Sinhala song lyrics with music notes illustration

මං මැරුණා ම මගේ කතාව මියැකේ දෝ සදා!?

නොමැකෙනා මෙන් මගේ කතාවෙන් හැඩවෙයි දෝ වලා..!

හිත අගිස්සෙන් කියන්නේ මං ඇත දේවල් වැලලුව..

මතකයන් ඇත හදවතේ බොහෝ පැටලුන..

නැතුවමත් නොවෙයි සමහර තැන් මං කැළඹුන..

මගෙන් පස්සේ මේ කතාව අරන් යන්නයි ඇරයුම..

නැවතුනේ නැහැ මං තාම.. කොහේ පැටලුනත්..

වැරදුන් දහස් වාරයක් නෑ අද ගැටලුවක්..

හැරවුමක් ලැබුනද නැදෝ මේකේ නැවතුමක්..

මරණයත් වෙයි නම් මෙකේ තවත් එක ඇරඹුමක..

දෙවියන්ගෙන් ඇහුවේ මම එක දෙයිය ඇයි මං ආවේ..

ගැලවෙන්න අමාරු ඇයි මෙතරම් ම වේදනාවෙන්..

උරුම ද මට තැනක් රඟන මේ වේදිකාවේ..

සැනසෙන්නයි ලියන්නේ මේ පද මම පේලි ගානේ..

දුමාරයක්වත් නෑ කියයි ප්‍රශ්න අද පොතකට..

මුණ දෙන්න වෙලා කරන්න බෑ දේවල් කොනකට..

හැබැයි හේතු දාහක් ඇත හීනේ පණ පොවනට..

අරන් යන්න මාව ගෙදරට යලි මොහොතක..

මං මැරුණා ම මගේ කතාව මියැකේ දෝ සදා!?

නොමැකෙනා මෙන් මගේ කතාවෙන් හැඩවෙයි දෝ වලා..!

මේක තමයි යතාර්ථය මම යන පාරේ..

පාඩම් ගොඩක් ඉගෙන ගන්නටයි මම ආවේ..

වේදනාවේ මුල සතුටද ඇත ආයේ..

මේ තමයි දේවල් තේරුම් ගන්නට හොඳම කාලේ..

මං සටන් කරන්නෙමි රණශූරයෙක් වගේ..

සීමා වෙන්නට බෑ කඩයි මේ තලේ..

ජීවිතේ මට දෙයි හිමි දේ මගේ..

හිමි කරයි දේ මගේ..

මේ දාඩියත් සළකුනු කරයි කඳුළු..

හීන මරලා නෑ වෙන්න දීලා පළුදු..

කාලේ ඉවරයි මා තටු පවා හැකිලු..

මං මාව හිර කලා ඇතිලු..

කඩන්නට බැරි වෙන්න හදයි මගේ ගේ පවා..

හදන්නට බැරි තැනුත් හදාගන්න නෑ පමා..

දෙව්දුවන් කියයි ඕනි දෙයන් අහන් පාදවා..

මගේ හීනේ කරා ඇදෙයි ඕනි වෙරක් මා දරා.. 

මං මැරුණා ම මගේ කතාව මියැකේ දෝ සදා!?

නොමැකෙනා මෙන් මගේ කතාවෙන් හැඩවෙයි දෝ වලා..!

written by Minru Silva

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply