in Rookantha Gunathilaka

හැමදාමත් ලඟින් | Hamadamath Lagin by Rookantha Gunathilaka

හැමදාමත් ලඟින් ඉන්න
කිසිදා මා හැර නොයන්න
කිසිදා මා හැර නොයන්න
හැමදාමත් ලඟින් ඉන්න

කුරුළු වෙසින් ඉගිල යන්න
තිසැල් අහස සිසාරන්න
ඔබ රිසි නම් කුරුල්ලන්ට
ගී කියන්න කවි ලියන්න
ඒත් මගේ රත්තරනේ
කිසිදා මා හැර නොයන්න

සෙනෙහෙ සලන මලක් වෙන්න
මුළු ලොවටම සිනා දෙන්න
ඔබ රිසි නම් සමනලුන්ට
හාදු දෙන්න ඉඩ හරින්න
ඒත් මගේ රත්තරනේ
කිසිදා මා හැර නොයන්න

හැමදාමත් ලඟින් ඉන්න
කිසිදා මා හැර නොයන්න
කිසිදා මා හැර නොයන්න
හැමදාමත් ලඟින් ඉන්න

banner

Leave a Reply