Sinhala song lyrics with music notes illustration

ඇහැරවන්න මා
මේ නින්දෙන්
මේ හීනේ මහා කලු පාටයි

ඇහැරුනොතින්
සිහිනෙනුත් නුඹ හිදී

ඇහැරවන්න මා…

ආලෝක කිරණ
පැහැරගන්න මා
මේ වනයට පිලිකුළ දෙන
සැරව වන්න මා

මේ හිරි යතාර්තයට
බැහැරක් යන්න මා
ගමනක් යන්න මා
චරිත ඇහැරවන්න මා

උන් ඇන්දේ ලෙයින් අපේ මායිම්
අනදුන්නේ පෑනෙන්
සාමය අදික වනයක් පිරන් දැහැනෙන්

හීනෙන් අපි එයි ඉතින් බොලා දැන් ඇහැරෙන්
උන්ට ඇහි පියන් බලයක්
පල වින්දා අන්ද දැක්මෙන්

මවක් උරන වී දැනෙනවා
බිලිදු වී ඇඩෙනවා පෙකෙනි වෑලට
උතුරට දකුණට තොපි කඹ අදිනවා
ලේ පොලව මතුපිට හිම කැට
උන්ගේ පොලො තල යට බිදෙනවා
ඒ උල් පස් පිඩ ගෙන උඹලා
රලු කලු තෙල් බිදෙනවා

උඹ ඉදිරිව මම
උන් දැන් ආස්වාදයක්
උබේ හුස්ම ගැනීමේ ප්‍රාස්වාසේ
උන් ගන්න ආස්වාදයක්
ගන මුල වක වෙලා
තනිකලු හීන මැව්වා අන්දකාරයක්
ඇහුනද මේ පිටට
අපේ නෙපිටට කලු විකාරයක්

ආලෝක කිරණ…

මේ හිරි යතාර්තයට…

written by Chandrasena Thalangama & Manasick

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply