අඩෝ හූ | Adoo Hoo by Manasick ft. Drill Team Westnahira

Sinhala song lyrics with music notes illustration

උන්ගේ ජාතකෙට දාව තාමත් කඩේ යන උන්
කෝ ආදරේට නිය කකා වැලෙලන උන්
කෝ යාපනේට කාමරේක යුද්ද කල උන්
බැලුවොත් භාවනාවේ, හොරෙන් බණ තලනවා මුන්

අඩෝ හූ! ///

බැස්සුවා වන්ඩියක් V8 ඇතුල භවන වගේ
කොළබ ග්‍රීස්මෙට AC ගත දැවටුන පවන අගෙයි
රට්ටුන්ගේ කයි කතන්දර පිච්චිලා යන්න ඇස්වහ
කන්ධ කුමරු වඳින්න අදිවේගයේ ලෑල්ලට ඇද්දා

මිරිස් කරල් දෙහි ගෙඩි චිරිස් ගාල කැපී යද්දී
සිරිත් පරිදි පිරිත් දමා මාධ්‍ය ඉදිරියේ විරිත්තුවා
දන්නැද්ද එහෙන් මෙහෙන් මාධ්‍ය කැම්පේන්
රටට වැඩ කළා කටට හති Shangrila champaign

විසි කලා උඩු වියනේ
ආයෝජන කළඹ විජාතිය මහත්තුරුත්
දෙජාතියකින් සුලබ නමස්තේ ආප්කේ ලියේ
ඩොකියුමන්ට්ස් තාය්යාර් හේ, ම්ම්ම්

ඩොලර් සුවඳ නාස් කුහරේ ආශ්වසේ
ආස්වාදේ ගෙනදෙයි යේ ලේ බයි සහබ්
නාස් ලනුව බින්දු පොකුරි මාස් පඩිය
ඔසේට වැඩ සුසැට ගැට භාඩගරේට සුද්ධෝදන
උත්ගෝෂණ උද්දමනය උත්සන්නයි උත්ගතයි
උත්තරය බැහැල යන එකයි ඒවා හීන..

හීන පුරවැසියට දැන් කුළුබඩුවත්
අඳ දොස්තරයට රෑ වේලට ඇළුනු වකුගඩුවක්
වඳී ගල් කන්දක මැස්ස ගහල සලෙලු බණ මඩුවක්
මුන්ට පසඟ පිහිටා වඳින තොපිටයි දාන්න ඕනේ නඩුවක්

ලාංචනේ කිව්වත් කාකි “ධම්මේ භවේ රක්කති රාජකාරි “
උඹේ වල්ලෙන් අල්ලා දාන්නේ හිරේ (එක) අණෙන් ධර්මචාරි
damn! මළුවේ ප්‍රියසාදයක්, ඇබිත්තයටත් නෑ කාරී
බොලව් මාතා වෙන්නේ අපිට, උන්ට වෙන්නේ බුදින බාරී

උන් වෙනුවෙන් තොපි දෙනවා ලැජ්ජනැතුව චන්ද සාක්කිත්
දැන් ඉතුරු නෑ වාටිත්, තවරන් කන්න හර්දසාක්ෂිත්
රටම රතන අවුලවා අන්තවාදේ පත බාද්දීත්
බොලට වඳ උනාට ආදරේ, බිහි කලා ෂාෆි!

උන්ගේ ජාතකෙට දාව තාමත් කඩේ යන උන්
කෝ ආදරේට නියකකා වැලෙලන උන්
කෝ යාපනේට කාමරේක යුද්ද කල උන්
බැලුවොත් භාවනාවේ, හොරෙන් බණ තලනවා මුන්

අඩෝ හූ! ///

තුස්නීම් බූත වී බදු දැකල මල්වත්තත්
යායට කඳු කපලා පිළිකන්නේ ගල් වත්තක්
හොරගොල්ලෝ පොරකන්නේ මතක ඇති රත්වත්තත්
උන්ට හැම්බෙකන් තුන්වේල උඹට පොලුයි බත් බත් බත්

උන් ජැන්ඩියට ඇඳලා උඹේ ඇඳුම් කැවත් කාවා
ළමයි එංගලන්තේ ඉගෙන ගන්නේ බොලට කවලයි මාවා
උඹේ ළඟම එකා බයයියෙක්ද දියන් ඌව පාවා
අහක බලන් යන්නේ ජරාවාසේ උනත් ජෙෆ්රි බාවා

බොලට දියවැඩියා උන් සීනි වලටත් කරලා වංචා
ඒකයි රිදී තිරයේ විතරක් බල්ටි ගහන්න ඇහැකි රන්ජා
ප්‍රෞඩ ඉතිහාසේ සිංහ දේසේ නෑනේ අපි බය
චීන කටු ලෝක බැංකු imf ණය!!!

උන්ගේ ජාතකෙට දාව තාමත් කඩේ යන උන්
කෝ ආදරේට නියකකා වැලෙලන උන්
කෝ යාපනේට කාමරේක යුද්ද කල උන්
බැලුවොත් භාවනාවේ, හොරෙන් බණ තලනවා මුන්

අඩෝ හූ! ///

written by Manasick

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply