මොණර පිලේ | Monara Pile by Charitha Attalage ft. Chamara Nirmal

Sinhala song lyrics with music notes illustration

වනඹබර රජා
සිත තරහා වෙලා
මට රවනු එපා

ඉමි සින්හා සලා
මම විහග කුලේ
අමතකද නගේ
මල් කැකුලු සොයා
තටු සලනු මැනේ
මම උමතු වෙලා

මගේ මොණර පිලේ
නිල වැඩිද නගේ
මග නතර වෙලා
හැරි හැරි බැලුවේ…//

වනඹබර රජා
මට රවනු බලා
මා සිනාසිලා

පිල් විදහාලා මා රගනු බලා
උඹටත් වන මල් අමතක වෙලා
මම විහග කුලේ
අමතකද නගේ
මල් කැකුලු සොයා
තටු සලනු මැනේ

යස නාරිලතා
ගත ගිලිහෙන්නා
මුදු මීන රැගුම්
රගපා පෙන්නා…//

නුදු පේර මලේ
පෙති ඉහිරිලා
රොන උරන තුරා
පෙම් ගීය ගයා

මනමාල හැගුම්
හද සිහින මවයි
ඉවසනු බැරිමයි
උබ මාගේ නොවෙයි
මී මැස්සි වගේ
වට කැරකීලා
මට කොමල පපා යන
මයෙ නෑනා
මම උමතු වෙලා

written by Chandrasena Thalangama

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply