නිහඩ මාවතේ | Nihanda Mawathe by Rookantha Gunathilaka

නිහඬ මාවතේ පාළු නිවහනේ
අවිහිංසක යුවතී
නොසිතූ ලෙස මගේ මුළු දිවියම
ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි

අතීතයේ එක් විමානයක වෙන්වේ
යලි සමුගන්නද මෙලෙසින් හමුවූයේ
කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන
දින දින ඇයි අමතන්නේ
දින දින ඇයි හමුවන්නේ

ජිවිතයේ තව කඳුලක් වන්නටදෝ
තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
යුවතියේ ඔබේ මුදු වදන් අතර මා
මුල් පෙම බොඳ වී යන්නේ
මුල් පෙම ගිලිහී යන්නේ

නිහඬ මාවතේ පාළු නිවහනේ
අවිහිංසක යුවතී
නොසිතූ ලෙස මගේ මුළු දිවියම
ඔබ රුව තුළ සඟවා
එහි සිරගත කරවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *