හද ලුහුබැඳි පෙම අග මතකයෙන්
තව තව නුඹ දෙස බැලුවා මං

තනිවුනු හදවත ඔබගෙන් තරම්
කෙලෙසක විඳිනුද මල්වාරම්
උහුලනු බැරි කඳුලට තිත තියන්
හැම දවසක නුඹ හිටියා නම්

written by Iman Fernando

චාරිකාවක් | Charikawak by Mihiran, Dilu Beats, Ramidu & Iman

කාසි නොමැති අත් වල හැමදාම බැඳුනෙ පාසි
ලොක්කො කවදත් හාන්සි පොඩි උන්ට නෑනෙ වාසි
ෂෝට ළඟදි ගෝරි කොට ගවුමට නැති නීති
කිරලා මැනලා ගන්න බරට තම්බපණ්ණි භීති

එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
දෙන්න යන්නෙ දරන්න බැරි ධාරිතාවක්
එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්
අපි සද්ද වහලා හොඳම සැපක් දාමු මල්ලී

ඉඩම් කඩම් පවුල් උකස් තියලා සූදු අස්සේ
මුළු සේසතම අරගෙන ගෘහ මූලිකයින් බැස්සේ
පාර අයිනෙ දවස ගානෙ දිග පෝලිම් දැක්කේ
තැබෑරුමට පුදපු සල්ලි කාවද බං රැක්කේ

උන් දන්නේ නැහෙන්න
ලෝකෙ හැල්මේ දුවන්න
කාටවත්ම ඕනේ නෑ අද්විතීය වෙන්න අද කාලේ
එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්

එන්න යන්න අපිත් එක්ක චාරිකාවක්…

සද්දෙට අඩිය තියන්නත් බයයි හිත් පෑරෙයිද
දිලූ අපිට ගෙදර යන්න රෑ වෙයිද
එහෙනම් රමියා උතුර දකුණ යා කරමු වතාවක්
ඉමා පොඩි ඉඩක් දියං මට
මේක කියන්නම ඕන කතාවක්
ඇමති පුතු ජපානෙ අට පාස් කොල්ලා ලැග්ගෙ ගරාජෙ
වත්කම් දැක්කම දෙකට නැවෙනවා ඔන්නෝකයි තත්වෙ අද සමාජෙ
නහින දෙහින කාලේ ඉරිසියාව මොටද රාලේ
උඹට වදන් දෙන්න දාහක් දෙනා ඇති ඒත් අත දෙන්න ඉන්නෙ එකයි
ඌව රැකපං මචං අනුන්ගේ ගෑස් හරි ගණන්
රෑ වැටුණ වලේ දවාලෙත් වැටෙන්නෙපා ගිහින් අහක බලන්

පරම රමණී හේ..
කියාන ආදරේ ළඟදි හේ..
පුතාණො කෙල්ලන්ට නැවෙන නැවිලි දැකලා
අම්මට හිනා ගියේ හේ..
බොරුව දැන් ඇති නේ
බිමට එන්න කල් හරි වගේ
ලෝකෙට පෙන්නන මූණ තරම් කාගෙවත් හිත
සුන්දර නැහැ නේ හේ..

එන්න යන්න අපිත් එක්ක චාරිකාවක් //

written by Mihiran

පාළු යාමේ | Paalu Yaame by Iman Fernando [2023]

මහ සයුරක් නම් ඔබ රැලි මවනා
හැමතැනකම අලුතෙන් රස පිරෙනා
පෙම් තනුවක
ඇලවුන හිත
ආ මග සොයලා

ඔය උණුහුම් දියරැල් සුව විඳිනා
නැවියෙකි මම අතරක මං සොයනා
දෙනවද මට
ඔය හිත ගැන
සිතියමකින් අඳලා

ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා

මා සොඳුරිය ආයෙත් පේන මානේ
මෙ තනි හිත තාමත් පාළු යාමේ
තනිව මදුවිතකින් ඈට යාවේ
හිතෙන් බර අල්පයක් තියලා

මා හද පෙර දා මෙන් ආව පාරේ
ඇ තනියම නාවත් කාරි නෑනේ
මෙ කිම කඳුළැල් මා දෑස මානේ
හැඟුම් දුර කල්පයක් යවලා

රිදුමන් වැහි පොදකින් පිසදමලා
සැරිසරන්න සැනෙකින් සිප ගෙන මා
කිම ඔය මුව
සඟවා නුඹ
වෙනතක හැරිලා

මෑත දුටුවිට ඈත යන සඳ ළා දෙනෙත් සඟවා
දෑස ලඟදිම නාව කඳුළට ආ දුකත් හරවා

මා සොඳුරිය ආයෙත් පේන මානේ…

මා හද පෙර දා මෙන් ආව පාරේ…

ආදරේ දුර ඈත හෙව්වට නෑ මමත් දැකලා(නෑ මමත් දැකලා)
ඒ සැනින් මම ඈව දැක්කම ආදරේ දුටුවා

මා සොඳුරිය ආයෙත් පේන මානේ…

මා හද පෙර දා මෙන් ආව පාරේ…

written by Iman Fernando

හංගන්නද | Hangannada Adare by Iman Fernando ft. Dilu Beats

සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව
මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා…
ප්‍රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා…

ඔබ ගාව නවතින චේතනා
මුදු හීන ලෝකෙක පා කලා
ඈත යනවද පාවෙලා
මම නෑ ඔබෙන් මිදිලා..

දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා…

මා ළඟින් සැනසීලා , හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නද අශා
ඔබ හා මා බැඳෙනා..

කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
නොම බාධා අප හා…

සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද
ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා..
රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද
පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා…

ඔය හාදු මං ගාවින් තියා
ළං වී හිඳින්නද රෑ පුරා
මා සිතින් ඇඳෙනා නුරා
හද නෑ තවත් සනසා…

දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා…

මා ළඟින් සැනසීලා , හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නද අශා
ඔබ හා මා බැඳෙනා..

කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
නොම බාධා අප හා…

written by Iman Fernando

අපෙ කතාව | Ape Kathawa by Iman Fernando [2022]

බෝමයි කියන්න දේවල්
ඔබ නොදකින පැතිකඩවල්
හිතන්න ඉඩ නෑ හැගුමන්
කියන්න දේවල් තියලා

මතකය ගෙනෙනා රිදුමන්
අමතක වී මට මාවත්
වසන්ත කාලය ඔබ නම්
තව දුරටත් මගෙ නොවනා

ආදරෙ කියා ඈතටම වී ඔබ
මා හැර දමා වෙනතකට ගිය සැටි
මා සොයනවා තාම ඒ පැනයෙම
මා සිරවෙලා විසදුමක් නෑ

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැදෙන්න
ඒ සිහිනයෙ මා සිර කරන්න…//

මතකේ සොදුරු නවාතැන්
මකන්න මට හැකි වුනිද?
හීනෙන්වත් එනවානම්
ඇහැරෙන්නැතුවම ඉන්න

ඔබ දුන් ආදරෙ කෝ දැන්
එය දැන් මට අයිතියි ද?
ඔහුගේ ආදර කවියෙන්
මන් ගැන දැනුනෙම නැද්ද?

ආදරෙ කියා ඈතටම වී ඔබ
මා හැර දමා වෙනතකට ගිය සැටි
මා සොයනවා තාම ඒ පැනයෙම
මා සිරවෙලා විසදුමක් නෑ.

අපෙ කතාව දුකක්ද කියන්න…

අපෙ කතාව දුකක්ද කියන්න
මගෙ හිත මට ආපහු තියන්න
ඔය පහසම තුල මට රැදෙන්න
ඒ සිහිනයෙ මා

අපෙ කතාව දුකක්ද කියන්න…//

written by Iman Fernando