පුදුමයක් වගේ | Pudumayak Wage by Manasick SANUKA

Sinhala song lyrics with music notes illustration

විශ්වාසයක් නෑ ළඟ, කිව්වේ මට “උඹ හෙන නරුමයෙක් වගේ”
ප්‍රශ්නාර්ථයක්! ඇයි උඹ කිව්වේ “පෙනුමෙන් මූ අදමයෙක් වගේ”
රැව් දුන්නා උඹේ දෙස්දෙවුල් කම්පන කළා ඇස් කදම්බයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ?

පුදුමයක් වගේ පුදුමයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ ?
පුදුමයක් වගේ පුදුමයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ මං දින්න තැනදී?

මම දැක්කෙම නාරා වලක් හීන මත්තේ
කුලල් කාගන්න වෙර දරනවා කඩි ගුලක් පොරේ
පොත යටින් නෑ වැඩ, පොත ඇතුලෙම බලි ගෑවා වහල උන් කොලේ
හැම මුලධර්ම සිද්ධාන්ත, පිටුවල නෙමෙයි තිබ්බ සිහියෙයි බං මොලේ
ඇයි දිරවාගන්න බැරි? ගහනවා බොරු මාන්නයෙන් පිරි ලෝකෙ උඹේ උස්සලා මං පොලේ

දරදඬු රෑප කායක්, හඹා ගෙන එන්නේ මම උඹේ මනෝකායත්
එන්නේ පාළු කරන් ඕන බලකායක්, ඕන පව්රක් බිඳන් මොන මහාපායක්
සේනා කලා රැස් මහා ජනකායක් නරඹන්න අද සැකසුවා භුමිය
උඹ ඉහට විසි කලත් මැසිවිලි පය ළඟ තිබ්බේ වගේ ජයසුරිය

විශ්වාසයක් නෑ ළඟ, කිව්වේ මට “උඹ හෙන නරුමයෙක් වගේ”
ප්‍රශ්නාර්ථයක්! ඇයි උඹ කිව්වේ “පෙනුමෙන් මූ අදමයෙක් වගේ”
රැව් දුන්නා උඹේ දෙස්දෙවුල් කම්පන කළා ඇස් කදම්බයක් වගේ
ඇයි අදහාගන්න බැරි ඇයි බලාගෙන ඉන්නේ දැන් මාව පුදුමයක් වගේ?

බොට ඇත්තෙම සිතුම් පැතුම් පැරණි
වෙලා නැත්තෙම කාටත් කවදත් පැරදී
උඹ දැක්කෙම හැමදාම වැරදි
ඒකයි අදහාගන්න බැරි මං දින්න තැනදී

“වෙඩි වදන්” කිව්වත්, උන් තියන්නේ කාටිස් දා
පින්සල එකෙක්ගේ ඒත් කියන්නේ Artist ලා
උඹ ඇති-දැඩි කල මොළ මැටිකැටේ පතබාන්නේ පොලේ වගේ මම batista

රෑ රෑ රෑ නින්දක් මරන්
වින්ද හැම කුසගින්නත් වරන්
බින්දා සිරිත් හුදෙක් හීනත් දරන්
හෙව්ව පනම්, කාලෙන් ගෙව්වා ගණන්

ඒත් අද සාඩම්බරයි! එදා හෙළු ඝන දහදිය අද ආඩම්බරයි
වරෙන් මනින්න උඹෙයි මගෙයි කරයි
මගේ එක වදනත් බොට වඩා බරයි boy!

written by Manasick

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply