in Athma Liyanage

ලියතඹරා | Liyathabara by Athma Liyanage

ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිදිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි
නෑ ලෝකේ ජීවේ ඇයයි

මායාව මායාව ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අදුරේ පාවෙනා
විණාවේ තත් අතර මුදු ස්වරේ ඇයමයි
මා හදට රස ගෙනෙන මධුවිත ඇයයි

ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිදිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි
නෑ ලෝකේ ජීවේ ඇයයි
මිරිගුවකි මිරිගුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවේ වැලි කතරේ දිය බිද ඇයයි

ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිදිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි
නෑ ලෝකේ ජීවේ ඇයයි

banner

Leave a Reply