මේ රූ | Me Roo by Ayeshmantha ft. OOSeven, DKM & Wild Skatey [2021]

Sinhala song lyrics with music notes illustration

හේ කව්ද මේ මගේ හිත බැඳුනේ
දැක පලමු දිනේ හීයක් හිතේ වැදුනේ
වෙලාවක් ද තිබුනේ නොදැනීම ඇඳුනේ
හිතේ මොකද මං මේ කලබලේ
හිනාවයි කතාවයි ආසාවයි බලන්න හුරතලේ
ගමනයි ලතාවයි පිනවයි ආසාව ඇති කලේ
හිතුනා ලෝකය සොඳුරුද මෙතරම්
වාසනාව පලදෙනවද මට කෙතරම්
ඉරනම් විසඳේවි කතාවේ
හැමදේම හොඳින් වේවි ඊළඟ වතාවේ
අපි තනි වෙලා ඉන්නේ මාලිගාවේ
අගරැජින ඔයයි මම කැමති සිනාවේ

ඒ බැල්ම වගේ ගිනි කන්ද මැද
මම ඇවිලෙන සුලු සිත මගේ වහා
ඇතිකලා මට ඇල්ම බලනවා මං
තිත්තද ඇඹුලද මේකේ පැණි රහා
වෙනස කලු සුදු ගලපුම අපි ඒ
ඇස් දැක මාව ලෝකේ යන්නේ වැනසී
ගැලවීමක් නොමැතී
රෝසමලේ දැවටී රෝසකැලේ කුමරී
කොහෙද යන්නේ සවාරී
ඔයා වසඟ කලේ මගේ බිඳුනු හිත
රඟ මඩලක තනි වෙමු නටන විට
ඔයා රඟන විට නැටුමට අධිපති දෙවඟන
මගේ ඇස් ඉදිරිපිට

මේ රූ මල් පෙත්තේ තොල් සාරූ
තවරා ලා මන්දාරම් සයනේ
මල් හිස් වන්නේ ලා මායාවී
නොපෙනී යයි අවකාශේ
මේ රූ මල් පෙත්තේ තොල් සාරූ

තව නෑ රූ මල් පෙත්තේ තොල් සාරූ
ඔයා ළඟ ඉද්දී නෑ දැනුනේ නම් පාලූ
මම වැඩ නිසා මං එන්නෙම රෑලූ
අපි දෙන්නා කර දේවල් කවුරුත් කරේ නෑලූ
අපි පාවෙයි හීනයේ හඳ වගේ පෑයුව
දවස මතකයි ඒ
සිපගත්තේ තොල් දෙකෙන්
නැවතුනා හිත හැමදේම තත්පරෙන්
සුරංගනාවියක් එක්ක මං හීන මැව්වා
අපි දුරයි හදවතෙන් ඒත් මං වින්දා
ඔයත් එක්ක හින්දා ඔයා ඉන්නේ කලබලෙන්

ඔයා දන්නවා හිත ඇවිලීම
වෙලාවට බලනවා ඔයා පැමිණීම
Phone එකේ Calls නෑ මට ඇමතීම
දන්නැහැ මොකක්ද මේ හමුවීම
අපි දෙන්නට පුරුදුම ඉගිලීම
බොඳවෙලා ගියා දැන් ඒ හැමදේම
කැමතිම නැහැ නේද ඔයා නැවතීම
මගේ හිත අවනීත
දෙව්ලියෝ ළඟ ඔයා තමා සුපිරීම
හිත් පිනවීම මා පිනවීම
අද මගේ ඔයා තහනම් පිටවීම

මේ රූ මල් පෙත්තේ තොල් සාරූ
තවරාලා මන්දාරම් සයනේ
මල් හිස් වන්නේ ලා මායාවී
නොපෙනී යයි අවකාශේ
මේ රූ මල් පෙත්තේ තොල් සාරූ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply