තහනම් සඳ | Thahanam Sanda by Rangana Jayasanka ft. Ayesh Dissanayaka

Sinhala song lyrics with music notes illustration

Poetic Sinhala song blending forbidden love and mythological symbolism.

Song Lyrics

හීලෑ නොවන හිතක
ආලය දුවන විටක
සිහිනය තහනම් සඳ සේමා

සීමා නොවන තැනක
සේනා හැඟුම් නිතර
ඵහෙනම් ප්‍රේමය රස බෝමා

උණුහුම් අසිපත් ගෙන සැනසුම් සිඳලන්නේ කෝමා
කැඳවුම් කල මතකය හැඬවුම් ගෙන දුන්නේ සීතා

බිය නොවනු මා ස්වප්නේ සේයා නෑ රහසින් වත් විඳලා
සුසුමින් තැවරූ සෙනෙහේ සැකයෙන් සඳ නෑ සිර කරලා

ප්‍රාණය ප්‍රේමය අභිමුව සැල කර මුමුණා
කාලය තුල සිත නිවනා ජීවිත අමුණා
මා ලය ලෙය නුඹ වෙනුවෙන් හද එක්තැන් කරනා
මා ලය ලෙය නුඹ වෙනුවෙන් එක්තැන් කරනා

ප්‍රේමය පැරණි නොවන – රාගය අලෙවි නොකල
සිහිනය අඳුර සොයා ලුහුබඳියි – එයින් නැවත
තේජස් අභිසස් මැද – තුන් ලොව සුර කේසර
සිංහාරූඪ නිරිඳ රාවණා තමයි
විමනින් ශකුන නැඟෙන

යටැසින් බලන සිත් බෝමා ඉන් නිවෙනු මම කෝමා
මහිමෙන් යුදගිනි ලුව රුහිරෙන් ඇවිලුව
රාමා අවි අතගෙන හනුමා සමඟ පැමිණි
සීතා රස හැඟුමක නුඹ හට ම අත වනයි
සීතා..
නිල්දිය පොකුණ නිසල නුඹෙන් අහිමි සිහින
ආතුරයි…

බිය නොවනු මා ස්වප්නේ සේයා නෑ රහසින් වත් විඳලා
සුසුමින් තැවරූ සෙනෙහේ සැකයෙන් සඳ නෑ සිර කරලා

ප්‍රාණය ප්‍රේමය අභිමුව සැල කර මුමුණා
කාලය තුල සිත නිවනා ජීවිත අමුණා
මා ලය ලෙය නුඹ වෙනුවෙන් හද එක්තැන් කරනා
මා ලය ලෙය නුඹ වෙනුවෙන් එක්තැන් කරනා..

Song Information


Song Summary

A poetic Sinhala song portraying forbidden love through mythological imagery, emotional struggle, and symbolic devotion.


Song Meaning

“තහනම් සඳ” uses rich poetic language and references to mythology to explore love that exists beyond boundaries.
The forbidden moon symbolizes desire restrained by fear and doubt, while figures like Sita, Rama, and Ravana reflect inner conflict between devotion, sacrifice, and longing. The song suggests love as timeless, resilient, and spiritually consuming, even when constrained by circumstances.


Frequently Asked Questions (FAQ)

Who sang “Thahanam Sanda”?

The song was performed by Rangana Jayasanka, featuring Ayesh Dissanayaka.

When was Thahanam Sanda released?

It was released in 2020.

Who wrote the lyrics of Thahanam Sanda?

The lyrics were written by Jagath Perera.

What is the theme of Thahanam Sanda?

The song focuses on forbidden love, emotional conflict, and mythological symbolism.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply