අපි ආයේ හමු නොවනා | Api Aye Hamu Nowana by Kasun Kalhara [2021]

තරු සොඳුරුයි සඳ වට පිරි ගිම්හානේ
හද අදුරුයි දුක උතුරයි සන්තානේ
ප්‍රාර්ථනා මල් පීදෙයි වස්සානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ

තටු සවි නැති පැටවුන් ඇත කැදැල්ලේ
දමා කොහොම ගියෙ කියපන් කිරිල්ලේ
ගෝර වන සපුන් බෝමයි නිදැල්ලේ
මං විතරයි දෙදෙනා සිටි සදැල්ලේ..

තුඩෙන් තුඩ කැවූ සතුටින් ඉපිල්ලී
මතක රාමු සී සීකඩ ඉගිල්ලී
නුඹට බැදුනු සිත තාමත් නොසෙල්ලී
කොතැන කියන් ගිනියම් ගිනි කිරිල්ලී..

තරු සොඳුරුයි සඳ වට පිරි ගිම්හානේ
හද අදුරුයි දුක උතුරයි සන්තානේ
ප්‍රාර්ථනා මල් පීදෙයි වස්සානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ…

Leave a Reply