වහල් වෙලා | Wahan Wela by Drill Team ft. Randhir & Manasick

පින් දියන් රටට
මුතු ඇටේ උදේ අටට
ස්කෝලෙ පුහුනු කලා කටට
ඩිග්‍රියක් මුකුත්ම දුන්නෑ බඩට
තවත් එක් සරුංගලයක් ඉතාලියට

චාඕ මල්ලි වැඩ කරපං හොදට
අම්මේ ආයේ බඩු ගන්න එපා පොතට
යූරො සීයේ කොල හුරු වෙලා අතට
කොලෙත් හම්බෙලා අවුරුදු පහක් අදට

යන්නත් ඕනේ ඒත් අමුතුයි හිතට
අපෙන් මුකුත් නෑ වගේ ඉපදුනු බිමට
රටමයි අපිව අත ඇරියේ පිටට
වැරදිලා ඉපදිලා හිතෙනවා විටක

සනුකත් මේ කතා
කිව්වා තමයි තිතට
යහපාලනේ අරන් ගියානේ හිරට
දුක ලස්සනයි ඒත් පෑනේ තුඩට
වරෙන් කොල්ලෝ ඒත් ලේසි වෙන්නෑ උඹට

සදනා මන්දිරේ
තනිකම රැදුනේ
මතකයේ සිත් මානයේ
බැහැ ඉන්නට තනි වී
වහල් වී මේ රටේ…මේ රටේ

නාබර වයසෙ අරමුන වුනෙ එන්ගලන්තය
බාදක මැද්දෙ පසුව හීන වෙනස් නවසීලන්තය
එක්සත් එමීර් රාජ්‍ය නැති බැරි කම් මැද
පිට වුනෙ බලා සව්දි අරාබිය
අම්මෙ කොහොමද
මෙහෙනන් රස්නෙයි ප්‍රශ්නෙ පිට ප්‍රශ්න
හිත දැවෙයි ඒ අස්සෙ හීන සතුටින් හිටියත් ලන්කාවෙ
තනි වී සිත සිතනවා සාන්කාවේන්
ප්‍රීතියෙන් අව්රුදු සමරන්න මෙවර බැහැ
තනිකම වෙලාගෙන මුලු වසර
තනිවී සරමින් අද මම කතර
හිතනවා යන්නෙ කවදද ගෙදර
නිම කරනු බෑ වචනෙන්
අව්රුදු ගනනාවක් වෙන් වී මා ආදරෙන්
විදවයි ජීවිතෙ තනි වී මේ රටේ
මා සදනා මන්දිරේ

සදනා මන්දිරේ…

written by Hiyum & Manasick

drillteamwestnahira,manasick,sri lanka cricket,sri lanka election,political rap music,sri lanka president,protest songs sri lanka,police attack sri lanka,sri lanka news,sri lankan rap,derana news,hithana tharam charitha,derana,ayomaya sinhala rap,easter attack,voice sri lanka 2022,crisis sri lanka,protest srilanka,jayamardhanapura wanuma,protest sri lanka,sri lanka political diss,dilo,sakura male,sirasa news,anura kumara,deviyange bare

මහලු මඩමට | Mahalu Madamata by Samith Gomes [2022]

කන්න ගත්ත බත් පිඟාන අත උඩ හිල්වෙලා
ඉර හඳත් හෙලවෙන් නෑ එක තැන් ගල් වෙලා
බොන වතුරත් බොරයි පල් වෙලා
හුස්ම ගන්නත් උඹටයි මටයි මදි දැන් කල් වෙලා
දල්වපං පහන් ශෝකෙන්
ලොකු හඬක් අරන් නයෙක් වඩියි හෙට නාග ලෝකෙන්
වැද්දන් හිටින් ඇයි මේ කෝපෙන්
රැවටීම සාමාන්‍යයෙන් පෙළෙන්නන් මානසික් වහල් රෝගෙන්
දිව විකන් කට කැඩෙනකං
කිව්වත් පිළිගන්නෑ ඉන්න බිමටම වැටෙනකං
බීපාං පෙරපුවා ඇදවෙන්න වැදෙනකං
හිස ගිනි තියගනින් ඉහමොල ගැටෙනකං
බොරු මවා ගැලපූ
බාරදුනා රට ආයෙත් උන්ට හැට පැනපු
තණකොළම කවන්නේ ගොනාට ම ඇනපු
මහලු මඩම උඩ තියන් අපි යක්කු තනි ඇහැට අඬපු

මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්

මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ

ගිනි තිබ්බා තනි යායට
ඇඳන් ඉදන් ලඟ නෑයට
කන්න දීලා උඹලට මෑ ඇට
ඌ වඳිනවා ඌ හැදූ සෑයට

චිත්‍ර ඇන්ඳ උන් හොයනවා යන්න රටක් වෙන
එළියට පේනවා තිබ්බ හිස් ඔළුවල බෙන
ඉතුරු වන උන් ඉල්ලන්නෙම හෙන
සිංහයෝ හැංඟිලා ඇතුලෙම කෝ කොහෙද ගල් ලෙන
තාලෙට ගැහුවා එකෙක් බටනලා
ගහපු එකාටත් දුන්නා අන්තිමේදී කන හරහා
ඌ නං නොදකිං, ඒ වුණත් තොපි උඩ බලා
ඉද්දි නාකි එකතුවෙලා ගත්තා පැණි සියල්ල මල තලා
හැට නවයෙන් රට ලියලම
දීලාත් දැන් ඇස් දෙකත් රතු වෙලා කඳුලු පිහලම
කනකරත් සින්න වෙලා බැංකුවේ තියලම
ඔබලත් තේරුන්නෑ දැන් බලනවා මල්ල ලිහායලම
උන් එක අත්තේ
වහල ඉන්න කුරුල්ලෝ ඉත්තෑවෝ තොපේ ගැට්ටේ
දුවනවා තාමත් පේනවා මැරෙනා උන් මත්තේ
ඇෆ්ගනිස්ථානුවන් වගේ යන්න වරෙන් ගුවන් යානා තට්ටේ

මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්
මහලු මඩමෙන් ගිලගෙන කරවටක්

මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ
මහලු මඩමට බිලිවෙලා ගෙල උඹේ

අයෝමය | Ayomaya by Drill Team ft. Manasick, Master D & BEE [2022]

තාන්නම් බොරු හුරු මාන්න නම්
දහඩිය බොගේ බොට අවමාන නම්
සමාජය කරයි බොට කුරුමාන නම්
මාර්ගය මග තවත් අවදාන නම්
එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය
රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය
දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය
කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය

සිංහයින් කාලේ හරි කොපුවට කඩුව දාන්න
මර්ධනයට මැදගිල්ලක්ම පාන්න
මගේ ප්‍ර ප්‍ර ප්‍ර ප්‍ර ප්‍රමාණ
කෝ සුවාරිස්? කෝ දාස හපුවලාන?

උඹේ අයවැයටමයි ඔක්කොම ගොත
උන් “හීන් සැරයේ” විද්දා උඹේ බැංකු පොත
ජන ගඟකට එක් වෙයන් පොද
සිංහ කිරි එරූ මෑණියන්ගේ ජාති වාදී යොද

ඌ සාගරේ පලන් සූරයෙක්
උන්ගේ “කන්දේ ගෙදර”ම කනත්තක්
මමයි සෙනෙරත් පරණවිතාන
උන්ගේ ඉතිහාසේ ගොඩදාන පුරුද්දක්, ඒක පුරුද්දක්

මං දන්නවා බොලගේ චක්කරේ
ඉල්ලලා සිංහල අක්කර උබලයි පත්කරේ
පොඩි කාලේ ඉඳන් රජයි පුරෝහිතයි
මට විශ්වාස නෑ, පිහිටෙන් “විජය පත්තරේ”

තාත්තෙක් වගේ ඇනපු ටොක්කක් මේක
“සිංඤෝරේ” උබටයි, සුනිල් ගී!
උන් “අපිට සැදුව අපේ ලෝක”
නිකං බයිස්කෝප් බැලුව වගේ සුනිල් ටී

බොලගේ බඩේගින්න ඇවිලිලා ඒ ගින්න පාගන්න බයයි උනත් “කාලෝ”
උන් දේවදාසි වගේ පාර්ටි දාන්නේ නිසා නෙමෙයි යකෝ පාරෝ

ඇයි නිදහසක් සමරලත් පොදු ජනතාවට විතරක් බාධා,
ගනිං ගලවලා බාටා සද්දේ සෙනගක ස්පාර්ටා,

තාන්නම් ගනී, හරි ගාන නම්,
කඩෙත් ගිහින් තවත් මදි, ගුටි කාලනන්,
තවත්බලා ඉඳ බෑ කරබාලනම්,
මාව නවත්තන්න බෑ තග දාල නම්

තාන්නම් බොරු හුරු මාන්න නම්
දහඩිය බොගේ බොට අවමාන නම්
සමාජය කරයි බොට කුරුමාන නම්
මාර්ගය මග තවත් අවදාන නම්
එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය
රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය
දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය
කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය

උන්ගේ උගේ පවුලේ අවුල
දුරින් ගව්වේ ගව්ව පතුරා ඒ දුසිරිත් මාන්නය
කරින් තාම තනිකර මිනිස්සුන්ගේ ප්‍රාණය
ගැබ් ගත්තු තුන්හෙල හරක් සත්තු
මනස්කාන්ත වු ගැබ් ගෙලක්
නාමී අම්මාගෙන් ඉල්ලා හඩයි
වායු තලේ පුරා සරයි
ඉතින් උන්ට සද තරන් කරන් දුර ගමන් ගොසින් එන්න සිරි සිත සිරකරයි
අසම තැනක සිට සබද සම සමග
රිදෙන විස විදින අස වැසිල්ලකින් ලද
අසම උස මුදුනෙන් බැස වරක දවසක්
ඔය දෙඇස් ඇර සවන් පත් විදා සිව් දෙස
මං නම් ඉන්නේ ඝන අදුරේම වස්සන්න
බල්ලොත් එක්ක නිදාගන්න වෙයි
දෙන්නෙපා රට මැක්කන්ට
හිස් වෙලා ගියා කලගෙඩි
මොලගෙඩි බෙලිගෙඩි
ඇතුලේ වස්සන්න
ගලබඩ වත්ත ඉන්න තැනින්
ගිඩි ගිඩි ගිඩි කියල බස්සන්න
බරපතලම යථාවාදී කතාවකට ඉඩදෙන්න
නිසි බර පතලක් නැති උනාම පිටවෙන්න
කාටද බැරි ගෙදර ඉඩකඩම විකුනන්න
කාටද බැරි සැපතක් කියාන අම්මට පිටදෙන්න
මට පුළුවන් කොටන්න ඇටසැකිලි වෙනකම්ම
බිත්ති පුරා අදින්නම් කැපුණු ඇගිලි පුරුකෙන්ම
හිසකපා ඉවරයි පරපුරක අළුවෙන්න හැසිරෙන්න
නිහඩව ඉන්න පිරිසට මෙන්න විසිවෙන්න

තාන්නම් බොරු හුරු මාන්න නම්
දහඩිය බොගේ බොට අවමාන නම්
සමාජය කරයි බොට කුරුමාන නම්
මාර්ගය මග තවත් අවදාන නම්
එක් වෙලා සවියෙන් ගනිල්ලා අයෝමය
රොක් වෙලා බලයෙන් ගනිල්ලා අයෝමය
දැල්වෙලා ගිනියම් ලෝදියෙන් අයෝමය
කියන් දත්මිටි කාගෙන දිරියෙන් අයෝමය

සිතුවිලි | Sithuwili by Drill Team ft. Bachi Susan, Samith Gomes

ඇතිවෙන සිතුවිලි පීඩාවක් වීඩාවක්
නෑ නේ දැන් සීමාවක් නිමාවක්
ඕනේ දැන් පියාපත්
කලින් වෙන්න වියපත් පියඹන්න දිශාවක්
මූනේ නෑනේ හිනාවක්
හොයා ගන්න නිවනක්
ඇඳිවත සේනාවක් පෙන්වන්නම් දිශාවක්
මැවු ලොව දෙවියන්
අරුම වරද මිනිසා මවලා නරුම
වෙලා ඔබ මිත්‍යාව මවා උනුත් විද්‍යාව
දැක මට උන්මාද හද දෙන්නේ නිම්නාද
දුක දන්නේ වින්දාම
සල්ලාල හිත ඉල්ලන්නේ මත
කාලය දැවෙන්නේ කාගෙත් දැන්
ගින්නෙන් කුස
අනිත්‍ය දෙසුමක් (සාධු)

නිත්‍යව මලගම තිබ්බකම මිනිසත්
ස්වභාවේ මුවා වී යථාර්ථය මැවීමක්
සිහින වෙද්දි නිවීම සින්න වෙද්දි තැවීම
මිල ගද්දි හැඟීම පියාන විඳීම
යාන්ත්‍රික ඉන්දීමක් ඉල්ලීම් නම්
කෝමත් දැන් මායාවක්
ධනපති ක්‍රමය නිර්ධන ශ්‍රමය
සමාජේ විශම දුවන ක්‍රමය
තරඟෙට වැඩිවෙලා ජීවන සුසුම
පුස්වේද මුසුවේද පාලන විශය
දේශය නිහඬ ඉන්නේද බියට
අල්ලලා දැම්මොතින් විලංගු ඉවද
විප්ලවේ ලැබෙන්නේ විමුක්ති ජයමයි
කාටත්ම නියත

ඇදෙනා සිතිවිලි වල චායා
නමනා තුරු දෙපයින් පාගා
මැකෙනා තුරු ඒ දෙස බලන් ඉඳලා
අමනාප වී හිත මා හා
උදුරා දැමුවා පතුලෙන් හාරා
යනවා නොපෙනී කඩදාසි ඉරලා
ආ……… නොසයන් මා
මිහිදන් වූ ලේ මේ…….. (වෙස්ට් නා)

ඇතිවෙන සිතුවිලි පීඩාවක් වීඩාවක්
හොයනවා හිත නොනවත්වම යානාවක්
යන්න මෙහෙන් මිදි හෙලවෙන්නේ නෑ කිසිවක්
හිත තාම නිදි
හිරි වැටි දනහිස් නැගිටින්න බෑ
දැන් නිදි ඇඳිරි හතලිස්
පෙනෙන්නම නෑ පැහුනු කෙස් අතර
නලියනවා දැනෙන පරණ හිස් කබල

ඔයා ක්‍රිප්ටන් යන වෙනුවට තෝරගත්තා
වටලන්න රවුම ලිප්ටන්
රොබින් හුත්තා විස්ටන් ඇල්බියන් අසිපත
බිම දමා රජවෙන්නේ ගිස්බන්
ඇතිවුන සිතුවිලි ගතවුනු
ඇසිපිය නොසලා බලා හිඳන් මට මම ඇතිවුන
හමට යටින් මම මතුවන පිල්ලයක්ම
උනා ගලන ලෙය තුල පැතිරුන
සිතුවිලි අද සීකඩ වෙනස් වෙලා කලින්
කී කල දේ මිහිමත මා බිහිකල
මිනිසුන්ගේ එපා හුළඟවත් සීතල

අලු උනා හිරු රැස් වලින් අලුයට තිබ්බ ගිනි
පුපුරන් පිටවුනාවේ ඇස් වලින්
කොළ හැලුනාවේ ගස් වලින්
සාගින්නේ පිරුණු ජීවිත
යට වුනාවේ පස් වලින්
ගොතගසන් කට්ටිය කීව වචන අකුරු කරන්
හුරු අතින් ලීව ගුලි කරන්
නිදහසේ විඳවීම උරුම මිනිසුන් හට පලක්
වෙන් නෑ ලෙය දන්දීම
යන මග අකුලන්
ඇස වසාගෙන හිස් ඔලු ළඟින් කොඳුරන්
බිලි ගන්න කලින් හතුරන්
ගනින් හුස්ම ඉඳන් උගේ ළඟින් කඹුරන්

ඇදෙනා සිතිවිලි වල චායා
නමනා තුරු දෙපයින් පාගා
මැකෙනා තුරු ඒ දෙස බලන් ඉඳලා
අමනාප වී හිත මා හා
උදුරා දැමුවා පතුලෙන් හාරා
යනවා නොපෙනී කඩදාසි ඉරලා
ආ……… නොසයන් මා
මිහිදන් වූ ලේ මේ……..

හිතන තරම් | Hithana Tharam by Gayya ft. Manasick & Charitha Attalage

හිතන තරම්
මගෙ හිත හඩන තරම්
ඔබ මට කීයූ වදන්
මට අහෙන තරම්
නිල් අහස බලන්
සිහින අපි මැව්ව තරම්
දිව්රුවේ මියෙදෙන්නට නම්
වෙන කෙනෙකු ඇයි තුරුලු කරන්

මගෙ ලේ දහඩියෙන් පොළව තෙමුවා
මුලු දිවියම කැප කෙරුවා

ඔබට
ඔබට
ඔබට
මතක නැතිද

ඔබට
ඔබට
ඔබට
මතක නැතිද

Manasick
උඹ ඇවිත් ගිය සැනින් මගේ ළයමඩලම පාරා කලා සංකරයක්
ඒ මොහොත කල්පයක් කල, කාලය!! උඹෙත් නෑ සංවරයක්
අපේ මතකයන් මැදියමේ ලුහු බඳී බැඳ ගනින් උඹ යන්තරයක්
හෘදසාක්ෂිය පහර දෙයි සොඳුර හොයාගනින් දැන් බංකරයක්

මගේ තුරුලෙම ඉඳන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා
සඳ උඹේ, රැයේ තැවරුණු වළාබැමි දහවල පෙනෙයි මට කිලිටු වෙලා
උඹ අතරමං කරපු කඳුලැලි පවා හොයයි ගලන්න මංමාවත්
උදුරාගෙන ගියා මගේ පියාපත් සුනු විසුනුව ගැටුනා උඹ සප්ත කන්‍යාවක්

සුන්බුන් වුනු හද මගේ අතු ගාල දැම්ම උඹ පෑල දොරෙන්
මගේ දහදියේ කිමිදිලා වෙනකෙකු එක්ක උඹ නෑවත් හොරෙන්

අපි ගැන්න තරු, තකහනිකයක් විත් කේලම් කිව්වේ උඹව අඳුනාගෙන
සඳ සයනක ගත වෙද්දී මුලු රැයක් ඇවිලෙන්නේ හිරු කරබාගෙන

උඹ උදුරගත්තේ මගේ සේසත බිඳලයි පපු කැටයෙන්
ඔය දෑසම උඹේ තීරණ ගැන දොස් කිව්වා මා එක්ක සැකයෙන්

එදා මා ලියූ දුක් ගැනිවිලි කොලවල, සදාදර උඹේ මතක ඔතන්
මෙහෙ අදිනවා මං, යදිනවා උඹේ සයනට වැහි අකුණු කොටන්

වැහි අකුණු කොටන්
සුලග එයි ඔබේ සුවඳ අරන්
දුක් ගිනි හදේ දරන්
ඔබව සෙව්වා හතර වරන්

කඳුළු සැලෙයි පිටාර ගලන්
දෙවියෝ නෑ මට දෙන්නේ සවන්
එක් මොහොත කල්පයක් තරම්
හැගෙයි ඔබ ගිය දිනය පටන්

මගෙ ලේ දහඩියෙන් පොළව තෙමුවා
මුලු දිවියම කැප කෙරුවා

ඔබට
ඔබට
ඔබට
මතක නැති ද

ඔබට
ඔබට
ඔබට
මතක නැතිද

මගේ තුරුලෙම ඉඳන් වෙන තුරුලකට කෝම පුරුදු වෙලා
සඳ උඹේ, රැයේ තැවරුණු වළාබැමි දහවල පෙනෙයි මට කිලිටු වෙලා
උඹ අතරමං කරපු කඳුලැලි පවා හොයයි ගලන්න මංමාවත්
උදුරාගෙන ගියා මගේ පියාපත් සුනු විසුනුව ගැටුනා උඹ සප්ත කන්‍යාවක්

බල්ලො | Ballo by Drill Team ft. Manasick [2021]

ඉහේ ඇම්මට බොලා මාරු කලා නේද කොට්ටයක්
කරගහපන් නාට්ටාමින් ණය බර මුට්ටයක්
“වීරයෙක් ගෙදර ඇවිත්” දැන් ඌ මයි දුෂ්ටයත්
බොලට කැව්වා රසට අනා-වැකි තොටවත්ත පොට්ටයත්

මේ සාගින්නේ සාගතයන් බලව් හිස ඔසවා
දායාද කලේ උන් නියගයි නටපන් කිරි කොරහා
ඔය කුමරුන් උගනීද බඩගින්න සොඳවා??
සිංහයනි දැන් සැපද? උන් මුලසුනක හොබවා

මේ පාර කිව්වේ නෑ චික් චික් හුනාවත් ,
මේ කනයා පණ්ඩිතයා හ්ම්ම් සද්ද නැහැ ලුලාවත්
අප්පච්චි කොහොමද?? අපිව කන්නේ දැන් සූරාවත්
ඔටුන්න උදුරගන්න නැද්ද ළඟක චුලාවත්

අතීසාරෙට අමුඩේ ගැහුව තොපිල කාලයක්
උබල අබ කාලා මගේ මොලේ දනවා තොපිනම් සාපයක්
බණත් තිත්තයි මේක අබුද්දස්ස කාලයක්
රටක් තටමද්දී ඇරුනේ නෑනේ තොපේ එක ස්වරාලයක්

හැංගිලා ඥානයේ සාරේ මොලේට ලේ වැඩියත්
වරෙව් වන්දනාවේ කොළඹ තියේ පාස්කු මිනී වැටියක්
ස්වාදීන පුවතක් නැතිව පාලුයි සාලෙත් සැටියත්
ජනරජය නිකන් වැකියක් ඒ ප්‍රජාතන්තරේට දාපු ජැටියක්

වේලක් කන්න සටනේ අපිට කොහෙද විරුදින
රටට “ඉසුරු යෝග” දිව්රුවා පවා මුතුමිණ
රජෙකු නොවේද කෙරෙව්වේ අභිමතෙන් කව් සිළුමිණ
අඳුරුයි ලංකාදීපේ පායලත් අද දිනමිණ

සිංහ ලේ කිරි වුණා දැන් වාවන්නේ නෑ පයෝදර
දිනෙව්වා පවුල් සංස්ථා පිටිං බොලා සහෝදර
දැන් බලයේ චුලෝදර – ඊගාව මහෝදර
චීනෙට උළුඅස්සත් ලියල ඇරලා දාල මූ දොර

උබෙත් මගෙත් වින්‍යාසය වාරණ කල භාෂාවක්
ජය වේවා වගේ මේවා උබලට ගාථාවක්
මේ රටේ මළවුන් මත කරපන් සතියක් පාසාවත්
මරුවා ප්‍රේමකීර්ති අල්විස් හේතුව බලයට තිබ්බ ආසාවක්

ඒ මිනි පොහොර වෙලා වැඩුනත් බලවත් මතයක්
දනිහෙන් වැටෙන්න උබට පාර කියයි උන්ගේ තුවක්කු බටයක්
ආර්ථිකය බීමත් වේගෙන් ගෙවපන් ඒ දඩයත්
මේ ජවනිකාව උබටත් මටත් බං “හුණු වටයක්”

කරිජ්ජ පාග පාග කියෙව්ව එකම රට බං
දිව මැද්දත් මිනී ගඳයි ඕකුන් ගාව මට නං
වන්නිල ඇත්තත් රටෙන් මාන්දු කරයි ජිවන බරත් පටවන්
උරු වරිගේ තිසා හාමි ඕවායි හීනෙන් කිව්වේ මට බං

බිඳලා බිසෝ කොටු උතුරා පිටවාන
දැන්වත් නවත්තපියව් සංස්කෘතිය උන්ගේ පිටේ සබන් ගාන
“දැයේ පියා” මට මතක් වෙනවා උගේ උදිකාර
හම්බකලොත් අපි කනවා බලපන් උමන්දාවේ දාන

ඉව කරලා අහක බලන් ඉන්න බල්ලෝ
ලෙව කාලා මැරුවත් බුරන් නැති බල්ලෝ
පහර එතනම බුදියන බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ

බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ
බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ

ඉව කරලා අහක බලන් ඉන්න බල්ලෝ
ලෙව කාලා මැරුවත් බුරන් නැති බල්ලෝ
පහර එතනම බුදියන බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ

බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ
බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ බල්ලෝ
තාමත් ඉව කරලා අහක බලාගෙන ඉන්නේ ඇයි කැ* බල්ලෝ

අද හොඳ දවසක් | Ada Hoda Dawasak by Drill Team ft. BEE & OOSEVEN

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

මං බාර ගත්තා හැමදේම දුකින් බැඳී හිතට කලා මං ප්‍රේම
නපුරු හිත මෙල්ල කරන ඉවසීම වැඩිවෙලා ඔලුවට අත සේදීම
සීමාව තියෙනවා හැමදේකටම දරාගන්න බැරි වෙන තැනකදි දැන්
හිතට වහල් නොවී තමන්ගේ චරිතෙට අනුගත වෙන්න බලන්න හදන්නෙම දැන්

bang bang bang
මගේ වෙනස දරාගන්න බැරුව දැන් ලතවෙනවද
ලග හිටි අය නැතිවෙනකොට දුක හිතට වගෙම ඇසට කඳුළු එනවද
සියදිවි නසා ගැනිමද පිලිතුර හිතුනම තනිවෙන්නෙ මට මම විතරද
නතර වෙනවද ගමනට තිත තියලා සතුටු වෙනවද දුක් වෙනවද

හැමදාම හැමදේම මාගේ ලොකේ හීන
ඉවසීම නැනේ තාම පාවදීම මැද කඳුළක් ඇති සතුටක් නැති ජීවිත නීම වීම
ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න මැදම ඉරනම මගේ විසදීම
අවසානය නතර වෙන්නෙ එක තැන සාමදානේ සැතපීම සැතපීම

විහිලුවකි බොලඳ ආලය විසඳුම පලායාම නෙමෙ හිඟාකැම නෙමෙ අද
හිතට තට්ටු කරගෙනම ඇහුවා තනියෙන් මං මොකක්ද විසඳුම
උබ ඉන්න ඕනී මේ කතවේ උබ තමා වීරයා උබේ කතවේ
හිත කිව්වා මට අද තමා ඇරබුම වෙන්න එපා නැවතුම උබේ කතාව මේ

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

මේ නින්ද කැඩෙන්නේ සීනු වදින්නේ එයි ! කාලේ ගෙවෙන්නේ
වැස්ස වහින්නේ තාම තෙමෙන්නේ ඇයි හීන පෙනෙන්නේ
නින්ද නොයන්නේ සින්දු කියන්නේ රැප් කන්ද නගින්නේ
තාම දුවන්නේ සද්දේ ඇහෙන්නේ අපි තාම දුරයි මේ

ආයෙත් ගෙදරට | Ayeth Gedarata by Drill Team, Minol Witharana [2021]

වෙන්න ඕනේ අද හොඳ දවසක්
මිනෝල් මිනීමරුවෙක් හීන වල පීනන
ලේ වල සීතලෙන් ගී වල
වීදුරුවෙන් වීදුරුවට පිහිතුඩෙන් පිහිතුඩට
මියුරු නැති සංගීතයක් නේ

ආසි ආසි සෝරෝ ගෙනාව බලපෑමකින්
ලේ ගෑවිලා නෑ අල්ලලා නෑ මං පෑනකින්
හුස්මයට අලු නැතිවෙලා ගිනි
ගත්ත සැනකින් බූම්
සිංහල රැප් උඹලා ලං උඹලම හැන්දකින්
ඒ දවස්වල රැප් තිබුනා රැප් කරපු උන්
රැප් ගණිකාවක් විකුනන්
නොදනිම කලකිරීමක් හිතුනා
කලාවක්නේ සර් මගේ ඇඟෙත්
පොඩ්ඩක් තිබුනා
තව දවසක් ගෙවෙද්දි මං තව පිටුවක් ඉරුවා
සමාජ ජාලේ හොයලා T Rex හම්බුනා KT
නිශාන්ගේ අර නම්බරේ දුන්නේ ඇමතුමක්
මානසික්ට
හෙලෝ මානසික් ඇරපන් දොර
මන් ගේට්ටුව ගාව
මිනෝල් උඹ ආයෙත්
මොන හු* උඹට තාම සික්ද
ෆාමසියේ දොස්තර TRex මානසික්
හම්බෙලා ඊ හුම්
කලු මල්ලි දැක්කා මන් උන් ඇන්ද චිත්‍ර
හිතින් ගිනි ගෙදර අලු වලින් හදලා පින්සල්
Drill Team හිල් කෙරුවා ඔලු
ඒත් පව්ම පින් බන්

ආයෙත් ගෙදරට වී
පණ තියන පෑනෙන් මරන්නේ මම වෙස්නාහිර
ලාමක සිංහල හිස්
උඹේ බොළඳ වදන් ගලවයි මගේ එක වාක්‍යය

ආයෙත් ගෙදරට වී
පණ තියන පෑනෙන් මරන්නේ මම වෙස්නාහිර
ලාමක සිංහල හිස්
උඹේ බොළඳ වදන් ගලවයි මගේ එක වාක්‍යය

අනූ දෙකේ ඉපදිලා තාමත් අහනවා බැනුම්
වැරදි තැනට ආවත් මතක නෑ
මට පස්මහ බැලුම්
කව්ලුවෙන් කව්ලුවට පෙරනිමිති සහ නැටුම්
දකිනවා උන් සාතන් මගෙන් මිනෝල්
රැප්වල මැරුවා එවුන්
හාශිනීද තියොරොම් ලද නිදිවරම්
බිඳිසිඳ බිඳ සිතුවිලි ටික ටික බිලි අරං
පිණි බිඳු ඇගේ දැනි පිණි බිඳ නිම නිම
කිව්වට තේරෙයිද මේවා උඹලට බං ටික ටික
අමතක උනා කතාව මන් ලියන් යද්දි හිත හිත
ඇයි මිනෝල් ආයෙත් වෙස්නාහිර
උං පට්ට හැබැයි මං ඩිස්කලේ දැන්
ඉන්නේ ඉරාජ් මිස් ගාවනේ හි හී….
හිස් ටින් පු# කිස් කලේ උඹ නිස්කාරනේ
උඹලගේ පාන් පෙති වලටත් ඕන ජෑම්
කිස් මාමාගෙන්
නම මිනෝල්
Drill Team තනි කලු වෙස්නාහිරෙන්
ගැලවිලා ගියේ බලාගෙන උඩු ගං යන
හිස් භාජනේ
ආයෙත් දවසක එන ඉර නැගවිත්
කඳු යායකින් පායන තරු දහසක් මැද්දෙන්
බැසයමි වෙස්නාහිරෙන්

ආයෙත් ගෙදරට වී
පණ තියන පෑනෙන් මරන්නේ මම වෙස්නාහිර
ලාමක සිංහල හිස්
උඹේ බොළඳ වදන් ගලවයි මගේ එක වාක්‍යය

ආයෙත් ගෙදරට වී
පණ තියන පෑනෙන් මරන්නේ මම වෙස්නාහිර
ලාමක සිංහල හිස්
උඹේ බොළඳ වදන් ගලවයි මගේ එක වාක්‍යය

තුන්වෙනි පන්තිය | Thunweni Panthiya by Drill Team, Minol Witharana

නානු ඔයේ මම කෝච්චියෙන්
කොළඹට යන කෝච්චියෙන්
නූල බැඳ ළඟ කෝවිලෙන්
කාලා නානාගේ හෝටලෙන්
වැඳ පිලිමෙට බෝධියේ
බැලුවා සුද්දිගේ බෝඩරේ
වතුර ඉවරයි බෝතලෙත්
නානු ඔයේ මම කෝච්චියෙන්

නානු ඔයේ මම කෝච්චියෙන්

මේක කතාවක් දෙවියන්ගේ බාරේ
ලිවුමට පස්සේ වෙච්ච
එහා පැත්තේ මගේ වෙසඟනක්
ඒත් කිරි බොන දරුවෙක් එක්ක
ඒකේ තැනටම චාර්ලි චැප්ලින් වගේ
ඒත් ඌ හදනවා නලුවෙක් වෙන්න
අර කෑලිගේ පොඩි එකා සැලියුට් ගහනවා
ඇයි ඒ හමුදා කාරයෙක් කිහිලි කරුවක් එක්ක
හේ
පරිගණත පරිපථ වගේ ගත කාලෙකට පස්සේ
දැක්කා උණුවිය කාලෙකට කියනවා බාලේ කතා
කුඩෙක් ඉන්නවා බලන් යන්න මාලේ කඩන්
වැටමාර පොලු තියන් දෙමලු පාරෙ හිටන්
ජනලේ අත තියන් යන උන්ට ආදරේ කියන්
මේ රේල් පාර ඉවර වෙන කාලේ තියන්
එහෙනම් උඹ දන්න කවියක් උඹ තාලෙන්
කියහන්

අන්න ඒකයි අවියක් සහ පෑනක් ගන්නේ ඒකයි
හැම වේදිකාවක ඇහැරෙන්නේ නවතිද්දි උඹලා
පන්තිය බලලා ටිකට් ගන්නේ ඒකයි
කවි බණ පැණි කජු රට කජු අලපෙති ගණපති
සයිබාබා ගාන කියන්
ඇහෙයි මට නඩේ බෙරේ වාදනයක්
සුදු ගවුමක් ඉල්ලනවද කොළඹින් ආදරයක්
ඇයි බන් මේ කෝච්චියේ දිග
අපේ මන්ඩලේ කචල් ලෝකෙටම ක්‍රිකට්
හැට පැනපු නාකි හිටන් හොයනවා හිල
ඉස්සරහා හෝල්ට් පනිනවා අරන් නෑ ටිකට්

යේ මිනෝල්….

හුස්ම පිනිස | Husma Pinisa by Drill Team, Minol Witharana [2021]

නොවෙනසින් වෙනසක් කිමිද
විරල සතු විනිස කිරන බත් පිනිස
නොවෙමි බිය මම වෙනස් හිතන
මං වෙනස ගමි හුස්ම පිනිස
කරදියත් මිරිදියත් විඳින
හිඟනකම විඳින කලුම මල් පිනිස
නොවෙමි බිය මම වෙනස් හිතන
මං වෙනස ගමි හුස්ම පිනිස

කඩ පිලිවෙල මිලට අන්ධ බීරී
විලි වැහුවට හිලට දන්න සිරිත්
සිරිමත් මගේ සකි විටක වංකගිරි
හතර බීරි කතා රිදෙන කන්ද ඉතිම්
වලිගේ වනයි කිරි නිවෙන කන්ද ඉතිම්
ලෝකෙට බරක් අහස පෙන්නුවද ගිහින්
බොළඳ වදන් උස්සන් දුවනකම්ම ඉතිම්
කන් බෙර පලයි එක වචනකින් මේ රැප්
මොන කි””ක්ද තැඹිලි ගහේ
කිව්වා මේවා රැප් බන්
අතුරේ යන්න තොපි නලුවෝ නෙවෙයි
හිත රිදුනේ නැත්තන්
නින්ද යනකන් ඔලුව අත ගෑවත්
ටොක්කක් නැත්තන්
පන දෙන්න ඕන කලාවක් නෙමෙයි
අනේ හුක් මන් රැප් බන්

ඕලෙවල් ෆේල් වෙලා මම තනියම
පිට්ටනිය උඩ බලන්
වලාකුලු මාව බලන්
කතා කලා දේවල් අපි හරියට ඒ උත්තර
හිර කරන් ඉවරකරා පොත් ගනන්
මට ඕනමයි වෙන ඕනමයි හිතන පපු කැවුතු කා
අරගෙන රෝගියෙක් වෙන්නම් මං මත දාරීන්ට
ලියනාඩෝ ඩාවින්චිව පේන්නම
උදැල්ලක් හෝ පෑනක් උඹට ඕන විදියට අරගනින්
උඹට ඕන විදිය දැන ගනින්
ජීවත් වෙනවා කියලා විස්වාස නැත්තන්
හොඳ හුස්මක් අර ගනින්
මම පෑනක් ගන්න හැමවෙලාවෙම
ඒක හිතෙන් හිතනවා මරනවා එක එක විදියට
ඒත් රෑ මන් කල්පනා කරන
විට මරනවා මැරෙනවා
මං එක එක විදියට

නොවෙනසින් වෙනසක් කිමිද
විරල සතු විනිස කිරන බත් පිනිස
නොවෙමි බිය මම වෙනස් හිතන
මං වෙනස ගමි හුස්ම පිනිස
කරදියත් මිරිදියත් විඳින
හිඟනකම විඳින කලුම මල් පිනිස
නොවෙමි බිය මම වෙනස් හිතන
මං වෙනස ගමි හුස්ම පිනිස