දෑසම රිද්දන | Dasama Riddana by Rookantha Gunathilaka ft. Nelu Adikari

දෑසම රිද්දන
හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම
මේ යන රන් ළන්දා..
කිව්වා නාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙලනවා..
මේ හැටි ලස්සන රූ වරුණාවට
ඉබේට නැවතුන, හිටි පාදෙම
ඔය කී රූ වරුණා..
මා ගැන නම් ඒ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා..

මල් පෙති වාගෙ පාද රිදේ දෝ
බොරළු පයේ ඇනිලා..
මා ගැන මන්දෝ මේ අනුකම්පා
හිතට දුකක් දැනිලා..
ආලේ කුසුමෝ මා හිත පිපිලා
සුවඳ හමනු දැනුනා..
දෑසම රිද්දන
හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම
මේ යන රන් ළන්දා..
මා ගැන නම් ඒ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා..

පේර ද නාරං බෝවිටියා දං අපට කඩා දෙයිදෝ..
බුරුතු පිටින් මා වාරෙ අවාරෙ
නෙළාන එන්නම්දෝ..
මේ ගුරු පාරේ මේ නෙතු ආයේ
හෙටත් සිනාසේදෝ..
දෑසම රිද්දන
හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම
මේ යන රන් ළන්දා..
කිව්වා නාහන මේ මගෙ දෑසම
ඇසිපිය නොහෙලනවා..
මේ හැටි ලස්සන රූ වරුණාවට
ඉබේට නැවතුන, හිටි පාදෙම
ඔය කී රූ වරුණා..
මා ගැන නම් ඒ අහන්න ආසයි
ආයෙම මයෙ වරුණා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *