මළවුන් | Malawun by Kisara Randeniye [2021]

Sinhala song lyrics with music notes illustration

නිවන හොයන උන් සේරම දෛවයේ සරදමකට මෙන්
වැරදුනාම හිනහුනා මිත්‍රයා

සරම ඇඳිද රෑ නිදි කල
එලිවන විට එයද නොමැත
නිරුවතින් නිරුවතින් මිත්‍රයා

අපිම අපෙම උන් විඳවන විට ලබනා සතුට කිමද
කුමටදෝ කුමටදෝ මිත්‍රයා

නුඹට නුඹද නුඹ ආදරෙ කරන කෙනෙකුන් යන තුරු මේ
මරණයාත් විහිලුවාක් මිත්‍රයා

උන් උන් අපෙ උන්
හිනා වෙන්නෙ ඇයි මුන්
උඹත් මමත් මැරුණම
හෙට සිට මළවුන්

උන් උන් අපෙ උන්
හිනා වෙන්නෙ ඇයි මුන්
උඹත් මමත් මැරුණම
හෙට සිට මළවුන්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply