හිත කළඹා දුර ඇඳුනා
නෙතු රවටා ඉඟි ලැබුණා
පිනි වරුසා ඇඳ හැලිලා
සිහිනෙට ඉබේ
නිම නොවෙනා පෙම උතුරා
මල් වරුසා ඇඳ හැලුණා
හැම සසරේ මගේ නේදෝ
දැණුනා ඔයා
තරු කැට අහසේ පරදන තරම් රුව ඔබේ
මං නොදැනීම නුඹගේ වෙලා දෙව්ලියේ
නුඹ මගෙ වේදෝ නොවෙදෝ කියා
රෑ තුන් යාමේ හිත අහනවා
පැහැසර හිනාවේ සඟවා ගෙනාවේ
මල් යායේ දැවටිච්ච පෙම තවරලා
නුඹ නැතුව හීනේ සැනසෙන්න බෑනේ
නෙතු ඇඳුන සිතුවමට සිත හුරුවෙලා
නෙතු පියෙන ගානේ නුඹ ලංවුණාවේ
හැමදාම සසරේ පුරා
ඒ හුස්ම ගානේ නුඹ මගේ වුණාවේ
හැමදාම දිවියේ පුරා
තරු කැට අහසේ පරදන තරම් රුව ඔබේ
මං නොදැනීම නුඹගේ වෙලා දෙව්ලියේ
නුඹ මගෙ වේදෝ නොවෙදෝ කියා
රෑ තුන් යාමේ හිත අහනවා
හිත කළඹා දුර ඇඳුනා
නෙතු රවටා ඉඟි ලැබුණා
පිනි වරුසා ඇඳ හැලිලා
සිහිනෙට ඉබේ
නිම නොවෙනා පෙම උතුරා
මල් වරුසා ඇඳ හැලුණා
හැම සසරේ මගේ නේදෝ
දැණුනා ඔයා
තරු කැට අහසේ පරදන තරම් රුව ඔබේ
මං නොදැනීම නුඹගේ වෙලා දෙව්ලියේ
නුඹ මගෙ වේදෝ නොවෙදෝ කියා
රෑ තුන් යාමේ හිත අහනවා
Leave a Reply