නුඹගේ වෙලා | Numbage Wela by Raween Kanishka [2020]

Sinhala song lyrics with music notes illustration

හිත කළඹා දුර ඇඳුනා
නෙතු රවටා ඉඟි ලැබුණා
පිනි වරුසා ඇඳ හැලිලා
සිහිනෙට ඉබේ

නිම නොවෙනා පෙම උතුරා
මල් වරුසා ඇඳ හැලුණා
හැම සසරේ මගේ නේදෝ
දැණුනා ඔයා

තරු කැට අහසේ පරදන තරම් රුව ඔබේ
මං නොදැනීම නුඹගේ වෙලා දෙව්ලියේ
නුඹ මගෙ වේදෝ නොවෙදෝ කියා
රෑ තුන් යාමේ හිත අහනවා

පැහැසර හිනාවේ සඟවා ගෙනාවේ
මල් යායේ දැවටිච්ච පෙම තවරලා
නුඹ නැතුව හීනේ සැනසෙන්න බෑනේ
නෙතු ඇඳුන සිතුවමට සිත හුරුවෙලා

නෙතු පියෙන ගානේ නුඹ ලංවුණාවේ
හැමදාම සසරේ පුරා
ඒ හුස්ම ගානේ නුඹ මගේ වුණාවේ
හැමදාම දිවියේ පුරා

තරු කැට අහසේ පරදන තරම් රුව ඔබේ
මං නොදැනීම නුඹගේ වෙලා දෙව්ලියේ
නුඹ මගෙ වේදෝ නොවෙදෝ කියා
රෑ තුන් යාමේ හිත අහනවා

හිත කළඹා දුර ඇඳුනා
නෙතු රවටා ඉඟි ලැබුණා
පිනි වරුසා ඇඳ හැලිලා
සිහිනෙට ඉබේ

නිම නොවෙනා පෙම උතුරා
මල් වරුසා ඇඳ හැලුණා
හැම සසරේ මගේ නේදෝ
දැණුනා ඔයා

තරු කැට අහසේ පරදන තරම් රුව ඔබේ
මං නොදැනීම නුඹගේ වෙලා දෙව්ලියේ
නුඹ මගෙ වේදෝ නොවෙදෝ කියා
රෑ තුන් යාමේ හිත අහනවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply