අරුම | Aruma by Manasick ft. Drill Team Westnahira

Sinhala song lyrics with music notes illustration

උඹ හිත හොරා කෑවා, දෑස සැණින් සිර බාර වී
ගොදුරක් කරන් උඹේ පාරමී
හිතේ හදිස්සිය! උඹේ ආඥා-බලතලයේ ප්‍රකාර වී
නීතියේ නූපුර හඬ දෙයි හැඩයි පයේ සාරථී

දන්නවා මම තුප්පහී, රැදෙන්න දියන් උර බෙත්මේ හී
උදාරම් උහුලන් ඇකයක්ම වී
උඹේ හලාහල ඇල්ම බැල්ම පැනයක්ම කී
ඒ සයිනයිඩ් තැල්ල සිහිය මට සුරයක්ම කී

නිවාදමන්න දෑහේ දැවෙන වර්ති
ශ්‍රියා වයන්න දියන් බලන් උඹේ සිහශක්ති
මගේ ප්‍රියාව අම්ල වැස්සක් ඒ මෝසමේම මත්වී
පිපාසයි ඛේට ග්‍රන්ථි, තමලිනි කියාපන් භූමියේ මේ කවුද චක්‍රවර්ති

මල්ටි බැරල් කැරළි ලේ කලා
සිහින් පොදයෙන් වැටුණු මීනි අළු තුහිනක් සේ කලා(ව)
තරණ සරණතලයේ හැඩය බලන් රවයි අසේකලා
පැලඳ උණ්ඩ මේඛලා, උඹේ ස්වරයේ ඝෝෂා ඝනය දාහක් චන්ද්‍රලේකලා

උඹේ අයතීන් මිහිදන් සුවයේ මිලයි කණින ආකර
මගේ පවසේ තොල සිඳින්න මවන්නම් සියයක් වාකර
කිලිටි ඇරලත් කොහොම රතු උනේද සාටක
යහනේ අතුරුවන්න දියන් ඛේදවාචක

ඇඳ පැළඳ අළු ගසා ගිණි අවි අතැතිව
ඇවිදියි දිවි නසා මුහුණත රතැතිව
තිමිරයේත් – අරුම!
නිරයේදී – අරුම!
දිස්නයේම-විශ්මයේම අරුම!

උඹේ සිහින් ඉඟි යාන්තමක්
දුන්නා වගේ මට කොබ්බැකඩුව තාන්නමක්
ඔය දිව්‍ය අංග තනු හුදෙක් කාන්දමක්, ආගමක් අවධානමක් ප්‍රාණවත්
අවදානවත් සාරවත් නෑ තාම අවසානවත්

රහසින් තියන පාද චාරිකා
උඹේ සිලිලාර හොයන්න ඕනේනෑ මට මේ යාත්‍රිකා
ඇයි මතවාදයෙන්ම මුරණ්ඩු උඹ ප්‍රියම්බිකා? දැනේද බයේ සුගන්දිකා?
මරණ බයට උඹගේ වේගෙන් දුවල නෑ සුසන්තිකා

ආහ්! හෘදය හොයන් අමුතු වේගයක්
නග්න අහස වසා ඇයිද ඇන්දේ මේඝයක්
ඉරේවි රෞද්‍ර නියට ඔය ගොරෝසු සේදයත්
බලා නොඉන්නේ කොහොම ලැමක මෙහෙම භේදයක්

අරුම-කරුම කෙරුවේ උන්ටික පනස් හයෙන් (1956)
අපේ පරතරය උණ්ඩයක් නම් ඇයි මේ පනත්(පනත) බයෙන්?
ඉහේ මන්කඩක තියං, උදුරා ලයෙන්
පෙන්නන්නනං ආදරේ උඹට T-56

ඇඳ පැළඳ අළු ගසා ගිණි අවි අතැතිව
ඇවිදියි දිවි නසා මුහුණත රතැතිව
තිමිරයේත් – අරුම!
නිරයේදී – අරුම!
දිස්නයේම-විශ්මයේම අරුම!

written by Manasick

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply