වහල් වෙලා | Wahan Wela by Drill Team ft. Randhir & Manasick

පින් දියන් රටට
මුතු ඇටේ උදේ අටට
ස්කෝලෙ පුහුනු කලා කටට
ඩිග්‍රියක් මුකුත්ම දුන්නෑ බඩට
තවත් එක් සරුංගලයක් ඉතාලියට

චාඕ මල්ලි වැඩ කරපං හොදට
අම්මේ ආයේ බඩු ගන්න එපා පොතට
යූරො සීයේ කොල හුරු වෙලා අතට
කොලෙත් හම්බෙලා අවුරුදු පහක් අදට

යන්නත් ඕනේ ඒත් අමුතුයි හිතට
අපෙන් මුකුත් නෑ වගේ ඉපදුනු බිමට
රටමයි අපිව අත ඇරියේ පිටට
වැරදිලා ඉපදිලා හිතෙනවා විටක

සනුකත් මේ කතා
කිව්වා තමයි තිතට
යහපාලනේ අරන් ගියානේ හිරට
දුක ලස්සනයි ඒත් පෑනේ තුඩට
වරෙන් කොල්ලෝ ඒත් ලේසි වෙන්නෑ උඹට

සදනා මන්දිරේ
තනිකම රැදුනේ
මතකයේ සිත් මානයේ
බැහැ ඉන්නට තනි වී
වහල් වී මේ රටේ…මේ රටේ

නාබර වයසෙ අරමුන වුනෙ එන්ගලන්තය
බාදක මැද්දෙ පසුව හීන වෙනස් නවසීලන්තය
එක්සත් එමීර් රාජ්‍ය නැති බැරි කම් මැද
පිට වුනෙ බලා සව්දි අරාබිය
අම්මෙ කොහොමද
මෙහෙනන් රස්නෙයි ප්‍රශ්නෙ පිට ප්‍රශ්න
හිත දැවෙයි ඒ අස්සෙ හීන සතුටින් හිටියත් ලන්කාවෙ
තනි වී සිත සිතනවා සාන්කාවේන්
ප්‍රීතියෙන් අව්රුදු සමරන්න මෙවර බැහැ
තනිකම වෙලාගෙන මුලු වසර
තනිවී සරමින් අද මම කතර
හිතනවා යන්නෙ කවදද ගෙදර
නිම කරනු බෑ වචනෙන්
අව්රුදු ගනනාවක් වෙන් වී මා ආදරෙන්
විදවයි ජීවිතෙ තනි වී මේ රටේ
මා සදනා මන්දිරේ

සදනා මන්දිරේ…

written by Hiyum & Manasick

drillteamwestnahira,manasick,sri lanka cricket,sri lanka election,political rap music,sri lanka president,protest songs sri lanka,police attack sri lanka,sri lanka news,sri lankan rap,derana news,hithana tharam charitha,derana,ayomaya sinhala rap,easter attack,voice sri lanka 2022,crisis sri lanka,protest srilanka,jayamardhanapura wanuma,protest sri lanka,sri lanka political diss,dilo,sakura male,sirasa news,anura kumara,deviyange bare

මා දැවෙනවා | Maa Dawenawa by Stefan ft. Manasick

එක තැනක එක හිතක මගෙ හිතට
සැනසෙන්නට බැරි නම්
ආල සිත රාග ගිණි ජාලාවේ
ඇවිලී යා නම්
තනි හිතක ආදරය මගෙ හිතම
පුරවන්නට මදි වේ නම්
තව හිතක ආදරය මගෙ හිතම
වසඟෙට ගත්දෙන්

මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා
මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා

මේ පහසම මට ඍතුවක්
වින්දා ලොව දබරයත් මැදැඟිලි යා කර
ලෝකේ හැම රහකම ඇති කිලිටුවක්
දල්වා රහසක් නිවෙන්නේ මා පා කර
අළු කඩන් හුස්මක දැල්වෙන දිවාකර
ගිනියමක් මෙන් උඹේ සැකය හැබෑකර
පියවියෙන් මට දැනෙන යථාර්ථය
කල්පයක් කලා මොහොතක් දෙබෑකර

උඹ අරුමයක් මං මුලා වී මේ වියම
මා ගෙව්වේ හැම තප්පරයක්ම ඒ බියම
දැව්වා නිවෙන්න-හදපත්ලේ ඒ දියඹ
ලොවෙන් මිදී සැඟවෙන්නයි මේ වියන

මේ අන්ධකාරේ උඹ පෙළෙනවා
මට දැනෙනවා උඹ තවත් තැවෙනවා
හැඟෙනවා ඇවිලුනු ගත දැවෙනවා
දැනෙනවා පිනෙනවා නිවෙනවා මා දැවෙනවා

මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා
මා දැවෙනවා
ඈ දවනවා
මා නිවෙනවා
ඈ නිවනවා

මේ සීත රැයේ
උණුහුම සොයමී
සුසුමක දැවටී
සිප ගනු මැනවී
දැවෙනා හැඟුමේ
ආලය තැවරී
රාගය මුසු වේ
ඇවිලෙනු මැනවී

written by Kosala D Maduraweera & Masick

අයෝමය | Ayomaya by Drill Team ft. Manasick, Master D & BEE [2022]

තාන්නම් බොරු හුරු මාන්න නම්
දහඩිය බොගේ බොට අවමාන නම්
සමාජය කරයි බොට කුරුමාන නම්
මාර්ගය මග තවත් අවදාන නම්
එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය
රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය
දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය
කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය

සිංහයින් කාලේ හරි කොපුවට කඩුව දාන්න
මර්ධනයට මැදගිල්ලක්ම පාන්න
මගේ ප්‍ර ප්‍ර ප්‍ර ප්‍ර ප්‍රමාණ
කෝ සුවාරිස්? කෝ දාස හපුවලාන?

උඹේ අයවැයටමයි ඔක්කොම ගොත
උන් “හීන් සැරයේ” විද්දා උඹේ බැංකු පොත
ජන ගඟකට එක් වෙයන් පොද
සිංහ කිරි එරූ මෑණියන්ගේ ජාති වාදී යොද

ඌ සාගරේ පලන් සූරයෙක්
උන්ගේ “කන්දේ ගෙදර”ම කනත්තක්
මමයි සෙනෙරත් පරණවිතාන
උන්ගේ ඉතිහාසේ ගොඩදාන පුරුද්දක්, ඒක පුරුද්දක්

මං දන්නවා බොලගේ චක්කරේ
ඉල්ලලා සිංහල අක්කර උබලයි පත්කරේ
පොඩි කාලේ ඉඳන් රජයි පුරෝහිතයි
මට විශ්වාස නෑ, පිහිටෙන් “විජය පත්තරේ”

තාත්තෙක් වගේ ඇනපු ටොක්කක් මේක
“සිංඤෝරේ” උබටයි, සුනිල් ගී!
උන් “අපිට සැදුව අපේ ලෝක”
නිකං බයිස්කෝප් බැලුව වගේ සුනිල් ටී

බොලගේ බඩේගින්න ඇවිලිලා ඒ ගින්න පාගන්න බයයි උනත් “කාලෝ”
උන් දේවදාසි වගේ පාර්ටි දාන්නේ නිසා නෙමෙයි යකෝ පාරෝ

ඇයි නිදහසක් සමරලත් පොදු ජනතාවට විතරක් බාධා,
ගනිං ගලවලා බාටා සද්දේ සෙනගක ස්පාර්ටා,

තාන්නම් ගනී, හරි ගාන නම්,
කඩෙත් ගිහින් තවත් මදි, ගුටි කාලනන්,
තවත්බලා ඉඳ බෑ කරබාලනම්,
මාව නවත්තන්න බෑ තග දාල නම්

තාන්නම් බොරු හුරු මාන්න නම්
දහඩිය බොගේ බොට අවමාන නම්
සමාජය කරයි බොට කුරුමාන නම්
මාර්ගය මග තවත් අවදාන නම්
එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය
රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය
දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය
කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය

උන්ගේ උගේ පවුලේ අවුල
දුරින් ගව්වේ ගව්ව පතුරා ඒ දුසිරිත් මාන්නය
කරින් තාම තනිකර මිනිස්සුන්ගේ ප්‍රාණය
ගැබ් ගත්තු තුන්හෙල හරක් සත්තු
මනස්කාන්ත වු ගැබ් ගෙලක්
නාමී අම්මාගෙන් ඉල්ලා හඩයි
වායු තලේ පුරා සරයි
ඉතින් උන්ට සද තරන් කරන් දුර ගමන් ගොසින් එන්න සිරි සිත සිරකරයි
අසම තැනක සිට සබද සම සමග
රිදෙන විස විදින අස වැසිල්ලකින් ලද
අසම උස මුදුනෙන් බැස වරක දවසක්
ඔය දෙඇස් ඇර සවන් පත් විදා සිව් දෙස
මං නම් ඉන්නේ ඝන අදුරේම වස්සන්න
බල්ලොත් එක්ක නිදාගන්න වෙයි
දෙන්නෙපා රට මැක්කන්ට
හිස් වෙලා ගියා කලගෙඩි
මොලගෙඩි බෙලිගෙඩි
ඇතුලේ වස්සන්න
ගලබඩ වත්ත ඉන්න තැනින්
ගිඩි ගිඩි ගිඩි කියල බස්සන්න
බරපතලම යථාවාදී කතාවකට ඉඩදෙන්න
නිසි බර පතලක් නැති උනාම පිටවෙන්න
කාටද බැරි ගෙදර ඉඩකඩම විකුනන්න
කාටද බැරි සැපතක් කියාන අම්මට පිටදෙන්න
මට පුළුවන් කොටන්න ඇටසැකිලි වෙනකම්ම
බිත්ති පුරා අදින්නම් කැපුණු ඇගිලි පුරුකෙන්ම
හිසකපා ඉවරයි පරපුරක අළුවෙන්න හැසිරෙන්න
නිහඩව ඉන්න පිරිසට මෙන්න විසිවෙන්න

තාන්නම් බොරු හුරු මාන්න නම්
දහඩිය බොගේ බොට අවමාන නම්
සමාජය කරයි බොට කුරුමාන නම්
මාර්ගය මග තවත් අවදාන නම්
එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය
රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය
දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය
කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය

හිතන තරම් | Hithana Tharam by Gayya ft. Manasick & Charitha Attalage

හිතන තරම්
මගෙ හිත හඩන තරම්
ඔබ මට කීයූ වදන්
මට අහෙන තරම්
නිල් අහස බලන්
සිහින අපි මැව්ව තරම්
දිව්රුවේ මියෙදෙන්නට නම්
වෙන කෙනෙකු ඇයි තුරුලු කරන්

මගෙ ලේ දහඩියෙන් පොළව තෙමුවා
මුලු දිවියම කැප කෙරුවා

ඔබට
ඔබට
ඔබට
මතක නැතිද

ඔබට
ඔබට
ඔබට
මතක නැතිද

Manasick
උඹ ඇවිත් ගිය සැනින් මගේ ළයමඩලම පාරා කලා සංකරයක්
ඒ මොහොත කල්පයක් කල, කාලය!! උඹෙත් නෑ සංවරයක්
අපේ මතකයන් මැදියමේ ලුහු බඳී බැඳ ගනින් උඹ යන්තරයක්
හෘදසාක්ෂිය පහර දෙයි සොඳුර හොයාගනින් දැන් බංකරයක්

මගේ තුරුලෙම ඉඳන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා
සඳ උඹේ, රැයේ තැවරුණු වළාබැමි දහවල පෙනෙයි මට කිලිටු වෙලා
උඹ අතරමං කරපු කඳුලැලි පවා හොයයි ගලන්න මංමාවත්
උදුරාගෙන ගියා මගේ පියාපත් සුනු විසුනුව ගැටුනා උඹ සප්ත කන්‍යාවක්

සුන්බුන් වුනු හද මගේ අතු ගාල දැම්ම උඹ පෑල දොරෙන්
මගේ දහදියේ කිමිදිලා වෙනකෙකු එක්ක උඹ නෑවත් හොරෙන්

අපි ගැන්න තරු, තකහනිකයක් විත් කේලම් කිව්වේ උඹව අඳුනාගෙන
සඳ සයනක ගත වෙද්දී මුලු රැයක් ඇවිලෙන්නේ හිරු කරබාගෙන

උඹ උදුරගත්තේ මගේ සේසත බිඳලයි පපු කැටයෙන්
ඔය දෑසම උඹේ තීරණ ගැන දොස් කිව්වා මා එක්ක සැකයෙන්

එදා මා ලියූ දුක් ගැනිවිලි කොලවල, සදාදර උඹේ මතක ඔතන්
මෙහෙ අදිනවා මං, යදිනවා උඹේ සයනට වැහි අකුණු කොටන්

වැහි අකුණු කොටන්
සුලග එයි ඔබේ සුවඳ අරන්
දුක් ගිනි හදේ දරන්
ඔබව සෙව්වා හතර වරන්

කඳුළු සැලෙයි පිටාර ගලන්
දෙවියෝ නෑ මට දෙන්නේ සවන්
එක් මොහොත කල්පයක් තරම්
හැගෙයි ඔබ ගිය දිනය පටන්

මගෙ ලේ දහඩියෙන් පොළව තෙමුවා
මුලු දිවියම කැප කෙරුවා

ඔබට
ඔබට
ඔබට
මතක නැති ද

ඔබට
ඔබට
ඔබට
මතක නැතිද

මගේ තුරුලෙම ඉඳන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා
සඳ උඹේ, රැයේ තැවරුණු වළාබැමි දහවල පෙනෙයි මට කිලිටු වෙලා
උඹ අතරමං කරපු කඳුලැලි පවා හොයයි ගලන්න මංමාවත්
උදුරාගෙන ගියා මගේ පියාපත් සුනු විසුනුව ගැටුනා උඹ සප්ත කන්‍යාවක්

බල්ලො | Ballo by Drill Team ft. Manasick [2021]

ඉහේ ඇම්මට බොලා මාරු කලා නේද කොට්ටයක්
කරගහපන් නාට්ටාමින් ණය බර මුට්ටයක්
“වීරයෙක් ගෙදර ඇවිත්” දැන් ඌ මයි දුෂ්ටයත්
බොලට කැව්වා රසට අනා-වැකි තොටවත්ත පොට්ටයත්

මේ සාගින්නේ සාගතයන් බලව් හිස ඔසවා
දායාද කලේ උන් නියගයි නටපන් කිරි කොරහා
ඔය කුමරුන් උගනීද බඩගින්න සොඳවා??
සිංහයනි දැන් සැපද? උන් මුලසුනක හොබවා

මේ පාර කිව්වේ නෑ චික් චික් හුනාවත් ,
මේ කනයා පණ්ඩිතයා හ්ම්ම් සද්ද නැහැ ලුලාවත්
අප්පච්චි කොහොමද?? අපිව කන්නේ දැන් සූරාවත්
ඔටුන්න උදුරගන්න නැද්ද ළඟක චුලාවත්

අතීසාරෙට අමුඩේ ගැහුව තොපිල කාලයක්
උබල අබ කාලා මගේ මොලේ දනවා තොපිනම් සාපයක්
බණත් තිත්තයි මේක අබුද්දස්ස කාලයක්
රටක් තටමද්දී ඇරුනේ නෑනේ තොපේ එක ස්වරාලයක්

හැංගිලා ඥානයේ සාරේ මොලේට ලේ වැඩියත්
වරෙව් වන්දනාවේ කොළඹ තියේ පාස්කු මිනී වැටියක්
ස්වාදීන පුවතක් නැතිව පාලුයි සාලෙත් සැටියත්
ජනරජය නිකන් වැකියක් ඒ ප්‍රජාතන්තරේට දාපු ජැටියක්

වේලක් කන්න සටනේ අපිට කොහෙද විරුදින
රටට “ඉසුරු යෝග” දිව්රුවා පවා මුතුමිණ
රජෙකු නොවේද කෙරෙව්වේ අභිමතෙන් කව් සිළුමිණ
අඳුරුයි ලංකාදීපේ පායලත් අද දිනමිණ

සිංහ ලේ කිරි වුණා දැන් වාවන්නේ නෑ පයෝදර
දිනෙව්වා පවුල් සංස්ථා පිටිං බොලා සහෝදර
දැන් බලයේ චුලෝදර – ඊගාව මහෝදර
චීනෙට උළුඅස්සත් ලියල ඇරලා දාල මූ දොර

උබෙත් මගෙත් වින්‍යාසය වාරණ කල භාෂාවක්
ජය වේවා වගේ මේවා උබලට ගාථාවක්
මේ රටේ මළවුන් මත කරපන් සතියක් පාසාවත්
මරුවා ප්‍රේමකීර්ති අල්විස් හේතුව බලයට තිබ්බ ආසාවක්

ඒ මිනි පොහොර වෙලා වැඩුනත් බලවත් මතයක්
දනිහෙන් වැටෙන්න උබට පාර කියයි උන්ගේ තුවක්කු බටයක්
ආර්ථිකය බීමත් වේගෙන් ගෙවපන් ඒ දඩයත්
මේ ජවනිකාව උබටත් මටත් බං “හුණු වටයක්”

කරිජ්ජ පාග පාග කියෙව්ව එකම රට බං
දිව මැද්දත් මිනී ගඳයි ඕකුන් ගාව මට නං
වන්නිල ඇත්තත් රටෙන් මාන්දු කරයි ජිවන බරත් පටවන්
උරු වරිගේ තිසා හාමි ඕවායි හීනෙන් කිව්වේ මට බං

බිඳලා බිසෝ කොටු උතුරා පිටවාන
දැන්වත් නවත්තපියව් සංස්කෘතිය උන්ගේ පිටේ සබන් ගාන
“දැයේ පියා” මට මතක් වෙනවා උගේ උදිකාර
හම්බකලොත් අපි කනවා බලපන් උමන්දාවේ දාන

ඉව කරලා අහක බලන් ඉන්න බල්ලෝ
ලෙව කාලා මැරුවත් බුරන් නැති බල්ලෝ
පහර එතනම බුදියන බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ

බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ
බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ

ඉව කරලා අහක බලන් ඉන්න බල්ලෝ
ලෙව කාලා මැරුවත් බුරන් නැති බල්ලෝ
පහර එතනම බුදියන බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ

බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ
බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ
තාමත් ඉව කරලා අහක බලාගෙන ඉන්නේ ඇයි කැ* බල්ලෝ

නඩුවක් | Naduwak by POP PUNK ft. Manasick, BigDoggy & Tilan GT

පොප් පන්ක් මල් කලාවට විරෝධයි
හා හා අපි හරි විනෝදයි
බලපන් උඹලා දැන් විනාසයි
අහපන් කිව්වේ යකෝ සිරාමයි

මුතු ඇටේ කඳුළු ගරන කට්ටියක්
දවසට කඩතැකි සින්දු මල් වට්ටියක්
ගනින් බොලව් හයි හත්තියක්
බොලා අඩියට ඇල්ලුව මේ රට මැටි හට්ටියක්

අපට ලැබුන්නැතත් නොමිලේ නිදහස
උබටත් ඇති මිලක් අමිල නිදහස
බලපල්ලා කඩේ ගිය උන් බඩු මල්ල උස්සල
මග රැකන් පෙන්නයි මැතින් දියුණුව සරම උස්සලා

පූදින්නෙත් හුඹහක දන්නවා බොගෙ සකස්කඩ
රාජ පස්සක් වන්දනාවේ මේවා රටේ හරස්කඩ
වැන්දට පවු නෑ මල් තියල අදත් පවනට
ඒ පවන් ගහන් බුදියන්නේ මණ්ඩුක භවනක

කඳුළු ලීටරේට පොරකන්න තදබදයක්
මල් සින්දු පරාගනය නවත්තන්න අරගලයක්
යුද්ද කලේ නෑ බොර්නා කොස් කොටන කඩුවක්
බොලට කිව්වේ මේ ලගදී ගිනිබත් කල නඩුවක්

මානසික් මල් කලාවට විරෝධයි
තනි කලු මල් කලාවට විරෝධයි
ඩ්‍රිල් ටීම් මල් කලාවට විරෝධයි
වෙස්ට්නා මල් කලාවට විරෝධයි

පොප් පන්ක් මල් කලාවට විරෝධයි
හා හා අපි හරි විනෝදයි
බලපන් උඹලා දැන් විනාසයි
අහපන් කිව්වේ යකෝ සිරාමයි

විරෝධයි පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් විරෝධයි

විරෝධයි පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් විරෝධයි
පොප් පන්ක් වි

නැවක් ගිනි අරන් ඩොලර් පාවෙයි වෙරළට
නිදියලා නැගිටිද්දී පෝෂණ මල්ල ඉහලට
කබ්බෝ ෆෝම් කිරිම අපි තමයි පිකාසෝ
දැන් සැපද උඹේ ගම වගේද චිකාගෝ

බලපන් රට දවසීන් දවස අගාදෙට
උඹලා කට පාඩම් කලේ වමාරන්න විබාගෙට
තාත්තා ගෙදර අවේ බඩු මල්ල අරන් සලාකෙට
හොටු පෙරලා අඩන උන් හිට් අසහනේට

ඩිස් කරන්න දුකයි හිස් මොළ වලට
ඔය ඇඩියාව සෙට් නෑ බ්‍රෝ කන් වලට
කරන්න බැරි නම් ඕක දීපන් ලමයෙකුට
බෙල්ල උඩින් ඔලුව තිබ්බේ පාලුවට

හංසමාලි වගේද නන්දා මාලිනී
නලුවෝ අතර තාම ප්‍රියතමයා ගාමිණී
කොච්චර කිව්වත් නම් මොලේ දෙන්න බෑ හරක්ට
On my way to කන්දකාඩු කතා කරපන් සරත්ට

බිග් ඩොගී මල් කලාවට විරෝධයි
වාට්ටුව මල් කලාවට විරෝධයි
අහපන් කිව්වේ අපි සිරාමයි
බලපන් මගේ රට විනාශයි

පොප් පන්ක් මල් කලාවට විරෝධයි
හා හා අපි හරි විනෝදයි
බලපන් උඹලා දැන් විනාසයි
අහපන් කිව්වේ යකෝ සිරාමයි

හේයි හේයි හේයි

මේක නම් හරි විනෝදයි තවත් චිල් තමයි
මේක සුපිරි ආතල් රටක්ලු මචන්
සැප කැඩුවොත් විරෝධයි කට ඇවිස්සෙයි
සැපට ඇප නැති වෙන දාක මචන්

මේක නම් හරි විනෝදයි තවත් චිල් තමයි
මේක සුපිරි ආතල් රටක්ලු මචන්
සැප කැඩුවොත් විරෝධයි කට ඇවිස්සෙයි
සැපට ඇප නැති වෙන දාක මචන්

ජී ටී පොප් පන්ක් බිග් ඩොගී මානසික්
සෙට් එකම මල් කලාවට විරෝධයි

පන්ති | Panthi by Rechy ft. Yuki & Manasick [2018]

කන්න දුන්නු අත
හපාකෑවා මගේ
දුකට සැපට සිටි මිත්‍රයා

පන්න පන්න නොබැලුවත්
ඒ කී ඌත් හොරෙන්
වෙන ගමනක් ගියා

ප්‍රශන එනකොට
දාලා මම පාවඩ
බාර ගත්තට
විසදන්නේ කාවද

මම වැටුනම
එකෙකෙක් ආවද
පපුව දුන් තරමට
හිතුවමෙන් ආවද

මේක පිනක් ද පවක් ද
ලෝකේ උතුම්ම
පියත් ‍ය
මවත් ය

මිනිසත්කම
ලෝකේ දැන් ගනන් ද
පාරවක් බොලා පාගපු
අනන්ත

අපි නැහැනේ පන්ති බෙදා
සුද්ද සිංහල දෙමළ වගේම බෙදා
තනි කලු රෙචි පැන්නොත්
තොගේ ගෙට
හුරුවෙයන් හැදෙයි
අපස්මාරයා හෙට

ඔය පන්ති බෙදාගෙන
වංශ බෙදාගෙන
එක මැස්ස කඩාගෙන
කැස්ස හදාගෙන
සනසන්න බලන් ඉන්න
ලන්සි වගේ වෙන්න
අයියා මල්ලී මරාගෙන
කන හේතු මොනවද

පස් යට හංගන්න නම්
සල්ලී ජීවත් වෙන්නෙ
උපත වාගේ

පසම නිසරුයි දැන්
කසන රෝගේ බෝවෙලා දැන්
හැමතැනේ
ලස්සන ලෝකෙ මරන්
කල්ලි හදන් ඉන්නෙ
ගස් ‍යට සැපේම ඇයි
කල්ලි හදන් ඉන්නෙ
කල්ලි හදන් ඉන්නෙ
ගස්යට ගස්යට
සැපේම ඇයි
ගස්යට ගස්යට
සැපේම ඇයි
ගස්යට ගස්යට

බෝනා
කන්නෙට එකයි
හුරුවෙයන් අර පරිස්සමෙන්
ආවනම් උඹ
වෙස්ට්නාහිර පරිස්රෙන්
සල්ලි හොයයි ද
නැහැ යට කලිසමෙන්
අපි ඇල්ලුවෙ තනි කලු
කොට කලිසමෙන්

62992 කලා ලෙඩ්ඩු
සල්ලි මරන් බුදි නැති නිසයි
අපි කෙට්ටු
ආව ගමනෙදී දැම්මා බොලා වෙට්ටූ
අපොදු පාට විලයි
යැපෙන සත්තු

යන්තම් වගේ ගහන මඩ
උඩට අහනවද
උඹට කහනවද

දැන්නම් ඇති කැඩුවා කබ
හොදට මැදලා දත්
බොලාට කියන්නම් අද

උගතුන් එක්ක විරසකයි
තිරිසන් වැඩ තිරිසන් පිරිසටයි
ඇනුම් පද කිව්වෙ
රැව්ල් කපන කිනිසටයි
ඉගුරුත් එකයි
ගත්ත මිරිසුත් එකයි

කලාවට වඩා සල්ලි පනං
ලොකුවට සුතියට දුවයි
කෝකෝ හරන්
රැල්ලට වෙන එක උඹ
දෝත බදන්
තොපිත් කනවනේ
වටවෙලා තෝසේ කඩන්

ලෝකේ බදන්
අපි නෑනේ අංක බෙදා
සුද්දා සිංහල
කසුන් විකලාංග වෙදා
තනි කලු ගොරකුන්
අපි පැන්නොත් ගෙට
හුරුවෙයන් හැදෙයි
අපස්මාරයා හෙට

ඔය පන්ති බෙදාගෙන
වංශ බෙදාගෙන
එක මැස්ස කඩාගෙන
කැස්ස හදාගෙන
සනසන්න බලන් ඉන්න
ලන්සි වගේ වෙන්න
අයියා මල්ලී මරාගෙන
කන හේතු මොනවද

පස් යට හංගන්න නම්
සල්ලී ජීවත් වෙන්නෙ
උපත වාගේ

පසම නිසරුයි දැන්
කසන රෝගේ බෝවෙලා දැන්
හැමතැනේ
ලස්සන ලෝකෙ මරන්
කල්ලි හදන් ඉන්නෙ
ගස් ‍යට සැපේම ඇයි
කල්ලි හදන් ඉන්නෙ
කල්ලි හදන් ඉන්නෙ
ගස්යට ගස්යට
සැපේම ඇයි
ගස්යට ගස්යට
සැපේම ඇයි
ගස්යට ගස්යට

සකුරා | Sakura by Charitha Attalage ft. Manasick [2020]

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

සකුරා මලේ
වෙනදා මෙන්
සුවද නැතේ

හිමි නොවෙනා ප්‍රේමේ
ලුහු බදිනා ප්‍රේමේ

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න
දෙන්න මට පලා යන්න

පරසතු සුවදක්
මම නොම වින්දෙමි
සකුරා යායේ

පරසතු කුසුමක්
මම නොම වින්දෙමි
සකුරා යායේ

සකුරා පෙති ගිලිහෙන
මහා කහට
මම දැන් වින්දේ

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

කදුලු පිලියමක්
නුඹට වියැකෙන හල් මිටි
සමාජේ අනියම දායි
නුඹගේ කර පිටින්

සිනමා හිරේ
අපගේ යතාර්ථයක්
කනපිටින්
පදාර්ථයේ පිටපතක්
කුසේ උබේ පනපිටින්

යදින්නෙපා
විද සිදලන්න බැරි දොලදුකක්

උඹේ කාලේ පාරේ
උඹේ භාර්‍යාව ගැරහුවත්

මගේ රහසක
රිදී නිම්නයක
කලබල නියන්පත්
කිනම් ඩිම්බයක

ගිනි තියන් උබේ
නෙගටිව් පටි
ඔය හැසිරීම
මට ගබ්සා දොරටු අරී

වීරයන්ට දැන්
උඹේ ආතමාර්තකාමි
වග නොකියන්න ජාතකේට
මා ප්‍රාර්ථනාවී

තිබුනට කඩතුරා
ගැබක් උඹ දාරාගෙන

උඹේ පරාජය
ලතවෙන්නෙ ලය පලාගෙන
වෛයිරය වේද
මහ මතකයන් පලා යන
දෙන්න මට සැලොන
සිහිනෙට මගේ පලා යන්න

හිමි නොවෙනා ප්‍රේමේ
ලුහු බදිනා ප්‍රේමේ

සකුරා පෙති ගිලිහෙන
මහා කහට
මම දැන් වින්දේ

සකුරා මලේ
අද මා ලග හඩා වැටී

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

සකුරා මලේ
පෙති ගිලිහී හඩා වැටේ

නිබද දෙව් දූ
සියත වලා බැමි
මුහුරස උර දැක්මේ කඩා වැටී
මා දළු රෝස පලයට
හඩා වැටී
පුරා සකුරා සිසිරේ
පතනවා ඇති

චරිත
මානසික්
වෙස්ට්නාහිර

සිනිදු | Sinidu by Master D ft. Manasick [2020]

තමන් නැති තමාට බර වූ
හමන් නැති සුළං කවරදෝ
කවුරුත් මැට්ටෙන් අබන්නේ කවූරුන්දෝ
තනි මහ බබාටත් වැරදූ

එක පෙලක් තඩි
මහ පතාක පැරදූ
මගේ රටේ හදාන රැපේ මුල්
හිතින් කඩන් ගියාට රැපෙ මුල්
මගේ රැප තමාය සිනිදුල්

මට අකුරු කිව්ව දවසේ
තිබිලා බලගතු ඒරාශ්ටකයක්
ගැහුව සරස්වතිය
කටට ප්ලාස්ටරයක්
අද තොපේ තොල කට වේලෙන
බෝන කාශ්ටකයක්
පපුකැවුත්ත විලි කිලි බයේ
ඇහැගැහෙන්නෙ මාස්ටරයක්

ඇකේ ඉදන් ක්‍රමය
නියත කමම බලාගෙන
උඹලා සිංහයෝ ටික
මාව අරන් හදාගෙන

උඹලාගෙ සංහිදියා
කබොල්ල යට තුවාලය
මම බොලාගේ නාහෙන් ආහන ගති
අරින්න හුමාලය

මම මැදප්‍රෙරදිග
බොලා නෑ එහෙම සැප අරගෙන
මම නර මර වට කරගෙන
වහේ ආයේ එහි සැප අරගෙන

වැඩිම මනාපයකි
රත්නපුරට ජයසේකර
ප්‍රබුද්ද බොල පවා කිව්ව
මහගමසේකර
යන කල එල බලා
මට නම තිබ්බේ නෑ
අඹු පුතු
බලපන් ගෙයි අහුමුලු
තිබ්බොත් දියං මට
කහ කුඩු

රැපේ පීඩාවක් දීලා
ඉහ රිදවන කාරිය
කදිම ක්‍රීඩාවක්
තනි කලු දැන් මහ මාරිය

තමන් නැති තමාට බර වූ
හමන් නැති සුළං කවරදෝ
කවුරුත් මැට්ටෙන් අබන්නේ කවූරුන්දෝ
තනි මහ බබාටත් වැරදූ

එක පෙලක් තඩි
මහ පතාක පැරදූ
මගේ රටේ හදාන රැපේ මුල්
හිතින් කඩන් ගියාට රැපෙ මුල්
මගේ රැප තමාය සිනිදුල්

මගේ රැප්විලි
කටේ රාවය
රටේ පාවිය
වටේයා

සද මායිම වටේ
නෑසියෝ ගැටේ
මාමගේ රැපේ යා

පෙර වාසය රටේ
ආගිය ගතේ
දාහය මැකේයා

උඹ කාගෙවත් වටේ
මාමගේ රටේ කාරිය දකීයා

හැම පන්සල පාට පාට
ඉසිවරු ඇන්දුව රෑට රෑට
මුනිවර මන්දිර තාම පාට
මුලපිටු ඇන්දුවා තාම රට

තාම එකතැන
මගේ මුතු රට
තම තම වත බැද
බතවට
හැමොටම හරිගියේ හරිගියේ
කාට
මගෙ රටෙන් හොලවපන්
උඹේ ගත

සිනහාව පිරි මුවෙන් කලා
මට සරදම්
නගාවි මම මගේ රැපෙන්
ඔල්වරසන්
හැම දන හිතන්නේ
තම තම ගැන නම්
තව පිරිසක් වෙනුවෙන්
කෙරුවද අරුතක්

ඒ වැදූ
යන්තර වස්සා
හිත වැදු තැන්

මම කරන්නම් රැපක්
දැන් කවුද ගන්නේ කලිසන්
සැප විදින කලන් නම්
ජනයද බොන පැන්
විදින සුව
විද ඇහුවා රැප රන්

තමන් නැති තමාට බර වූ
හමන් නැති සුළං කවරදෝ
කවුරුත් මැට්ටෙන් අබන්නේ කවූරුන්දෝ
තනි මහ බබාටත් වැරදූ

එක පෙලක් තඩි
මහ පතාක පැරදූ
මගේ රටේ හදාන රැපේ මුල්
හිතින් කඩන් ගියාට රැපෙ මුල්
මගේ රැප තමාය සිනිදුල්

එක පෙලක් තඩි
මහ පතාක පැරදූ
මගේ රටේ හදාන රැපේ මුල්
හිතින් කඩන් ගියාට රැපෙ මුල්
මගේ රැප තමාය සිනිදුල්

මං මැරුණු දවසට (Extended Version) | Man Marunu Dawasata (Extended Version) by Manasick & Minol Witharana ft. Hiyum & Bee [2020]

පිළිගන්නවා රියන් හය
හතරට
ගත පාස්
සතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට ගුණ වර්ණනාව
කරයි බොල භෝනා මල දවසට
කියයි කට්ටියක් බැහැ නෑ ලේසී
දෙනවනම් ඕන බරක්
නිදි කිරයි කේ ජී

කොල්ලෝ වට වෙලා බරටම ඕමී
ගහයි සීරු වන් හූ තිය
කිය කවි පේලි
ඉන්නකම් කෑවෙ ලෙව
කාගෙන බත්
හට්ටි හත් දවසෙ දානෙට
පලතුරු වට්ටි පුරවන් මුට්ටි
කෑම කයි මෙහේ කට්ටි
විසිකරයි වැඩි මුදවපු කිරි හට්ටි

සිගරට් දුමක් නැති
මලගෙදරක් නැති
හුදෙක් මැරුවත් නිදි
මත් තිබිලත් නිදි

පවකට පල නැති
පිනකට පන නැති
කුණු පුරවලා ඇති
මලමිනියක් ඇති

කලුවර තැන් වල යාලුවෝ ඉන්න
මගේ මලුවෙදි මට සැලියුට් දෙන්න
හදපිරි කතා මම නෑයොත් එක්ක
කතා කරයි
ඉදා මම පින්තාප නම්
උඹෙන් ගානක් කඩහං මචං

බූරුපොලේ උන්ට නෙස්කැෆේ
නෑ කිව්වොත්
හිස් පැකට් නෑ
සිගරට් විස්සේ පැකට් නෑ කිව්වොත්
මිනීවල කපනකොට බෝතලයක් නෑ කිව්වොත්
වකුගඩුවක් ගනින් මචං අයින් කරලා නෑ කිව්වොත්

ඇයි මැරුවේ නැත්තේ ඉපදුන දාම
කියලා ඇහුවා අම්මගෙන්
මතකයි තාමත්
ඕනෙ උනේ කියලා යන්න
මගේ ජීවිත කතාව
වලලපන් මාවත්
මගේ අම්මා ගාව

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මං මැරුණම
කලු බැනියමක් අන්දලා ඩෙනිමට
ක්ෂණික වඩම්මපං සාදු කෝපි මැෂිමට
බූම දාන ඉරිදා බදාද ද ගැටිමක
චන්ද්‍ර පනාගොඩ ප්‍රදර්ශන ඩෙනිමක
මගේ මලකද බදාගෙන කරන කබඩි
අලියා බාර්ලි නැතත් බොලා
දැහැමි සිත වඩති
පොරකයි ගමේ මරනාදාර සමිති
අහයි බුරුත තේක්කද මිනීපෙට්ටි ප්‍රමිති

පහේ සිල් ගන්න යන්න වෙන කාලෙදී
මගේ පින මා මනින්නේ වැරදි තරාදියකින්
ජීවිතය බොරුවක් නම්
උඹ ඒකෙ නාස්තියකි
මරණ සංහතියක්
ගෙව්වා එක පාස්කුවකින්

ඇහැ පියවී මේ නිහඩ බවත්
වාදනයක්
කුසලයක් විටෙක දැඩි වීමත්
වාහනයක්
අපි ලිව් කියූ දේ
අළු බොට්නි පොතක
සායනයක්
එහෙව් පොතට දාන කවර
ටී රෙක්ස් ඒකත් ඝාතනයක්

මම මළ දවසක ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන්මාසේ දානේ වෙනකොට
මම පස්සේ
මම දුන්නා පොලිති මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනිය තට්ට
ගමේ ගෑනූන්ගේ ගුණ
වැනුම් නම් පට්ට
වචන දරුණු වෙන
ප්‍රවේසම් කාලේ මේ
මළ ගෙදරත් එක දේශපාලනේ

මැලවුණු මල්වඩම්
බැනර් වල මල් වදන්
කලුවරේ මඩු පිටිපස්සේ
කොල්ලෝ ගල්පතක්
මට බැන කටින්ම
මගෙ පව් හෝදන
පන්සලෙන් එපා මට
පිං අනුමෝදන

කව්ද උස්සන් යන්නේ මාව
ගහපන් මළ බෙර
සමුගැනි සාදේ බලු සුසානෙට පෙර
එකා එකා එද්දි දැන්
මිනිය කරන්න මුර
කර මතින් නෙමෙයි ආවේ
ජීවිතේ මේ දුර

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

සාතිශය සංවේග
ශ්වේත වර්ණයට
කොඩො දැවෙයි
නිමවී තියෙනවා පෙට්ටියක්
සාමදානෙන් මොහොතක් බැලුවත්
සාමදානෙන් සැතපී සිටිනා රූපේ ස්මරණයක්
සාමකාමී බව බිදිමි
දැකුමෙන් මමම වැතිටී පෙට්ටියක
මට මෙය අරුමයක්
සාමකම්පිතව පෙලක් මුහුනු
සාමිචියක සතුටු කොනක සමහරක්

රූපකාය මිදුලේ සැරිසරමින්
චර්‍යාවන් දෙස මහත්
උවමනාවෙන් බලමින්
මත් ඌනතාවයෙන් පෙලෙන පිරිමි
දැඩි මුහුනුවරක් ගනිති
බූරුවන් ගසති
මූනිච්චං සිනහ පිරුනු ගැහැනු
මූලිකවී සෝදාහරිති උවුනොවුන්ගේ කුණු
කැසල සංකල්පවේදින්
සංකූලතාවෙන් වාද වල යෙදෙති
එලෙසින් සංයුක්තයි මුන්ගේ
අසික්කිත සිද්දි

මරණං නියතං
ජීවිතේ අනියතං
නං මෙතරම් අරුමෝසම්
ජේත්තු කුමට බං
මතුරං වස් කවි
කලක් දෙස් තිබූු උන්
කදුලු වගුරන් පස් කති
වලලද්දී වෙස් පෙරලා
ඇස් ඇර දමනය කරලා
අබ්‍යන්තර යක්ෂයා
අස්වද්ද දැනුමක්
ප්‍රන්‍යාවෙන් මස්තිශ්කයක්
සිත් සංතුශ්‍ටියෙන්
හුස්ම හෙලපං
ප්‍රවිශ්ඨ වෙනවා
සසර වංකගිරියට මං ආයෙත්

ගිනි ගිනි මලගෙදර
හඩා වැලපෙයි දෙදර
මේ මාව වටකර පිරි
නෑදෑ හිත මිතුර
හිද විදින වී සැලෙන
පර ලෝක ගීතිකා
ස්ලෝක පිරි යාතිකා
පූජක කථිකා

මං නැති පාඩු නිසා
වෙන්න අඩුපාඩු කියා
දුකෙන් නොව පාඩු තියා
ගෑනු අවනඩු ලියයි

නිසොල්මනේ මවයි පියයි
හදපු එකම දරුව කියයි
තිබුනු සතුටු පොදි බැදන් ගියයි
හෙලවෙන මනසම හොල්මනේ

ගැට්ටෙන් මුහුදර පැන්නත්
උබේ බෝතලෙ සුනංගුවේ
හිරකලේ මං මලේ
දවස් හතේ නිදි මලේ

දාන මාන පිරි වස් දොස්
අහඖ ගියපු තතු වස් දොස්
බාරහාර වෙලා ආත්ම සැනසීම
හතරගිරියාම අන් දොස්

මං මල දවසට
වඩම්මන්න අහසින් මල් වඩම්
එදා මම හවසට
කනත්තට පහලින් පන්දම් යං
යන්නම යන්නම් මේ දැන් නම්
හැම වෙස්සේම
මතකේ තියන් අවසානේ සතුටින් විසිර

වල ටකරං
ඉදගන්න යකඩ පුටු ඉරලා
ගනිල්ල මගේ බන පොතේ පිටු
කියන්නෑ මුකුත්
සරසපන් සුරතින්
ගම සභාවම අමතපං ගුවනින්
ගමසකු වුනු මගේ මිනියේ ඉදන්
වරුවේ හවස
අහංඉදී මොකක් කිව්වත්
ඒක මගේ දවස
මැරුණු දවස
නිවාගනින් පවස
උඹත් යන්නයි යන්නේ
ආයේ ඒමක් නෑ නැවත

මම කරවන්නම් පිලිවෙලින්
කවුරුත් නෑ මට වහන් කරන්න
උන් පිලිවෙලින්
මෙම ගමනක් මාරක නිලවලින්
කෙලවර උනත් දැන් වහලා තියෙන්නෙ
දැන් තිර වලින්
බැදි වලින් යට කරාවි
පිලුනු වෙන්න මල සිරුර
මගේ පිලිස දිරනු
වෙනසක් නෑ ඉන්නකන්ම
කුණු වලින් පිරුනු
නරා වලක ගෙවුනේ
කර වටක්ම ගිලුනු