Sinhala song lyrics with music notes illustration

සුද්දා සුද්දා විද්දා ගල
අපි හැදුවා ගම
ඇම කෑවොත් ප්‍රශ්නෙ
තල්ලු කරයි ගල
අස්සේ අපේ බල
ඇගේ වැඩී තෙල
හංදි ගානෙ
රවුම් ගැහුවෙ
බැහැල අපි වල

සිංදු නැතිව උබලා ඉද්දී සාංකාවෙ
කොස්තා ආවෙ දෙන්න වතුර කාන්තාරේ
සුරගනක් උනත් ඉන්න නගරේ උබ අහංකාරේ
කඩේ ගියේ ඉතුරු සල්ලි ගන්න මම පාං බාගෙ

මං අදින සපත්තු දෙක nike
පෝලිං දැම්ම මචං උබේ wifey
මම ඇත්ත කිව්වෙ
නෑ නෙ බොරු my3
මම බෝම්බ වගේ දැම්මා මචං හයිටි
සිංදු බෝම්බ වගේ මම හයිටි
කරගන්නව රැප් ගේම මම අයිති
උබේ කෙල්ලා වටේ යනවා කිව්වෙ side scene
මම sight එක
උබේ මැසේජ් එක unseen

සල්ලී පස්සෙන් පන්නං යන මේ ජීවිත
හැබයි ආතල් ගනින් මචං කාලෙ සීමිත
ගිටාර් එකයි ජොතිපාලයි මචං කනට මීවිත
බීපු එවුන් මචං දන්නවා මගේ ගී ටික

පැන්නා පැන්නා මම පිම්මක් පැන්නා
යන්න මම සල්ලි ගැන්නා
මම nike shoes ඇන්දා
මම තනි අලියා කැලේ ඉන්න

සුද්දා සුද්දා විද්දා ගල
අපි හැදුවා ගම
ඇම කෑවොත් ප්‍රශ්නෙ
තල්ලු කරයි ගල
අස්සේ අපේ බල
ඇගේ වැඩී තෙල
හංදි ගානෙ
රවුම් ගැහුවෙ
බැහැල අපි වල

සිංදු නැතිව උබලා ඉද්දී සාංකාවෙ
කොස්තා ආවෙ දෙන්න වතුර කාන්තාරේ
සුරගනක් උනත් ඉන්න නගරේ උබ අහංකාරේ
කඩේ ගියේ ඉතුරු සල්ලි ගන්න මම පාං බාගෙ

පාරේ මම දවසෙම කැරකෙන්නෙ
සෙල්ලම් දාලා දැගලුවේ මුන් ගේ වටේ
ඉන්නෙ සාමෙන් ජීවත් වෙන්නෙ
දැම්මො වාසිත් ඇරලමයි නවතින්නෙ
අපේ රැප් වදන් නිදන් වගේ පවතින්නෙ
සැපත් නෑ හෙටක් නෑ බං
අපිට රටක් නෑ ඇපත් නෑ කෙලවෙලාම යනකං
දුකක් නම් හිතෙන්නෑ බං
විස්වාසනම් කරන්න බෑ යාලුවෝ කවුරුත් කරනකං

සොයිසාපුරේ හූවයි බල්ටියයි තිබ්බා අඩි
සල්ලී සල්ලී තිබ්බට අතේ නැහැඩො වැඩී
වූවොත් වීසා මදී නැහැනෙ හතී වගේඩෝ කඩී
නගිනවා හෙමින් ගේමෙ උඩට පඩී

දවසට අහසේ දිලිසෙන තරු
අපි මැරුන දවසට ගෙවල් සරු
මොරටුවේ අපි දන්නෙ කවුද
වැඩ්ඩොයි බඩුයි
මේ නවිය ඇල්ලුවොත් ශුවර් නඩුයි බඩුයි
රැපට කැමති කොල්ලො ආස මම දෙන දේකට
සැපට කැමති පිරිස ආස මම දෙන විදිහට
කැලේ රජා වෙන්න නම් දෙන්නෙ නෑ ඩෝ නරියට
සන්තෝසයි සන්තෝසයි
උබලා එකට ඉදලා ඇරියට
දාල nike කකුලට
බැස්සා මං එලියට
සල්ලි තිබ්බ පලියට
රගන්නෙපා බොරුවට
අපෙ වදන් ගැසේ පාරවල් මැද්දේ
දැනුනද රස්නෙ
ඇයි යාලු දැන් ප්‍රශ්නේ

සුද්දා සුද්දා විද්දා ගල
අපි හැදුවා ගම
ඇම කෑවොත් ප්‍රශ්නෙ
තල්ලු කරයි ගල
අස්සේ අපේ බල
ඇගේ වැඩී තෙල
හංදි ගානෙ
රවුම් ගැහුවෙ
බැහැල අපි වල

සිංදු නැතිව උබලා ඉද්දී සාංකාවෙ
කොස්තා ආවෙ දෙන්න වතුර කාන්තාරේ
සුරගනක් උනත් ඉන්න නගරේ උබ අහංකාරේ
කඩේ ගියේ ඉතුරු සල්ලි ගන්න මම පාං බාගෙ
පාං බාගෙ
පාං බාගෙ

 

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply