in Raween Kanishka

සාදි | Saadi by Raween Kanishka [2021]

මටත් ලැබුනා මගේ ආලේ
පැලක් අටවා ඉන්න රහසේ
මලාලිය වී මගේ දිවියේ
සද එලිය යට ඉන්න සුවසේ

මටත් ලැබුනා මගේ ආලේ
පැලක් අටවා ඉන්න රහසේ
මලාලිය වී මගේ දිවියේ
සද එලිය යට ඉන්න සුවසේ

ඇවෑමෙන් ලබුනු මේ ආලෙන්
යාය පීදී කුරන් ඒවී
හමන සුලගේ දැවටි දැවටී
හිතත් නුඹ වෙත ඇදී යාවී

මැව්ව හීනේ නුඹව සරසා
විදින්නට බෑ හිතත් කැඩිලා
නුඹත් යනවා මගෙන් මිදිලා
වෙනත් හිතකට රූම දීලා

තවත් බෑ මට ඉන්න හීනේ
නුඹත් ආයේ එන්නේ නෑනේ
රිදුම් දෙයි මගේ හිතත් රහසේ
මාත් යනවා මගේ පාරේ

මතකයන් පොදි බැදන් සිතුසේ
සාදී නුඹ නමින් අහසේ
තරුවකුත් දිලුනා හීනේ

banner

Leave a Reply