මේ රූ | Me Roo by Ayeshmantha ft. OOSeven, DKM & Wild Skatey [2021]

හේ කව්ද මේ මගේ හිත බැඳුනේ
දැක පලමු දිනේ හීයක් හිතේ වැදුනේ
වෙලාවක් ද තිබුනේ නොදැනීම ඇඳුනේ
හිතේ මොකද මං මේ කලබලේ
හිනාවයි කතාවයි ආසාවයි බලන්න හුරතලේ
ගමනයි ලතාවයි පිනවයි ආසාව ඇති කලේ
හිතුනා ලෝකය සොඳුරුද මෙතරම්
වාසනාව පලදෙනවද මට කෙතරම්
ඉරනම් විසඳේවි කතාවේ
හැමදේම හොඳින් වේවි ඊළඟ වතාවේ
අපි තනි වෙලා ඉන්නේ මාලිගාවේ
අගරැජින ඔයයි මම කැමති සිනාවේ

ඒ බැල්ම වගේ ගිනි කන්ද මැද
මම ඇවිලෙන සුලු සිත මගේ වහා
ඇතිකලා මට ඇල්ම බලනවා මං
තිත්තද ඇඹුලද මේකේ පැණි රහා
වෙනස කලු සුදු ගලපුම අපි ඒ
ඇස් දැක මාව ලෝකේ යන්නේ වැනසී
ගැලවීමක් නොමැතී
රෝසමලේ දැවටී රෝසකැලේ කුමරී
කොහෙද යන්නේ සවාරී
ඔයා වසඟ කලේ මගේ බිඳුනු හිත
රඟ මඩලක තනි වෙමු නටන විට
ඔයා රඟන විට නැටුමට අධිපති දෙවඟන
මගේ ඇස් ඉදිරිපිට

මේ රූ මල් පෙත්තේ තොල් සාරූ
තවරා ලා මන්දාරම් සයනේ
මල් හිස් වන්නේ ලා මායාවී
නොපෙනී යයි අවකාශේ
මේ රූ මල් පෙත්තේ තොල් සාරූ

තව නෑ රූ මල් පෙත්තේ තොල් සාරූ
ඔයා ළඟ ඉද්දී නෑ දැනුනේ නම් පාලූ
මම වැඩ නිසා මං එන්නෙම රෑලූ
අපි දෙන්නා කර දේවල් කවුරුත් කරේ නෑලූ
අපි පාවෙයි හීනයේ හඳ වගේ පෑයුව
දවස මතකයි ඒ
සිපගත්තේ තොල් දෙකෙන්
නැවතුනා හිත හැමදේම තත්පරෙන්
සුරංගනාවියක් එක්ක මං හීන මැව්වා
අපි දුරයි හදවතෙන් ඒත් මං වින්දා
ඔයත් එක්ක හින්දා ඔයා ඉන්නේ කලබලෙන්

ඔයා දන්නවා හිත ඇවිලීම
වෙලාවට බලනවා ඔයා පැමිණීම
Phone එකේ Calls නෑ මට ඇමතීම
දන්නැහැ මොකක්ද මේ හමුවීම
අපි දෙන්නට පුරුදුම ඉගිලීම
බොඳවෙලා ගියා දැන් ඒ හැමදේම
කැමතිම නැහැ නේද ඔයා නැවතීම
මගේ හිත අවනීත
දෙව්ලියෝ ළඟ ඔයා තමා සුපිරීම
හිත් පිනවීම මා පිනවීම
අද මගේ ඔයා තහනම් පිටවීම

මේ රූ මල් පෙත්තේ තොල් සාරූ
තවරාලා මන්දාරම් සයනේ
මල් හිස් වන්නේ ලා මායාවී
නොපෙනී යයි අවකාශේ
මේ රූ මල් පෙත්තේ තොල් සාරූ

විරුවන් ඔබයි | Viruwan Obai by RapZilla ft. Lil Neo, Big Harsha, Dimi3, Hirushi, Apzi & Wild Skatey [2020]

පින් බිමයි මාතෘ භූමියයි
මේ අපේ උතුම් වූ දේශයයි
රට රකිනා අප රකිනා
මිහිපිට සිටිනවා දෙවිවරු ඔබයි අපේ

අයුබෝවන් ශ්‍රීලංකා මාතා,
දෙරණට ණය නැති විරුවා,
ගිනි අවියට යව්වනයම පුදලා,
අදටත් රට වෙනුවෙන් හද ගැහෙනා
මේ ගගන දෙරණ දිය බලන බලන තැන සාමය ඔබ නිසා පවතින,
දිනෙන් දින එන හැම විපතක් අවසාන් මගනොහැරිය ඔබටයි මේ උත්තමචාරය

අත් දෙක උස්සලා අපි කරමු ආචාර
ඔබයි අපිව රැක ගත්ත ත්‍රිවිධ හමුදාව
යුද්ධ ලෙඩ අපදාවන් ආපු හැමදාම
අහසෙ මුහුදෙ පොලොවේ ඉදන් වඩින එකම දේවතාව
පෙරට ආව කොරෝනා මාරයාව පරදවන්න
අපි වෙනුවෙන් පැමිණ අදත් ඉන්නේ ත්‍රිවිධ හමුදාව
සමා අයදිමි සමහර මිනිසුන්ගේ කල් ක්‍රියාව
නිසයි හැදුන ලෙඩේ ඔබට පතමි සුව බුදුසමිඳු ගාව.

නිල ඇඳුමට පෙනෙන රළු බව
දන්නවා සිනිඳුයි ඔබගේ සිත තව
වැස්සට තෙමී අව්වට වේළී ඔබ කරන මෙහෙවර උසස් බව
රජකම හිමි ඔබට නැති උනත් ඔටුනු
රකිනු ඇත අපව වාගේ රජවරු
නැති වුණත් සිංහාසන ලොකු රජ මැදුරු
අප හද මැදුරේ රජ ඔබයි නිරතුරු

සමහරු කීවා උඹ නැහැලු 8 වෙලා සමත්
අපි නම් දැක්කෙ දුකක් උහුලන රත්තරන් හදක්
රැකගන්න හැකි වෙයිද උඹ නැතිනම් රටක්
නෑනෙ බයක් හිතෙ සැකක් නැගිටින්නෙ අපි හෙටත්
ඒ උඹ නිසයි..,
විරුවනි ආදරෙ උඹලට අපි ඒ නිසයි,
ඔව් ඒ නිසයි..
මෙන්න ආචාරය හිස නමා.,
ගයමි ගුණ වනා,
හෙල දෙරන හැමදාමත් උඹලට ණයයි !

තනි කර ඔබ ලෙයින් උපන් දරු මවුපියන් ඔබගේ
සිය දහසක් දූදරුවන් රකින්නේ ලක්බිමේ
දිවි පුදලා ලේ හෙලලා රැකගත්තේ ලක්මැනී
වීර පුතුන් ඔබයි අපේ

රට වෙනුවෙන් පෑ ඒ ප්‍රාතිහාර
ලේ පුරා දුවන ජාතික ආලය
දේශය සාමය පින් බිම රැකදුන්
දෙවියන් ඔබමය මා දුටු මිහිතල මත
උඩු ගුවනද මහ සයුරෙද අප වට කර මුරකාවල් බැද
රැකගත් නොබිදෙන සෙනෙහස ඔබමයි
අපි වෙනුවෙන් අපි කියමින් දිවිදුන් ම්‍රැදු මිනිසා ඔබමයි

රට රකින දෙවිවරුවෙ අවි ගත්ත
නිදහස කැප කර රටෙ නිදහසට යුද්ධ
හෙල මව්නි පුත්‍ර, අභිමනින් යුක්ත
පෙරට යන්නෙම මොන විපතක් උනත් ප්‍රශ්ණ
ජාති භේද නැති සොහොයුරෙක් ඔබ පියෙක්
‍යුධ,ගුවන්,නාවික ශක්තිමත් සිව් කොනෙන්
අණ රකිනවා ඔබෙ අප සැක නැත බියෙන්
ආචාරය දෙන්නෙ මම මගෙ මුලු හිතෙන්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

The Cypher 2013 by Drill Team ft. Born Lord, D Minor, Minol, Ashan, ChrishViX, SkAty, Kalu Malli, DogLoco & Raptor Ex [2013]

ආවා බොස්
රැප් අප්පච්චියේ
ඇයි මගේ හොස්ස ලගින්
මැස්සෙක් යන්න බැරි
තරමට යන්නේ තරහව
ඇති වෙලා නාඩගම් මට දැකලාම
මාර බීට්ස් මේ රැප් ට්‍රික්ස් දා කා ට්‍රික්ස්
ඩ්‍රිල් ටීම් රැප් ෆුරියස් 6
රෙක්ස් ප්ලීස් කියා දෙන්න මුන්ට
බේසික්ස්
කතා නායක රැප් සීන් එකෙ මානසික්
කුරිරුයි වගේ නට්සි මං
නකදී පුසී උඹ හැප්පුනොත් නං
ලැම්බොගිනි මාසිලාගෝ මං
හරම වැරම රැප් ජනපති මං
හෙල රැප් සීන්
රූ විල සයිල
ආරම්ඹයයි මේ නම රැප් සයිෆර්

දැවෙන දිවෙන ලෝකේ
තරග මැද ඩ්‍රිල් ටීම් අපි නොසැලී ඉන්නේ
රැප් බැමි අපි බින්දේ
ගෙන ආවේ පාවී ශුද්ද හෙල රැප් සංගීතේ
මේවා HIP / HOP ඇග පුරා පැතිරෙයි
දරුණු HIV කලු මල්ලී මේක හෙල එක ට්‍රැක්
ඇසට කදුලු අද වෙලා එල එල

ඒලෙවල් කාලේ
ඉගෙන ගනින් නැත්නම් ඉන්න වෙන්නෙ පාරේ
වෙස්ට්නාහිර මේක නවතම ආරේ
ගම් නගර අතර ලංකාවේ
සයිෆර් රැප් සටනේ
මං පොඩි තුවක්කුව
100% ක් ලාංකික
රැප් අරක්කු
විහිලු මැදින් අහගනින් මේක අනිව කිව යුත්
රැප් පාර්ලිමේන්තුව

මගෙ අම්මා ආටිස්ට්
එයා චිත්‍ර ඇන්දා
තාත්තා දවසෙම පුටුවේ
ඒ හින්දාම මමත් ඉස්කෝලේ
හිතේ හීන ඇන්දා
මෙතන ඉන්නේ ඒ හීන දැකපු හින්දා
ආස මං
ආසම එක නෙවෙයි ඒක
සිංදු විතරයි නේ
මට හිතෙන දේම
මම ගැන දන්නේ උබ කොහොම නේ ද
පලවෙනි රැප ලිව්වේ
ඕලෙවල් පොතේම
මිනෝල් මම ඉපදුනේ ජාපුර
තලවතුගොඩ වෙයි මගේ ගෙදර
නිමා උන
ඕනෙ එකෙක් ඉන්නේ සතුරන් නෑ මට
පාට පාට ජාති පිරුන ලෝකෙ අද පැවරුම
කදුනේ වදන්නේ පදම අත ඇරලා නෑ අද
ලදුන්ගේ තන දැක ගැයුවේ නෑ ගීත
පොලිස් සක්කිලි ජීවිතේ දැකලා නෑ ප්‍රිය
මිනෝල් වෙස්ට්නාහිර

වැට කෙටී
පදවැල් මේ වැනි
දුකින් පිරි සිහින නෑ මගේ ලොවේ පිරී
ජීවිතේ නොනැවතී මනුලොව රිසිසේ
මුලාවුනු පෙදෙසෙ දිවි ගෙවෙයි මෙලෙසේ
ඉරණම අතරැදි
අන්තිම කැමැත්ත
මුහුදු රැලි මැද මම
සිහින කනත්ත
අගක් මුලක් නැති සිතිජ ඉමේ
ලොවක් හොයමි නෑ හිතේ ශෝකේ

රැප් වාදෙක තෙරපුනා
උපුටාගෙන
සාර්ථක වාර්තක
අරමුණු හිතේ දරාගෙන
කරමින් ප්‍රබල විචාරේ සමගින් 62992
ඉදිරි පෙල ගැටුමට
අතැති බලා වනා රැප් පිටු
අවවාදය මන්තර පැදිපෙල
දහ අට දන ප්‍රේක්ශකයන් හට පමණයි
විදුලි වේගය හරබර ගමන් ඉහල
යථාබෝද වෙන්නට මේවා phd වත වර්ෂායි
විනිවිද විවිද දරුණු කරුණු කිමිද රැප් මරු
නොනිද රැප් මැරු පවසනු ඇසෙනු බිහිසුනු
නොවේ සන්ණක වදන්
සරුමන් පොතෙන් ගත්තා යේහ්
මේක ඩ්‍රිලා කැප්ටන් ජැක් ස්පැරෝ
වෙස්ට්නාහිර නිජබිම
ඩිරැප් ඉඩකඩ නැත්තෝ
අවසර සොයන් ආරයෙන්
මැදුරට් පිවිසෙන්න ඒන්ජල්
නර්තන හරයෙන් පිරිපුන නර්ථන හරයෙන් මෙන් බොයි

අංක 1 හිප් හොප් ගම මොරටුව
වෙස්ට්නාහිර සගයන් පෙරටුව
ස්කේටි රැප් මොරටුව නැව ආහ්
එන්න සකි බලන් දිලිසෙන්නෙ වගේ වන්
රැප් සිරිමත් විදිමත් හරවත්
තාලය නාදය හරය මුල් කරගත්
ගමනේ ආරම්භය මෙය නැනවත්
වාසිදිසි ඇසිදිසි මේ හරවත්
උතුරු දකුණු නැගෙනහිරද වෙස්ට්නාහිර
එක කොඩියක් යට දිලිසෙන්නා
මොරටුවේ නම මම ගෙනියන්නා
ගැරැෆිටි ලෝකයේ රජා මම වෙන්නා
නැහැකතා පස්සේ
psd අපේ පස්සේ
ස්ප්‍රේ ගෑස් මාකර් පෙන්
මගේ ආයුද වේ
බහින්නේ පාරට 12න් පස්සෙ
කරන්නේ විනාස වෝල් එකෙ ස්කේට්

ආචාරය දන නමා වෙස්ට්නා
දෙපතුල දක්වා සිරසෙන්ම බස්නා
දෙන්නං අතහිත මහ ගිරිදබේ නග්නා
ලැම්බොගිනි නැති හිතවතා අපේ වටිනා
කැලේට කොලේට මුහුවෙච්ච ගැස්මට
හෙමිහිට හෙමිහිට ඇද්දම
සිරාවට උඹලට ඇඩෙනවා පේනවා මට
මොණරු රටටද හැදුවේ අවරගිර සිතියම
මුල අග රස නීරස බස මගේ රස වැඩ් මාත්‍රාවට
කරවයි වස පත කට අත එකට සිද වදන් සාදා
කාලා බලා කියමු
මේවා මොන රහදා
රක්ත වර්ණ ඈස් රැස් සරවා පෙන්වා
දැක ලැදිකම දුක කම පෑවා උඹේ මදිකම
පටන් ගත්තේ අඩියෙන්
කියලා ඇති උඹලට
කලුමල්ලී රැප් කරන්නෙ හිතේ ගැම්මට

වචන වචනමයි හදේ ටෝක් නෑ
සිරා අපි ගාවා ඩ්‍රාමා රෝල් නෑ
අතේ සතේ නැති කාලෙ හිතෙ
දුක සැප බෙදාගන්න හිටි මාර යාළුවෝ
මොණර පිල් විදහා මගෙ වටේ
සැප බෙදාගන්න එන මේ මාළුවෝ
බොර දියේ වගේ වැහි දියේ
මගේ යාළුකම නෑ මිය ගියේ
මොකටද බං මේ බොරු ලොකු කම්
නැව ගිලුනත් ජීවිතේ ජොලියෙන්
වැලේ ගෙඩි වැලට මචං බර නෑනේ
යාළුවෝ හිටියා ඒත් වැඩිනෑ
මේ හතුරො මිතුරු කරගත්තා මේ
මිතුරෝ හතුරෝ කරගන්නෑ මං
එකට ඉන්නකන් ලලයි ලිලයි
ඊට පස්සේ බං බලයි පිටින්

මුහුද වටෙන් ගොඩබිමයි
වෙස්ට්නාහිරය නිවසට සමයි
අහගන්න පාඩම ලමයි
රැප් දොස්තර නමයි
හොද හිත තමයි
අද දින මංජුල පීරිස් අනාවැකි
දරුවෙකි ලොව ජය ගන්න තරුවෙකි
කිවහැකි කාටත් වැලැක්විය නොහැකිලු
ලෝකෙට ඕනෙ වෙනස හඩගා කිව් කොලුවෙකි
දාපන් ඔය නපුරු වපර බැල්ම
මැඩලන ජාති වාදි සැර වැල්ල
අපේ වචන නෑනේ අපිටත් මෙල්ල
කියන දේ මූණට කැපුවත් බෙල්ල
යුද්දේ නැති පාළුව දැනෙනවා මටත්
කට කියෙව්වට කවදත් හැදෙන්නැති රටක්
බෝන් ප්ලීස් මුන් අහලා නෑ මෙහම වදන්
රියලිටි දුකක් වෙද්දී
ෆැන්ටසිය සැපක්

මේක වික්‍රමරත්න සමාගම
රැප්නම් ඉතින් අද අනාතම
රාගම ජාඇල මචං තිස්සමහාරාම
නුවර නුවරඑළි උතුරු වගේම මන්නාරම
දකුණු යාපනේ ඕනෙ තැනක
ඩ්‍රිල් ටීම් රටක් ලෝකයක් එක්කරන
පාවෙන නෑවෙන සමගින් සමානෙම
පෙරලියයි මේ ඉතිහාසයේ මානව
බෝයි

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

විනිවිද | Vinivida by Wild Skatey ft Lucky Lakmina, Nick Leoz, 007 & Pavithra [2020]

වටම වෙලා දැන් ගිනියම්
ලෝකෙම බලන්න හිටියත්
කොටියා මරපු සිංහයන්ට
ඇයි දැන් දඩුවම්
අපේ නැ සුද්ද
කරවයි සුද්ද
තියවයි උන්ඩ
කිව්වේ මුන්ද
අපිට බුද්ධ සාමේ සුන් ද
පිපුරුවා පාර මැද වන්ඩ්
චෙක් කරා ගෙවල් ගම් හන්දි
මිනිස්සු ගෙවයි පව් වන්දි
රටේ ලොකුම එක බෙදන් කද්දී
ඇතිවෙලා මට මේ සිද්දී
නරුම මිනිස්සූ යයි පස් වී
මුර දේවතා එලි එක්වී
හරි සිංහයෝ යලි නැගිටී

උඹලට නම් ගොඩ ගන්න බෑ
අපේ සිංහයෝ එහෙම නම් කිව්වේ නෑ
නායකයොත් මුකුත් දන්නේ නෑ
මගේ රට නම් විහිලුවක් වෙන්න බෑ
දැන් ඇති ඇති
ඕනේ නෑ රටට වෙනම පැති
අරන් බලාගන්න ජාතික කොඩි
එක හෙල පාට ලොවට ඇති
මේක මගේ රට මටනම් වටී
දැන් කතාවල් හතර වටින්
දේශපාලුවෝ වැඩ බං කටින්
ගහලා වටෙන්
යනවා රටෙන්
මිනිසට සාමය ඕනේ දැන්
නිදහස ආගම් භේදය දැන්
වෙනස්වෙන්න කාලය හරි අපි දැන්
ලියමුද කතාව අලුතින් දැන්

එකලේ පැහැයෙන් නැහැ වූ ඒ
ආත්ම ඇහැරෙයි මුලා වී
නිදනා නාදුනනා නෙත්
සම්මතයන් හැර යාවී
විනිවිද පෙනෙනා රැවටිලි
මිහිදන් කර දමාවී
කියාවී සිනාසී
නව යුගයක ඇරබුම කියාවී

පුරුදු නෑ මගේ කනට විලාප
අවුරුදු දහයක් දුන්නේ විරාම
මෙන්න විපාක
තේරුනාද මේ සිද්දියේ රටාව
පාරට වැටුනද තාර
උඩ තැන්වල උබලා මාර
ගත්තෙම තීන්දු බාල
චන්දේ නම් ඉල්ලයි
ඊලග පාර
අලු යට ගිනි
මුන්ට නොතේරෙන හැටි
රටේ ඉදන් අරී
මුන් ඇස් ඇරන් නිදි
තීන්දු තීරන ගත්තනම් හරි
මෙච්චර විදවන්නෑ බං
හිස් උන මොල මත පටවල ආගම
ලස්සන හදවත් කලා රත්
නහර වල හැමගේ දුවන්නේ රතු ලේ
ආගම ජාතිය ලේබල් කල දේ
මරා ගන්නේ බෙදාගන්නේ
බෝම්බ ගහලද බෙදාගන්නේ
තිරිසන් වෙලා මිනිස්සු
පටු අදහස් නිසා වෙනස් වූ
නීතියටත් උන් හරස් වූ
භීතිය ජයගත් රටක් ලූ
කන්න නෑ එදා වේල
සමහරි විදිනවා උන් කල දේට
මියගිය මිනිස්සු ගාන
ඇඩෙව්වා මුලු රටේම ජන කාය
නෑ දැන් මේ රටේ සාමේ
උන්ටත් ඒකයි ඕනේ
ලස්සන මෙ ලංකාවේ
නොබෙදී ඉන්නයි ඕනේ

රට සද්දයි
ඇහේ වටේම විලාප
හිතන්න වෙලාවක් නෑ
මගේ හිත රිද්දයි
මේ විනාසේ දැකලා
ලංකාව නම් තිත්තයි
අන්තවාදී වයිරස් අදහස්
ජාති වාද එපා රටේ නිදහස්
වෙන්න ඉන්නයි ඕන
ඇවිදින්න ඕනේ
මේක අපේ රට වෙන්න නිදහස්

පබයෝ කද්දී රට ගැන මොන
කතාද
දැනගෙනයි යැව්වේ අපි උඩටම
කන සතාව
කවුද වැරදි අපිද
දන්නේ නෑ කිව්වම හරිද
අහින්සක මිනිස්සු පලිද
ලොකු පුටු වල ඉන්නේ නරි ද
වින්ද වේදනාව මදිද කාලයක් තිස්සේ
ඉදලම අපි ගෙවල් අස්සේ
ඉදලම බයේ ගැහිලම දැන්
මතක නැත්තේ ඇයි
කවුද ආවේ කියල
පස්සේ ගෙදරට එනකල් සිහිය නැත්තේ
අහින්සක ජීවිත වලින් බිල්ල ගත්තේ
නොපෙනෙන දෙවියන් හැමදාම වැන්දේ
පින් සිද්ද වෙන හමුදාව බැස්සේ එදා
මරාගෙන මැරෙන්න තම ජීවිත
නැති කරන්න හිත දෙන්නේ කොහොම තව
ලේ හලන්න තව
පව් කරන්න තව
මිනිමරන්න තව
පලිය ගන්න

දේව බැල්ම තියන රටක ඉරණම
දෙවියනි අද භාරගන්න
ඇති හොදටම නැති උනා තව ජීවිත
බෑ බෑ මට වාවගන්න

එකලේ පැහැයෙන් නැහැ වූ ඒ
ආත්ම ඇහැරෙයි මුලා වී
නිදනා නාදුනනා නෙත්
සම්මතයන් හැර යාවී
විනිවිද පෙනෙනා රැවටිලි
මිහිදන් කර දමාවී
කියාවී සිනාසී
නව යුගයක ඇරබුම කියාවී

දාන්ව හීන තවම අපි වතුරේ
තෙත් වෙනවා ඇඩූ කදුලෙන්
මිනිසා සතුරු කැලබුනු පල්ලි ඇතුලෙන්
කැලබුනු රටක්ම ඉන්නේ අදුරේ
ගිනි අවි අදුරු සිතුවිලි දැන් පිටරටින්
දනපති කුකහ රැල්ල ඇවිත් මිනිමරු සල්ලාල
ජඩයින්ට මල් මාල
පල් හෑලී පොඩි මිනිහටයි තාම
අපි වැරදි උබලා හරි හැමදාම
ස්වර්ගෙට යන්න මේකද බං පාර
වැරදුනේ උබටද මටද
උඩ දෙවියෝ රැල්ලට
නැවතුනු තැනම නැවතිලා
මං අදුරේම සිටි හැටි දුටුවම
කම්පාකල මට උඩ සිට රස කදුලු මිස
උඹ දෙස මගේ ඇස ලග
මගේ දුර බලපන්ඩෝ
නුඹ දැන් කතාවෙන් රටාවෙන් මනින්න බෑ
කතාවෙන් ඇදෙන්නෙ හොයන්න බෑ
දැන් අගාදෙන් ගොඩ ඇද්දේ සෙබලු ඈ
වැදුනට අහකට මැදදී තෙපලු
අපි හෙලයෝ එකට බැදුනු
වැටිල වැටිලා බිදිලා තැලුනු
හිටිය පොඩ්ඩක් වැඩි මේ සටන
ඇරපං සිංහයෝ නිදන
ඇතිවෙලා මට දැකලා අකාලේ මැරෙන
ජීවිත අඩන පිරිස
ඕනෙ නෑ මිනිස්සු
ඔලුවෙන් හිතන
සමරන්න ඕනේ හුස්මේ ගිනි අලු පිඹින
රටක් ඕනේ උන්දැල නැගිටපන්
මේක මගේ රට රකිමු බං

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

Ex ta liyumak Exට ලියුමක් by Wild Skatey ft. Bee [2020]

දින ගෙවුනා තනියම හිත් වල
මට ඕන උනෙ ඉන්නද පැත්තක
නැහැ ඇත්තට ඕනෙ මට Chill
ඔයා තව ප්‍රශ්ණද? මම Rap කරෙ ඇත්තට
ඔයා මගෙ ලග ඉද්දි මම සිප ගද්දි ඇති උනා සිද්දි
දැන් දුර ඉද්දි මතකෙට එද්දි
හිත් වෙලා බිත්ති කොහොමද ඉද්දි
තේරෙන්නෑ නෙද හිතේ වේදනා
අරමුණු දෙකක් මැද අපේ චේතනා
ගත්තෙ කෙලින් තීරණ වැරදි වේද මා
අහඹුවක් උන ආදරය නේද මා
කැමැත්තෙන්ද අපි දුරින් ඉන්නෙ
හදවත් ඇයි අපි තැව්වෙ ගින්නෙ
අපි කෙටි කාලයයි සුවය වින්දෙ
දැන් ලෝකයා අපි දිහා බලන් ඉන්නෙ
දුක් වෙල ඉන්න එපා ඉද්දි තනියම
ලියුමක් ලිව්වා මං අද කවියක
ඔයා ගැන විස්තර නැහැ හරියට
හෙව්වොත් ආයෙ ඔයා එයි වලියට
මගෙ lifestyle එක කිව්වා එපා
මගෙ ලග ඉද්දි ඔය music එපා
යාලුවො ඉද්දි මට calls නම් එපා
ඔයාව අන්තිමෙ මං කිව්වා එපා
ආදරෙ අන්දයි මං දන්නවා
අපගෙ හිත් පිලිගන්නවා
වැටුනොත් වලට ආදරෙන් නැගිටින එක අමාරුයි දන්නවා
සතුටින් ඉන්නෙ මා දුකෙදි හිනා වෙනා
උනොතින් වැරැද්දක් ආදරෙ අදුරුයි කරපු හැමෝම දන්නවා

හොයනවා උත්තර දැන්
හීනෙක පාවෙලා මං
ගැලපුනෙ නෑ හදවත්
අපි දෙන්නගෙ වෙනස් උනා හැම අදහස්
දැන්නම් මං මගෙම ලෝකෙක
හරි මං ඉන්නෙ දැන් රෝගෙක
තවත් නම් ආදරෙ ඕනෙද?
ජීවිතෙ අරුත ඒකද?
පැතුවෙ ඒකද? ඔයටත් ඕනෙ දැන් ඒකද?
හදවත් රිදුම් දැන් දේවිද?
හිතුවෙ ආයෙත් මං ඒවිද?
ඔයාගෙ වේවිද ? ආදරෙ දේවිද?
මතකද හැදුවා මාලිගා – ඇඩුවා මා නිසා
දවසක බලාගෙන මා දිහා – ඉදි මං නෑ කියා
වැඩක් නැහැ දුක් වෙලා
අහිංසකයි නෙද හිනා වෙද්දි
අපි දෙන්නා ලග උනා ගොඩක් සිද්දි
පැටලුන දේවල් ගැන හිනත් යද්දි
දැන් නෑ ඒ කිසි දෙයක් මතක් වෙද්දි
මතක් කරන්න ඕනෙ ඔයා number one
මම ඉන්න ලෝකය වෙනස් මාර fun
අපෙ ලෝක දෙක දම්වැලෙන් අද්දෙ මං
ආදරෙ සමාන දුකටද රන්
මම වගෙ අය නැහැ ඇති වෙනකන්
කිසි දෙයක් වටින්නැහැ නැති වෙනකන්
හැමදෙයක් නැති උනත් අද මට දැන්
මම කැප කරා හැමදෙම ඇති වෙනකන්
ඔලුවට ප්‍රශ්න එද්දි බැහැ කවි ලීම
අවුරුදු කීයක් මැව්වද හීන
ටික දුරයි තව මදි ඕනෙ මගෙ ගීත
ආදරෙන් මතක් කරා wild skatey මීට