ආරාධනා | Aradhana by DADDY [2014]

Sinhala song lyrics with music notes illustration

ආරාධනා දෑසින් කියනා
නොපෙනෙන දුර ඈතක මා තනිවම උන්නා
සංවේදනා ගීයක තවරා
කාටත් නෑසෙන ලෙස මා තනිවම වින්දා
දැන් රන් පැහැ ගැන්වූ තොල්
ප්‍රේමාදරයෙන් මත් වී දැවුණා

නෑසී ඇසෙනා ඒ
ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ
මේ ආදරේ
වෑහී දිලෙනා ඒ
තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ
පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ
මේ ජීවිතේ

සන්තාපයේ ගිගුරුම් හැලෙනා
සන්සුන් නොවනා සිත මගෙ ආදරෙ හෙව්වා
සංග්‍රාමයෙන් අවසන් නොවනා
ආදර ගීයක් කියනා ලෙස මට කිව්වා
දැන් විසඳුම් නොවෙනා පෙම් දහසක් තිබුණා
මේ ජීවිතයේ

නෑසී ඇසෙනා ඒ
ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ
මේ ආදරේ
වෑහී දිලෙනා ඒ
තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ
පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ
මේ ජීවිතේ

හැලෙනා හඬනා වැස්සේ තෙමිලා මා
දැනිලා රිදිලා රිසිසේ තැවුණා මා
තැවුණා මා

නෑසී ඇසෙනා ඒ
ඔබමයි ඒ ගීත රාව අමතක කෙ‍රුවේ
සිතුවිල්ලේ ඇයිද සිහින නොමරා මැරුවේ
මේ ආදරේ
වෑහී දිලෙනා ඒ
තවමත් ඒ දැනූ සිහින සුවඳයි මිහිරේ
පෙරදා සේ ප්‍රේම ගීත කිව හැක සොඳුරේ
මේ ජීවිතේ

written by Manuranga Wijesekara

Song Summary

A deeply emotional love song that blends longing, memory, and unanswered questions, expressed through music, silence, and inner pain.

Song Meaning

The song describes a lonely lover who silently endures emotional pain, expressing feelings through unheard songs and unspoken tears. Love once felt intense and intoxicating, but now exists as memories and fading dreams. The beloved becomes the voice behind the music that both comforts and hurts, making it impossible to forget the past.

The lyrics question why dreams were left to slowly die instead of being saved, and whether love can still be expressed as it once was. Despite heartbreak, the scent of love and its sweetness still linger. The song also reflects love as an ongoing struggle—one without clear solutions—where the heart keeps searching even in emotional storms.

Ultimately, it portrays love as something that never truly ends, only transforms into longing, memory, and quiet endurance within life itself.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply