A powerful tribute honoring national heroes.
Song Lyrics
පින් බිමයි මාතෘ භූමියයි
මේ අපේ උතුම් වූ දේශයයි
රට රකිනා අප රකිනා
මිහිපිට සිටිනවා දෙවිවරු ඔබයි අපේ
අයුබෝවන් ශ්රීලංකා මාතා,
දෙරණට ණය නැති විරුවා,
ගිනි අවියට යව්වනයම පුදලා,
අදටත් රට වෙනුවෙන් හද ගැහෙනා
මේ ගගන දෙරණ දිය බලන බලන තැන සාමය ඔබ නිසා පවතින,
දිනෙන් දින එන හැම විපතක් අවසාන් මගනොහැරිය ඔබටයි මේ උත්තමචාරය
අත් දෙක උස්සලා අපි කරමු ආචාර
ඔබයි අපිව රැක ගත්ත ත්රිවිධ හමුදාව
යුද්ධ ලෙඩ අපදාවන් ආපු හැමදාම
අහසෙ මුහුදෙ පොලොවේ ඉදන් වඩින එකම දේවතාව
පෙරට ආව කොරෝනා මාරයාව පරදවන්න
අපි වෙනුවෙන් පැමිණ අදත් ඉන්නේ ත්රිවිධ හමුදාව
සමා අයදිමි සමහර මිනිසුන්ගේ කල් ක්රියාව
නිසයි හැදුන ලෙඩේ ඔබට පතමි සුව බුදුසමිඳු ගාව.
නිල ඇඳුමට පෙනෙන රළු බව
දන්නවා සිනිඳුයි ඔබගේ සිත තව
වැස්සට තෙමී අව්වට වේළී ඔබ කරන මෙහෙවර උසස් බව
රජකම හිමි ඔබට නැති උනත් ඔටුනු
රකිනු ඇත අපව වාගේ රජවරු
නැති වුණත් සිංහාසන ලොකු රජ මැදුරු
අප හද මැදුරේ රජ ඔබයි නිරතුරු
සමහරු කීවා උඹ නැහැලු 8 වෙලා සමත්
අපි නම් දැක්කෙ දුකක් උහුලන රත්තරන් හදක්
රැකගන්න හැකි වෙයිද උඹ නැතිනම් රටක්
නෑනෙ බයක් හිතෙ සැකක් නැගිටින්නෙ අපි හෙටත්
ඒ උඹ නිසයි..,
විරුවනි ආදරෙ උඹලට අපි ඒ නිසයි,
ඔව් ඒ නිසයි..
මෙන්න ආචාරය හිස නමා.,
ගයමි ගුණ වනා,
හෙල දෙරන හැමදාමත් උඹලට ණයයි !
තනි කර ඔබ ලෙයින් උපන් දරු මවුපියන් ඔබගේ
සිය දහසක් දූදරුවන් රකින්නේ ලක්බිමේ
දිවි පුදලා ලේ හෙලලා රැකගත්තේ ලක්මැනී
වීර පුතුන් ඔබයි අපේ
රට වෙනුවෙන් පෑ ඒ ප්රාතිහාර
ලේ පුරා දුවන ජාතික ආලය
දේශය සාමය පින් බිම රැකදුන්
දෙවියන් ඔබමය මා දුටු මිහිතල මත
උඩු ගුවනද මහ සයුරෙද අප වට කර මුරකාවල් බැද
රැකගත් නොබිදෙන සෙනෙහස ඔබමයි
අපි වෙනුවෙන් අපි කියමින් දිවිදුන් ම්රැදු මිනිසා ඔබමයි
රට රකින දෙවිවරුවෙ අවි ගත්ත
නිදහස කැප කර රටෙ නිදහසට යුද්ධ
හෙල මව්නි පුත්ර, අභිමනින් යුක්ත
පෙරට යන්නෙම මොන විපතක් උනත් ප්රශ්ණ
ජාති භේද නැති සොහොයුරෙක් ඔබ පියෙක්
යුධ,ගුවන්,නාවික ශක්තිමත් සිව් කොනෙන්
අණ රකිනවා ඔබෙ අප සැක නැත බියෙන්
ආචාරය දෙන්නෙ මම මගෙ මුලු හිතෙන්
Song Information
- Song Title: විරුවන් ඔබයි (Viruwan Obai)
- Artists: RapZilla ft. Lil Neo, Big Harsha, Dimi3, Hirushi, Apzi & Wild Skatey
- Release Year: 2020
- Genre: Sinhala Rap / Patriotic
- Language: Sinhala
- Lyrics: Radeesh Karunarathna
Song Summary
A patriotic rap anthem praising the armed forces for sacrifice, unity, and unwavering protection of the nation.
Song Meaning
“විරුවන් ඔබයි / Viruwan Obai” describes heartfelt gratitude toward Sri Lanka’s armed forces.
The song honors soldiers as protectors and everyday heroes who safeguard peace through sacrifice—across land, sea, and air—celebrating unity beyond divisions and acknowledging their role during conflict, disasters, and national crises.
Frequently Asked Questions (FAQ)
Who performed Viruwan Obai?
The song was performed by RapZilla featuring multiple Sri Lankan artists.
Who wrote the lyrics of Viruwan Obai?
The lyrics were written by Radeesh Karunarathna.
What is the main theme of the song?
Patriotism, gratitude, and respect for the armed forces.
What genre does Viruwan Obai belong to?
It belongs to Sinhala rap with a patriotic focus.