මනෝභව | Manobhawa by Ramesses Reezy [2025]

Sinhala song lyrics with music notes illustration

ඇත්ත කියන දේ ඇස් වලින් දකින්න පුලුවන් ද?

මේ හැමදෙයක්ම සදාකාලික ද?

හොඳ කියන දේ පවතින්න නරක පැවතිය යුතු ද? 

මේ තරම් ඇවිලුනු ලෝකයක… නිවනක් දකින්න හැකිද?”

හුරුවෙලා මේ හුදෙකලාවත් හොඳටම..

යටවෙලා වේදනාවන් කොළයකට…

හදවතත්…. රළු වෙලා.. වගේ දැනෙනවා..

අපි මැරෙනවා දිනක… 

නිදි වරා අතරින් කළු වළා…

හමුවනා තුරු මා මාවම මරා… 

හැමදේකම හිස්බවක් හැඟෙනවා.. 

හදවත බර නෑ මෙන් පිහාටුවක්..

හිත මගේ කැළ⁣ඹෙයි මෙන් කුණාටුවක් වෙලාවට..

ඕනි තනිවෙන්න එක විනාඩියක්..

ආකහේ.. දුර ආකහේ යන්න විරාමයක්…

ඇයි මේ තරම් වී මා සීමා…

කඩාලන් කෙසේ දැයි මේ විඩා..

වයාවී දෝ දෙව්දුවන් වීනා..

ගීයක් තනා කියන්නම් මාගේ හැඟුමන් දහසක් පීරා..

written by Minru Silva

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply