බිල්ලා | Billa by Manasick ft. Drill Team Westnahira & Heva

Sinhala song lyrics with music notes illustration

මේ ප්‍රාණ භීති දාව නීතියක් බිඳ ආවා කාලා දාලා නාව රීතියක්
හොයනවා අඟලක් ගානේ ලුහුබඳි මාව මාවතක් ගානේ වීදියක්
ගිනිඅවි වල දුමාරය වගේ ඇබ්බැහි වුන උන්ට දාන බීඩියක්
ගොදුරක් මට පාප ජීවිත හෙලනවා බිම දැනෙයි මාර ප්‍රීතියක්

තේරුම් කලත් පයින් පාරකින්
මුන් තේරුම් ගනීද එක වාරේකින් ?
මේක කෝපයෙන් පිරි ලෝකයක් මට
සෝකයත් රෝගයක් වට
මෝඩයත් ලෝබයත් හට ක්‍රෝදයත් ශ්ලෝකයක්
බිඳ පාදා සිඳ බාදා තේරුම් ගත්තා මගෙම ආරෙකින්

දැන් බයේ ගැස්සී තිගැස්සී හැම අඳුරු පාරක
තියයි උන්ගේ රැස්වීම් හරස්වී නැවතුවා සභා කාරක
ඉල්ලා අස්වී බලඇණි පලා ගියේ දැකලා ත්‍රාසයේ වාහක
අත්දැක හුස්මක මාරක බිඳගෙන එන්නේ මම බොලගේ බාධක

බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා
බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා….//

මේ යුදබිම් වගේ පුදබිම් මාව දැක්කත් බලයි උඹ උඩ බිම්
බිලිගන්නේ හුස්ම උඹේ !!Snap!! යදියි “මැරුනානම් මම උණකින්”
මේ නගරය මම සුරකින් ආවත් වාහේ මොන පුරකින්
නමටනම් කිව්වා තොපි දියසෙන් පැනගන්නත් බැහැ පොඩි උඩකින්

උබේ ඇස් ඉස්ම මස්තිෂ්ක දියකර දෙන්නම් මමයි ග්‍රීස්ම
දෙවියටත් බේරගන්න බෑ ජෙරෝමි කලත් බහුතීස්ම
වෑයම් කරනවා පණ ගැහෙනකන් මගේ මාංශපේශි
කායබලය සර්වකාල වෙන්නෑ උබට ලේසි

වරදගත්තේ හැදාමත් වගේ උඹ කර්මයෙන් ගේම ඉල්ලා
මට තඩි බාන්න ඕනේ අඩි ගානක් උඩ ඔලුවෙන් උඹව එල්ලා
ඔය මොන තරුත් තනි කළු බයේ චකිතයෙන් උන්ගේ දිව ගිල්ලා
නෑවිත් ඉඳි කිව්වත් ඈවිත් ඉන්නේ දුවපන් ගෝනි බිල්ලා….

බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා
බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා….//

අන්ධ ගොළු බීරි දන අන්දකාරේ
උණ්ඩ ගන්නේ බිලි මිනී අද පාරේ
දුර්ලභයි කෙලින් හිස් නැහෙන්නෙ අකාලේ
Westනාහිරින් යක්කු දෙන්නෙක් මේ අවාරේ

වමේ පුත්‍ර උඩින් පල්ලෙන් බලන් එයි ප්‍රකාශනේ communist
සාහසික තතු හේවා දිග අරියි මග තොට නෑ දැන් කම් මිනිස්
නිස්කාරනේ ගස් ගල්ද වැඳ සංසාරේ දික් ගස්සන්න
මිහිදන් කලා විරු පස් කන්න උන්ට බාස්මති එක්ක මස් කන්න

උළුක් වූ මොල කෙනිත්තූ මං නැගී සිටි තව කෙනෙකු
මේක හටන් බිමක් මං gladiator අපි ඇන කොටා උන් පිනවූ
තර්ක මැද ගමන විටදි කල කිරුනත් අවසි තැනට කොඳු සිරස්
බලය මට පවර ලඳරු මත මැරුවා අයාගෙන ඉන්නෙ තිදැස්

තිරිසන් මෙන් ක්‍රියා කරන
බිය වදී අසා මේ ව්‍යාකරණ
පෑන පොඟවලා ලේ කුප්පි
මානසික් මං හෙව්වෙ යුක්ති

බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා
බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා බිල්ලා….//

written by Manasick

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply