කදුලු මුතුහර | Kandulu Muthuhara by Charitha Attalage ft. Kavinda

Sinhala song lyrics with music notes illustration

අතීතයේ කෙලහෙලූ
ආදරයේ මල්දම්
නුඹ ඇවිදින් කඩා දමා
හේතුව මම නොදනිම්

සිහිවන විට ඒ අප
සොදුරු අතීතයේ
කදුලක් එනවාමයි
ඒ කදුලෙන් මේ මුතුහර හැදුවේ
ඔබේ ගෙලේ ලන්නයි

කදුලු මුතු හදා
පලදවන්නම්
සදේ මං වෙන්ව යන්නම් //

මානසික්
වෙස්නාහිර
එන්න මගේ සදාදර ප්‍රියාවිය
පලදවන්න මේ
මුතුහර දැවේ හදේ ගිනි දැල්
ගන්න මදක් අහකට ඔය කෙහෙරැල්
කොතැනවත් තැවි තැවි නොම ඇල්
රැගැන ගියා සදහට
ගෙල වට තිව්වා ඒ කැලැල්

උඹ වෙස් බැන්දා කලකදී
මග හැරුනා යතාර්තයේ ඉව එකතැනකදී
උඹ මැව් අනාගතේ දීප්තියෙන්
නිලංකාර උනා මගේ ඇස් හැම රැයකදී

ඇතී කලා ජීවිතේ අහිමී
තරහවෙන් උඹ මත්තෙම නහිමී
පලිහක් වගේ වියලෙද්දී ඇස් දෙක
සැඩ මතකේ අනුරාවට වහිමී

තනි උඩ උඹේ කදුලට හුරු වූ අග
උහුලන් හැකි තරමට උණූ බව
තවරා උඹෙ පහසින් මා දුන් මුතු හර

සමනල තටු මත අප ලියූ
පෙම් ගී මැකිලා නම්
නුඹේ මිහිරේ වෙනස් වුනේ
ආදරයේ කටු ගෑ…//

සිහිවන විට ඒ අප….

කදුලු මුතු හදා…

written by Chandrasena Thalangama

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply