මග හැරුනු පෙම්වතී | Maga Harunu Pemwathi by Tiran Yapa [2021]

Sinhala song lyrics with music notes illustration

නුඹ එක්ක රහසේ ලංවෙන්න පෙරසේ
හිත අස්සේ හැගුමන් හඩනා
සමුගත්ත දවසේ මා හින්දා නුඹේ දෑසේ
උණු කදුලැල් රූරා වැටුනා
පෙම්වන්ත පහසේ නුඹ ඇත්නම් සුවසේ
සගවන්නම් හැගුමන් මැවෙනා
සදවන් රැව අහසේ මැවෙනා විට මනසේ
නුඹ කෙතරම් මිහිරිද සිතුනා

මග හැරුණු පෙම්වතී නුඹමයි ආදර විජිතේ

ලෝකයේ ඇස් වසා හමුවුනේ අපි එදා
සද ආයේ හිරු දකින තුරා
නැහැ නිමා රස කතා හැමවෙලේ ඉගිකලා
සුසුමන් පවා යාවුනා
නුඹ නැති සති අන්තේ කෙලෙසද මා ගෙව්වෙ
සිත තවමත් සොයනවා අදුරේ

දැනගෙනත් ආදරේ සම වෙන මහ සාගරේ
සිත් රිදවූ තරම් මා නුබේ
ඈ නිසා නුඹ ගියත් නුඹ වගේ නෑ කිසිත්
වැටහෙනවා දැන් මා කෙරේ
සැනසෙන්නම් තුරුලේ මතු උපදින බවයේ
හැරනොයමි යලි මේ ලෙසේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply