ඇදලා තුරුම්පු | Adhalaa Thurumpu by Ravi ft. Kalpana Kavindi

Sinhala song lyrics with music notes illustration

ඇදලා තුරුම්පූ ඉල්ලා කලාබරේ
කපලා ගහන්නා ආසි ගොඩේ නටන්නා//
කරනං ගහන්නා ප්‍රේම දොලේ නාන්නා
රොමියෝ වාගේ සරාගි පෙම් පාන්නා
කම්මුල් කොනිත්තා ආල සුරේ දාන්නා
දෙඹරා වාගේ නැතේ චෝදනා

මලේ රේණු තලන්නෑ
ඉලන්දාරි සැලෙන්නෑ
සුපෙම් විසේ ගලා හැලෙන්නෑ

රැයේ ප්‍රේම හෝරාවේ
සෙනෙහේ මෝරනා
හිතේ හැඟුම් ජාලාවට සිකුරු මෝරනා
ඇගේ දෙතොල් සීමාවට
මගේ දෙතොල් පානා
ඉහේ මලක් පීදී එන දිනකි ඈත පේනා

ආලෙන් ආලෙන් ඇලී ඇලී ආලෙන් ලෙන්
ආලෙන් ආලෙන් ඇලී ඇලෙන්නා//

ඒ දෑස තාලෙට ඈ සලන්නා
මං ඈගේ ආලෙට ඇදේ මේ ලෙසා
මේ හීන ලෝකෙම කලා චාරිකා
ආශාවේ පාගමූ මේ වේදිකා

තාලෙන් තාලෙන් සැලී සැලී තාලෙන් ලෙන්
තාලෙන් තාලෙන් සැලී සැලෙන්නා

රෑ පේන හීනෙක මා සරන්නා
ලංවීලා දෑතට බැඳී ඒදෙසා
පෑ කෝල ප්‍රේමය ගලා දෑසිනා
මේ වාගේ යාවුනේ පෑ ආලෙනා

written by Shehan Galahitiyawa

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply