Sinhala song lyrics with music notes illustration

නෙතු යුග විහිදා සැනසිලා එක්වීලා
පතිනිය වීලා හැඩවීලා
යුග දිවි අරඹා පුබුදාලා හිනැහිලා
අතිනත පතලා ලංවීලා

මනමාලිය හිනැහේ මුව සරසා
සද වැනි වත දිදුලා
හැම දෑසම හිනැහෙන දිනයක සැවොම
ප්‍රිය තෙපුලින් වෙලුනා

දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි
මංගල සේයාරු පිරුනා
සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී
හදවත් ආශාවේ ගිලුනා

දෙහදක ආශා හමුවීලා ලංවීලා
සිතුවිලි සේයා මුසු වීලා
රන්හුය පටලා මුමුනාලා සැනසීලා
අඹරණ පලදා හිනැහීලා

මධු සමයට පිට වී හදවත් සසැලි
නව දිවියක් අරඹා
නව යුවලට සතුටින් සුබ පතමි
ආසිරි මල් අතුරා

දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි
මංගල සේයාරු පිරුනා
සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී
හදවත් ආශාවේ ගිලුනා

ආදරයේ ජීවිතේ
සෑම දා විදලා
ජීවිතේ මේ සතුටින්
ආදරේ කරමු

දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි
මංගල සේයාරු පිරුනා
සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී
හදවත් ආශාවේ ගිලුනා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply