in Lakshan Galanga, Uncategorized

කාලයේ සිතුවම් | Kaalaye Sithuwam by Lakshan Galanga [2020]

යුගෙන් යුගයට ඇඳුනු පෙම් කවි
සියුම් ලෙස හද ගැබ රැදී
කාලයේ පස් අංශු අතරේ
සිරව ගොස් මුත් නැත මැකී
යනෙන මග නුඹ හැම දකිමි
නෙක උනුන් අත් පටලන් යති
කිරි සුවඳ පිරි මල් කැකුළු
ඒ ලියන් ඇකයෙහි නිදි ගති

නිමේශයකට නතර වූ නෙත
පියවි ලොව වෙත ගෙන එමි
කහ මලුත් ඔච්චම් කරන තනි
හෙවනැල්ල මත සැනහෙමි
සීරුවෙන් හරි හෙමින් පිස ඒ
ඇඳුනු කවි දෑතට ගමි
පැරණි මුත් අද වගෙ අලුත්
මතකයන් විනිවිද හිනැහෙමි

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

banner

Leave a Reply