සොයුරේ | Soyure by Dilo & Dilu Beats [2025]

Sinhala song lyrics with music notes illustration

මුලා වී මා මුවා වී දැන්

උනාවී රෑ කුදුලු පෙම්

සොයා වී මා නොමැති මං

අවදි රෑ හැර විමන් 

පෑ වියෝගෙන් මා වී ශෝකෙන් 

ඉන්නම් රෑ එපා වීලා.. 

පාවීලා.. තැවිලා… 

ඇසේ දෝ මේ සොයුරේ මං 

පෑරූ ලොවෙන් මිදුනා.. 

බිඳුනා.. සිත මා…

අද ලග මම පෝරකේ ලිපිය ලිය්ද්දි කදුළු වැගුරුනේ දෑස්න්

බාල කාලේ නුබෙ කෝලම මතක්වි බැලුවත් ඒත් තාමත් නුබ ඈතින්

මව් පියන් නැති කාලේදි උඹව හදා ගත්තේ මගේ දෑතින්

දරුණු වලකට වැටුනා මං උබ ලොකුවෙන්නත් කලින් මොලේ පෑදී yeah

මට ආරංචි වටින් කියන කුණු කතා මේ පිස්සොන්ගේ කටින්

අවුස්සන්නෑ මං ඉතින් කඩන්නෑ ඒ පොරොන්දු මගේම අතින්

මගේ හද ගිඩි ගිඩි ගැහෙන විට කන්නවත් නෑ මට පිරි

හදවත රිදි රිදි දැවෙන විට යන්නවත් නෑ මට විරි

පීදී එන කල මා නොහිඳ ළග මා ඇයි ද නොබලා

වීදිවල අද මා එලෙස තවමාත් ගැටෙමි ඇවිදා

මල්ලියේ කතාව මේකයි මතකත් නැතුව ඇති උබට පොඩි කාලෙදි

අපේ මව්පියන් නැති කලා වෙඩි තියා අතරමගදි මහ පාරේදි

මට පළිගන්න ඔනේ වෛරය ඇතිවෙලා හොදටම කාවැදි

මම එකා එකා නැති කලා පව් පින් නොබලා ඒ තේරෙන කාලෙදි

දකින්න ලේ මට ආසා හැම මිනිහම දණ ගැස්සුවා පාමුල මේ

අවසානේ මොහොතේ ඉතිරි වුනේ මහඋළු ගෙදරයි මං දැන් පාලුවේ

අමතක කරන් ආලාපේ නොගනින් හිත් පාරා මේ

උඹ උඩටම පලයන් මල්ලියේ ගැලවී මේ කලු මායාවෙන්

පෑ වියෝගෙන් මා වී ශෝකෙන් 

ඉන්නම් රෑ එපා වීලා.. 

පාවීලා.. තැවිලා… 

ඇසේ දෝ මේ සොයුරේ මං 

පෑරූ ලොවෙන් මිදුනා.. 

බිඳුනා.. සිත මා…

written by Dilo & Dilu Beats

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply