in Apoorwa FM Drama, Nuwandika Senarathne, Raween Kanishka

ඔබට ළං වී | Obata Lanvee by Raween Kanishka & Nuwandika

ඔබට ළං වී ලඟින් ඉන්නට
හීන දැක්කට මං
හිතින් වෙන්වී දුරක යන්නට
කාරණා ඇත දැන්

මටම වෙන් කළ හදවතේ ඉඩ
තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල
ඉන්නෙ කොහොමද මං

ආදරේ මල් පියලි අතුරා
හදවතේ මළුවේ
මගේ මේ හිත ඇවිලිලා යන
බැල්මකින් බැලුවේ
කාත් කවුරුත් නෑ මගේ මං
හංගගෙන පපුවේ
ඇයි ඉතිං මගෙ හිතට දුක්දෙන
සුසුම් වැල් හැදුවේ

මටම වෙන් කළ හදවතේ ඉඩ
තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල
ඉන්නෙ කොහොමද මං

කවමදාවත් නෙතට කදුලක්
දුන්නේ නැති හිතක
ඔහේ වැටිලා මමත් උන්නා
එපමණයී මතක
යන්න යන්නම් දරාගෙන දුක
තාරකා නෙතක
කදුලු වැටුනට හිතන්නෑ මං
අඩන්නෑ මැණික

මටම වෙන් කළ හදවතේ ඉඩ
තව කෙනෙක් වෙනුවෙන්
දෙන්නෙ කොහොමද මේවා බල බල
ඉන්නෙ කොහොමද මං

banner

Leave a Reply