සුළඟ ඔබද | Sulanga Obada by Kasun Kalhara

Sinhala song lyrics with music notes illustration

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද…
තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕ‍නැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද…

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද…
තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕ‍නැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද…

ලැජ්ජාවට දෝ…අහක බලන්නේ
හුරතලයට දෝ මුහුණ වහන්නේ
තරහ වෙලාදෝ…හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ..

සැනසීමටදෝ…ඈත බලන්නේ
ආදරයට දෝ මට රිදවන්නේ…
කවුරු නිසා‍දෝ…ඔබ ලතැවෙන්නේ
යලි ‍කවදා දෝ අපි හමුවන්නේ

තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුක මටද මගේ දුක විදගන්න දෙනවද…

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply