සිහින මායාවේ | Sihina Mayawe by Sajith Madusanka ft. Teev [2020]

Sinhala song lyrics with music notes illustration

සිහින මායාවේ මේ සිත ගොලුවී
අඳුරු සෙවනැල්ලේ මා තනිවී
මිරිඟුව සේ නුඹ මා වෙත පැමිණි
කිමද මා කඳුලේ

මායාවී ඈ සිත ළඟ රැඳුනා
සේයාවී ඈ මා සිත බින්දා
නෑ ආවේ යලි මා හද වෙතට
ඈ ආවේ මගේ සිත ගැන නොදැන

රතු දෙතොලේ ගෑවුනු රස්නය
සිත් දියකරවන සිහිනෙක ඇරඹුම
නුඹ මගේ හදවතේ සිටි කල
වෙනතක තිබූ අරමුණු අද මතුවිය
සිත සනසන නුඹ මගේ දෝ විය
ලය මත තිබු උණුසුම සිහි විය
ගලකි කෙටූ අකුරෙන් නම ලිය විය
නුඹ කවුරුද මා අදටාත්…

මායාවී ….
ඇස් රතු වූ දා මෙමා නුඹ ළඟින්
සේයාවී …
පෙම් කවි ලිව්වේ බැඳී ප්‍රේමයෙන්
ආදරේ …
මා හද වෙහෙසී නුඹේ ගැන සිතා
අද කෝ නුඹේ ආදරේ

මායාවී ..
මායාවී ඈ සිත ළඟ රැඳුනා
සේයාවී ඈ මා සිත බින්දා
නෑ ආවේ යලි මා හද වෙතට
ඈ ආවේ මගේ සිත ගැන නොදැන

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply