ගඟ අද්දර මා | Ganga Addara Ma by Vijaya Kumaratunga

Sinhala song lyrics with music notes illustration

ගඟ අද්දර මා සිහිල් සෙනෙහ සැනසී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා මුව ගොළු වුවා
ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා…

මල්සර දුනුවර ළමැද හොවාලා
ඉරණම් පවස නිවා
සන්සුන් වූ තරමින් නොසැලෙනවද
බාලේ බැඳී රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහි තුෂාර සුසුම් හුවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා…

ගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ
මනපුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ
මා හඳ රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි නුබ නාඩන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
ඔබ රුව චායා සැඟවේ පායා

මල්සර දුනුවර ළමැද හොවාලා …
ඔබ රුව චායා සැඟවේ පායා ..
ඔබ රුව චායා සැඟවේ පායා ..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply