අහංකාරි | Ahankari by Lavan Abhishek [2022]

Sinhala song lyrics with music notes illustration

නූරේ ගේනා තේරේදෝ හැඟුමේ තේමා
මිහිරේ මේලා මව මවා
සුසුමේ භාෂා කීවාදෝ පපුවේ ආශා
සිහිනේ මාගේ ඔබ තමා

හමනා සුළගේ පාවීලා
එනවද මා හා සෙනෙහේ අහසේ නෑසී මා
කිරිල්ලී තුරුල් වී ඉගිල්ලී ඔයා

අහංකාරී දුරින් පාවී
හොරෙන් වාගේ බලන් යාවී
විලක් ගානේ පියුම් පීදී
ඉලංදාරි හැඟුම් පාවී

මනසේ පේනා කාගේ හෝ මතකේ චායා
සසරේ පාසා එන හඹා
නොබැදී ඈ හා යාවීදෝ අලුතෙන් චායා
ඔබගේ හීනේ සුව සොයා

හමනා සුළගේ පාවීලා
එනවද මා හා සෙනෙහේ අහසේ නෑසී මා
කිරිල්ලී තුරුල් වී ඉගිල්ලී ඔයා

අහංකාරී දුරින් පාවී
හොරෙන් වාගේ බලන් යාවී
විලක් ගානේ පියුම් පීදී
ඉලංදාරි හැඟුම් පාවී

උම්මතු කරවන ඔය බැල්ම
වසඟ වෙලාදෝ මම ඔබෙ රුවට
ඉඟ සුග මිටිනට ගත හැක ඒත්
නවතින්නේම මම ඔබේ නෙත ළඟ
නිතරම දුරින් ඉදන් හොරෙන් බලන්නී
ලඟින් දැවටී දැවටී නැවතී යාවී පාවී
වෙනවද දවසක සහකාරී
ඇයි ඔය තරම්ම අහංකාරී

හිනයකිගේ
ආදරේ
කොමල් සඳේ
ඔබයි මාගේ

අහංකාරී දුරින් පාවී
හොරෙන් වාගේ බලන් යාවී
විලක් ගානේ පියුම් පීදී
ඉලංදාරි හැඟුම් පාවී

අහංකාරී දුරින් පාවී
හොරෙන් වාගේ බලන් යාවී
විලක් ගානේ පියුම් පීදී
ඉලංදාරි හැඟුම් පාවී

Written by Tharinda Kasun Jayawardena

lavan abhishek songs , lavan abhishek song lyrics , lavan abhishek age , lavan abhishek new song

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

2 thoughts on “අහංකාරි | Ahankari by Lavan Abhishek [2022]”

Leave a Reply