in DILU Beats, Iman Fernando

හත් පෙති මල් | Hathpethi Mal by Iman Fernando ft. Dilu Beats [2025]

හත් පෙති මල් වාගේ
මල් වාරේ නැතුවත්
මාව සොයලා

තහනම් ඔය ආලේ පහසක් දීලා
අවසන් පෙම මාගේ අඩමානේ හැගුමක්
ගාව තියලා
තහනම් අගනාවේ ඇයි ලංවීලා

හත් පෙත්තෙන් එකක් ඉල්ලා
රොන් සුවඳක් හොරෙන් වින්දා
මල් රොන්‍ රස වැඩිද මන්දා
නුඹ පරවෙන්නත් ළඟ නිසා

මද සුලගක් අතින් අල්ලා
සමුදෙන්නට කලින් දන්වා
මල්පෙත්තක නුබව හංගා
දෙනවද මාරුතේම ඈතට අරගෙන

ළඟ පිපුනට ඈ තව දුර බව දැණුනේ නම් නෑ
දුර පිපුනම තව හැඩ නුඹ නැතුවත් කම් නෑ
මල් පෙති අග මා තනි උන බව හිතුවේ නම් නෑ
නුඹ හැර වෙන මල් සුවඳක් අඳුනන්නේ නෑ… //

කලු ආකහේ අද
දේදුනු මල නුඹ
වාගේ නම් නෑනේ

කොදුරා මගේ බව නෑ
සුළග සමග ආවේ ආයේ

හත් පෙත්තෙන් එකක් ඉල්ලා…

මද සුලගක් අතින් අල්ලා…

written by Iman Fernando

Leave a Reply