දන්නවද ඔයා | Dannawada Oya by Raween Kanishka [2014]

Sinhala song lyrics with music notes illustration

නැවතත් ඔබ එයි කියලා වරු ගණන් බලා
හිතටත් නොදැනීම රහසේ කාලයා ගියා
හදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණා
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා

ඉඩෝරයට එන කඳුළු නෙතේ කතා කරයි මතකයට අපේ
උන්නු තැනම මං එදා වගේ කවුද කියනවද වෙනස් වුණේ
හදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණා
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා

තද කඳුලේ රස්නෙට ලොල් වී කෑ ගහලා නෙතු හැඬුවා මදී
හැම සංසාරේම මේ ලෙස හමු වී මේ විදිහට වෙන් වෙන්න ඇතී

නැවතත් ඔබ එයි
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply