අද නම් මා හද
ඉවසුම් නෑ
සොයුරේ පෙම දැණුනා
හැගුමන් පායනවාදෝ
මංගල මුදු පළදා

එක ලේ පැහැයයි සිරැරේ පුරා
සොයුරේ නුඹ මගේ පණයි සදා

සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා

අයදිම් සමාව මා සැමදා
සිදුවී ඇතොත් වරදක්
ඔබගේ ලගින්ම මා
මතු රැදි නොබිදී උතුම් හැගුමන්

පෙරුමන් පුරාන ආවදෝ
මා සොයුරුමේ සොදුරු.
මේ ලෙසින් අපි අපේම වී
සසරේ බැදී

සසරේ පුරාම මා පතනා
සොයුරේ ඔබයි සොදුරු
ඔබගේ දයාව ප්‍රේමය රැදි
මතකයි සෙනේ පිරුනූ

පෙරුමන් පුරාන ආවදෝ
මා සොයුරුමේ සොදුරු
මේ ලෙසින් අපි අපේම වී
සසරේ බැදී

සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා
සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *