in Tharindu Damsara, Uncategorized

රෑ | Raa by Tharindu Damsara [2017]

ඈ ඉන්න රෑ මා ඉන්නෙ නෑ
ඈ ඉන්න රෑ මං නෑ
ඈ හැම රෑ පායන්නෙ නෑ
ඈ ඉන්න රෑ මං නෑ

සියොලඟ මල් ගවසලා
ඈ මිහිදුම් පට ඉරා
මා සිහිනෙක සතපවා
ඈ යයි තරු පිරිවරෑ

වළා යහනෙ සැඟවුලා
ඈ මගෙ හද කළඹලා
මා තනිකර දා ලොවේ
සඳ සාවියෙ ඇයි ගියේ

ඈ ඉන්න රෑ මා ඉන්නෙ නෑ
ඈ ඉන්න රෑ මං නෑ
ඈ හැම රෑ පායන්නෙ නෑ
ඈ නැති රැයක් මට නෑ

 

 

banner

Leave a Reply