කිඳුරංගනා | Kidurangana by Malith Maduranga ft. A Pettah Effect [2020]

Sinhala song lyrics with music notes illustration

හිතවන්ති ඔය දෑස නොකියාම කිව්වාද
මුව කෝල මදහාස හොරැහින්ම හෙලුවාද
හිත ගාව ඇඳි ප්‍රේම සිත්තම්ම රැඳුනාද
දහසක් හැඟුම් කල්පනා..
නුඹ මාගෙ කිඳුරංගනා..
නුඹ මාගෙ කිඳුරංගනා..

සීතලට ඉහිරිච්ච මුදු සීත පිණි බිංදු
මීදුමට ගුලිවෙච්ච මල් කැකුළු සිපගත්ත
ගුරුපාරෙ වැට ගාව දොඩමළුව හිනැහෙන්න
එනවාද මොහොතක් බලා..
දිගු නීල වරලස සලා..
නුඹ මාගෙ කිඳුරංගනා..

හීන අරන් කඳුලෙන් දෝවන්නම්
ඔබ හිමි නැති හින්දා
දුරක ඉඳන් නළලත සිපගන්නම්
ලඟ තහනම් හින්දා
ඡායාවක් වත් දකින්න හිතමුත්
පින් මට මදි හින්දා
සෙනෙහස හද පතුලෙම සඟවන් මම
දුරකට පියමැන්නා

අත් ඇඟිලි දවටන්න ලං ලංව ඇවිදින්න
උරහිසට බරදීල ආදරය විඳගන්න
නොහිතනම මොහොතකදි නළලතම සිප ගන්න
පවසන්න මට ඉඟිමරා…
සෙනෙහසට අරුතක් තියා..
නුඹ මාගෙ කිඳුරංගනා..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply