පිය සටහන් මැකී නොමැත තව
මා ආ දිගු ගමනේ
මගේම පියවර මත පිය නගමින්
ඔබ එනු දුටුවෙමි මා ලුහු බඳිමින්
පිය සටහන් මැකී නොමැත තව
ගිරි ශිඛර මුදුන් වල
වන ලැහැබේ අතු අඟ
දෝංකාර දුන් එදා ගැයූ ගී
මා ඔබ හට ගැයූ ගී
ඇසේද තවමත්
ඇළේ දොලේ ගලනා ගීයේ
පිය සටහන් මැකී නොමැත තව
රළු බොරළු ගමන් මග
වැලි තලා වැනිය හද
හැරී බලමි මම ඔබේ ඇසින්
ඔබ නුදුටු ඇසින්
නොඒද මතුවට
ඔබත් මමත් හමුවන දවසක්
පිය සටහන් මැකී නොමැත තව