An intense and lyrical 2026 rap track by Samith Gomes.
Song Lyrics
පන්හිඳ වෙද්දි
කෙටි වෙන්නද සංවර
අතරතුර වැටී
ගන්නද පන්නර
පරණ කල ගිණි
පළිඟු අන්තර
පෙරට ඇදී බලන්
යං සරඹ සංකර
දැන් තනි කලුවරේ
අතරමඟ ඉඳන් සිහිකළ
පැල පදියන් උනා
දේවල් මං කීකල
පිලිස්සි යන අළු
ගින්නකින් සීතල
විසිරී ඒවී දැන් මඟට
පුපුරන් ස්පීකර
ලියන්න හිටි පැතලි
කොළ කැබලි හිස් වු
තිබ්බ සේසතම
දෑස් අසල දිස්වු
සුපුරුදු පඩි පෙල
අඩියත් ලිස්සු
අඹලා ගත්තේ දෙවොලක්
මැටියෙන් පිලිස්සු
Halla! වැඩලා ඉන්නේ තැනට
පේන්නැති උන් ඇස පිහ දාපන්
කුණු ගොඩවල් උබලෑ කන
ලඟින්ම ගෙනත් දාපන්
ඉවසපන් දැනට කර
උඩට බර දාපන්
කොහොමත් අවිලෙන
ගින්න උබලත් අරන් දර දාපන්
හා! මේවා උඩ
තියන තල
ලෝදිය එන්නේ
කටින් සීතල කල
දුර උන් විතරයි දන්නේ
සැර ඊතල වල
සලකුණුත් පවා මැකේ
තිබ්බ මිහි තල වල
පන්හිඳ වෙද්දි කෙටි
වෙන්නද සංවර
අතරතුර වැටී
ගන්නද පන්නර
පරණ කල ගිණි
පළිඟු අන්තර
පෙරට ඇදී බලන්
යං සරඹ සංකර
ඝණ වෙලා හිඳුනා
පෙනහලු වල පෙරහුරු
බලි කුරුටු කැත උනාට
තමත් හෙළකුරු
පෙර පුරුදු ගිලදා
මරා හෙනහුරු
පරපුරක් නිසොල්මනේ
අනතුරක් ලන් වෙන තුරු
තොරතුරු? පෙරලපන්
එලියන් සඟරා
තනි කලු
ටාගේරියන් මකරා
පිඹලා දැම්මා හරසර
බලෙන්ම අඹරා
දැල්වුවා පහනක්
වමාරං කන උන්ව සමරා
අඩෝ! අසමන්ය සෛල
පටක තුලට පැතිරුනත්
මරයි ධමණි හා
පරම්පරා ආස නැති උනත්
එක දිගට කැරකෙන
රොදේ දැති උනත්
තැති ගන්නවා නිතර
පැතිර ගියා ඇති උනත්
කටනා සමුරායි
තරු සෙන් පුර
පායා අහසේ දවස
අග කෙම්මුර
රිංගා ගෙපැල තුල
කපලු කඩන් මුර
මතින් කාලය හා යටි
පතුලෙන් ගෙවා දුර
පන්හිඳ වෙද්දි
කෙටි වෙන්නද සංවර
අතරතුර වැටී
ගන්නද පන්නර
පරණ කල ගිණි
පළිඟු අන්තර
පෙරට ඇදී බලන්
යං සරඹ සංකර
Song Information
Song Title: Pannara (පන්නර)
Artist: Samith Gomes
Lyrics: Samith Gomes
Genre: Underground Rap / Hip-Hop
Language: Sinhala
Release Year: 2026
Combined Analysis Block (Summary, Meaning, FAQ)
Song Summary
“Pannara” is a sharp and intellectually charged 2026 rap track by Samith Gomes. The song blends complex lyrical constructions, sharp social commentary, and aggressive rhythm to showcase technical prowess and raw poetic expression.
Song Meaning
The song explores themes of artistic endurance, inner resilience, and defiance against superficial standards (“panhinda weddi keti wennada sanwara, atharathura weti gannada pannara”). Samith Gomes uses intricate metaphors, cultural imagery, and metaphors of fire and clay to reflect on personal struggle, creative integrity, and standing strong in the face of adversity.
Frequently Asked Questions (FAQ)
What is the core theme of “Pannara”?
The core theme is lyrical resilience, artistic identity, staying true to one’s craft, and overcoming hardships through grit.
How does the lyrical style stand out?
It utilizes dense, multi-layered poetic verses combined with a fast-paced cadence, showcasing sophisticated wordplay and traditional references within a modern rap framework.
Who created the track?
The song features lyrics, vocals, and overall composition entirely created by Samith Gomes.