ජයග්‍රහනය | Jayagrahanaya by Drill Team [2013]

A fearless journey toward victory and purpose.

Song Lyrics

නංවන්නේ පෙන්වන්නේ සිතේ ධෙර්ය්‍යේ
මුළු ලෝකෙට මාගේ, රුපු නාදේ අවසානේ,,සොයා ජයග්‍රහනේ

පළවෙනි දෙවෙනි තෙවෙනි වීමයි පාසලේ තරඟය, දැක්කත් ලෝකයක් ඒ හැඩතල වර්ණය,
සමාජ නවීකරණය ජීවිත සමිකරණය දිනන්න ගනින් පොත ඉගෙන ගනින් අංක ගණිතය,
කිව්වත් වෙන්න ආසයි කියා ඩොක්ටර් ප්‍රොක්ටර් හිත හැමදාමත් කිව්වේ වෙයන් සිත්තරෙක්ම,
මිතුරා වුනේ පින්සලයි හැඩ කල කඩදාසි මාපියන්ට හොරෙන් සැඟවේවී,
නීති රීති මම වුනේ නෑ භීති සොය මගේම මාර්ගේ මගෙම රීති,
අභියෝග ජය කැටි ජීවිතයේ ගැටී මේ සිත්තරෙක් අනාගතය සිත්තමක් කල හැටි..

චිත්‍ර මත රැඳුන වික්ෂිප්ත පැතුම විද්වත් දෙපලගේ නික්මිච්ච මතයෙන්,
තහනම් විය චිත්‍ර මිත්‍ර වෙන්න කියයි පාඩම් පොත එක්ක,
මං දැක්ක සිහින බොඳ වෙයිද??
ආත්මේ විලාප දෙයි තීරණේ ගන්න,,
බැනුම් ආකරේ සාගරේ පීඩන මැද්දෙන් මාවතේ,,
නැහැ නැවතුම පෙනෙන තෙක් මානයේ,,
මා කෙර් විශ්වාසය ගොඩනගා ගත්තේ,,
නැතේ පිටුපසට යාමක් මගේ හිතේ,,
යන්නේ යදම් බිඳ සිරගත සිතුවිලි ලුහුබඳිමින් සපුරාගනිමින් සිත සැනසුම් සුසුමන් විඳි ජයග්‍රහනේ පහසින්…

තර්ජන ගර්ජන මර්ධන මැද්දෙන් දැම්මට බාධක නර්තන,
සුන්දර සිත්තම් සිත්තරා මමනම් අඳිනවා දිවි තුරා හිතේ තෙතමනය අපමනය,
දියවෙන පිටුවට වර්ණ හතයි අතයි කියන දෙයක් මුහුණට,
ඒකාකාරී ජිවිතේ මෝහන බඳුනක පල් කර,,
වේදනාකාරී යථාර්ථය සිහිනෙක මාව තනිකර,,
සංවර සම්මත ලෝකෙන් වැලලුවත් අඳුරෙන්,,
නිරුවත පිළිබඳ විනිවිද මවනවා පින්සලෙන්,
ළංවෙලා බැලුවොත් රාමුව කඩපතක් උඹේ ,,
මෙගා පික්සල් මගේ පැබ්ලෝ පිකාසෝ වගේ,,
පවතින තත්වය කටුකොල සටහන් අතරේ නවතින දවසක තරු පිට කවරේ

බලපන් මගේ ජීවන ඉතිහාසය පාඩමක් ගනින්,,
පසුකර ආවෙ කටුක කුරිරු ජීවන මගින්,,
තනියට ධෙර්ය්‍යය නොසැලී උත්සාහය පෙරදැරී වූ ඒ ඇරඹුමින් ජයගෙන අරමුණ,,
බෑ මාව නවත්වන්න බෑ මව පරද්වන්න,
හිතුවත් මගේ හීන වීර්ය්‍ය උන් වළක්වන්න,
හිසට තම අතමයයි සෙවනැල්ල කලා මම දෛවයත් මෙල්ල,,
පැතුවෙ නෑ යුතුකම් මවනට සිතුවම්,
ලැබුනෙ නෑ ගුරුහරුකම් සැමගෙන් ගැරහිලිකම්,,
අද සැමතැන ඔල්වරසන් ඇසෙයි නාදේ අත්පොලසන්….

Song Information


Song Summary

A motivational Sinhala rap that narrates a personal journey of resilience, self-belief, and overcoming social pressure to achieve victory through passion and perseverance.


Song Meaning

“ජයග්‍රහනය / Jayagrahanaya” describes the inner battle of a young dreamer who chooses creativity over societal expectations.
The song highlights courage, discipline, and faith in oneself, showing that true victory comes from persistence, self-identity, and breaking mental barriers rather than following predefined paths.


Frequently Asked Questions (FAQ)

What does “Jayagrahanaya” mean?
It means “Victory” or “Triumph.”

What is the main message of the song?
Never give up on your dreams despite pressure, criticism, or obstacles.

Who performed the song?
The song is performed by Drill Team.

Why is this song inspirational?
Because it reflects real-life struggles, self-made success, and the power of believing in one’s own path.

Leave a Reply